තමාට එරෙහිව තිබෙන පැමිණිල්ලට අදාල පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද අල්ලස් කොමිසමට ගොස් තිබෙනවා. එතුමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ පසුගිය ආණ්ඩු සමයේ ඉදිකරන ලද මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව කියමින්.
දුම්රිය සේවාවේ සියලු වෘත්තීය සංගම් හෙට මාධ්‍යම රාත්‍රියේ සිට 11 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජනයක නිරතවන වීමට තීරණය කර තිබෙනවා. දුම්රිය පාලක වරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ දුම්රිය සේවාවේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අනුමත වූ කැබිනට් පත්‍රිකාව මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවන බවයි.
ප්‍රවීණ ස0ගීතවේදී එච්.එම්.ජයවර්ධන මහතා අද (08) අභාවප්‍රාප්ත වුණා. ඒ කළුබෝවිල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටයි. මිය යන විට එතුමා 69 වන වියේ පසු වුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර ජායිපූර්හිදී ඊයේ (7 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය. කාසියේ වාසිය ලැබූ කොල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී […]
කොස්ගම පොලිසියේ නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ කොස්ගම පොලිස් ස්ථායේ රඳවා සිටියදි සැකකරුවන් දෙදෙනෙකු සිරමැදියෙන් පලා යාමේ සිදුවීම හේතුවෙන්. එම අවස්ථාවේ උපසේවක රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ හා කාර්ය භාර නිළධාරී ලෙෂ කටයුතු කල පොලිස් සැරයන්වරයා මෙලෙස වැඩ තහනමට ලක්ව තිබෙනවා. හෙරොයින් මිලිග්‍රෑම් 1 050ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 1 020ක් සන්තකයේ තබාගෙන සිටි […]
කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව සියලූ දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්-කුරාණය එළිදැක්වීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින්. රටේ ජාතික සම`ගිය සහ සංහිදියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙළේ දී […]
මැතිවරණ කොමෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය යොමු කර ඇත්තේ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස ඉල්ලමින්. පලාත් සභා මැතිවරණය ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ සීමා නිර්ණ ඇගයීම් කමිටුවේ වාර්තා පමා වීමයි. සීමා නිර්ණ වාර්තාව නොමැති විට දී […]
හෙට සිට දිවයින පුරා එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සදහන් කලේ රජය විසින් ගෙන ඒමට නියමිත නව රථ වාහන දඩ මුදලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි. නව සංශෝධන අණ පනත් හේතුවෙන් බස් රථ රියදුරන් හා සේවකයින් දැඩි අසරණ තත්ත්වයකට […]
ඉරාජ් වීරරත්න කියන්නෙ කාලින් කාලෙට හැමෝගෙම කතා බහට ලක්වෙන ජාතියේ මියුසික් වීඩියෝ කරන කෙනෙක්. ලඟකදි කරලියට ආපු ඉරාජ්ගෙ අලුත්ම මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් පෙරටත් වඩා කතා බහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පෞද්ගලික මඩ ගැසීම් වෙනුවෙන් මේ වීඩියෝව භාවිතා කරා කියන චෝදනාව යටතේ. ඒ කොහොම වුණත් ඉරාජ්ගෙ මේ අලුත් මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය නවීන් දිසානයක මහතා තම […]
උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ලබන 18 වන දින දක්වා මෙම සේවාව ක්‍රියාත්මක බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ. ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 1 487 ක් යොදවා තිබෙනවා. කොළඹ, හැටන්, මහනුවර, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශ වලට වැඩි බස්රථ ප්‍රමාණයක් යෙදවීමට නියමිතයි. […]
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු පුද්ගලයින් දෙදෙනාගෙන් දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොල කාර්යාල නිළධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ එම පුද්ගලයින් අද […]
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ. මෙයින් උප දුම්රිය ස්ථාන වන්නේ පිලදූව සහ වෙහෙරහේන වේ. සෙසු දුම්රිය ස්ථාන ප්‍රධාන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 කි. දෙවැනි පන්තිය රුපියල් 70කි. තුන්වැනි පන්තිය 35කි.