ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබා දෙමින් ධිවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ලංකා ඉතිහාසයේ ධිවර කර්මාන්තයේ අදුරුම කාලය අවසන් කර දේශීය ධිවර කර්මාන්තයේ ස්වර්ණමය යුගය කරා […]
මෙතෙක් අත්අඩංගුවට ගත් සියළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලබන අපේ‍්‍රල් මස පළමු වනදා විනිසුරුවන් සහ පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදී විනාශ කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා භාවිත කරන අධි තාක්ෂණික උපකරණ දිවයිනට ගෙනඒම සදහා මේ වනවිට මිළ ගණන් කැදවා ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ. එම උපකරණ මාස කිහිපයකින් […]
නවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවට සමගාමීව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, පාගමන ඉදිරියට යෑම වැළැක්වීමට ලෝටර් […]
මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය. ඒ මහතා මෙම අදහස් පළකලේ, අද (06) පෙරවරුවේ කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “අප රටේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් […]
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (06) දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙහි ඉතා ආකර්ෂණීය යෝජනා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. සිය නිළ ට්විටර් ගිනුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා තිබෙනවා. කෙසේ වෙතත් තවත් මාස 6කට ආසන්න ආයු කාලයක් ඇති වත්මන් රජය මෙම යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්ණ […]
පරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරි මාස දෙක පුරා ශරීරයේ උණුසුම් තත්ත්වය යම් මට්ටමකින් ඉහළ යා හැකි බවත්,අධික රස්නයක් දැනෙන අවස්ථාවලදී එළිමහනේ ගමන් කිරීමේදී යම් සැලකිල්ලක් දැක්වියයුතු බවත් එම […]
ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දී ඇති මරණ දඩුවම අභියෝගයට ලක් කරමින් ඔහු ගොනු කළ අභියාචන පෙත්සම හෙට (07) වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඉදිරියේ අද කැදවීමෙන් අනතුරුවයි. 2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගෙන ජාවාරම් […]
ශ්‍රී ලංකාවේ තැබෑරුම් තුළ 50%ක්ම ඇත්තේ කලවම් කළ මත්වතුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාට පාර්ලිමේන්තුවේදී පැනයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කළා. “අපේ ගෙදර හතරමායිමේ අරක්කු මූඩියක්වත් නෑ. මත්වතුර ප්‍රමිතිය ගැන මම කතාකරන්න යන්නේ නෑ. බොන එකා කුණු වෙන්නම බොනවනම් මම කැමැතියි.” යැයි ඔහු සඳහන් කළා.
වර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය. අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටප නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද(6) යළි 19 වන දා දක්වා බන්ධනාගාරගත කෙරුණා. ඒ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදිය. ඔහුගේ නඩුවට ආදාළව විරුද්ධව සාක්ෂි ප්‍රමාණවත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.
අංගම්පොර සටන් ක්‍රමය නීත්‍යානුකූල සටන් ක්‍රමයක් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා. එහිදී එතුමා අංගම්පොර සටන් කලාවේ තිබෙන වැදගත් කම පිළිබඳව විස්තර කරනු ලැබුවා.