සේනා දලඹුවන් සමූහ ඝාතනය කිරීමට වඩා එය පාලනය කිරීමට ප්‍රයත්න දැරීම වඩා ප්‍රායෝගික බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කීඨ විද්‍යාඥ ඒ.එස්.හේමචන්ද්‍ර මහතා පවසනවා මහනුවරදී ඊයේ(25) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ පිළිබඳව අදහස් පලකලා සේනා යන නම පැමිණියේ කෙසේදැයි යන්න පිළිබඳව වැදගත් වන බව ඒ මහතා පැවසීය. මෙම සතා බිත්තර දැමීම සිදු කරන්නේ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නව නායකත්වයක් නොමැතිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ඉදිරි ගමනක් නොමැති බවයි. කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා. කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව […]
ශ්රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇතිි කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Execrcice _ Conex 19) අද දින ( 26 ) වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද අාශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව තිබෙනවා. මෙම […]
අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්‍රම අතර ජනප්‍රිය වයිබර් හා වට්සැප් තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. එහිදී වට්සැප් හා වයිබර් පණිවිඩ පණිවුඩ හුවමාරු ක්‍රමයේ සන්නිවේදනය කඩාකප්පල් කිරීමේ උපකරණ මිලදී ගැනීමට නීතිය හා සාමය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා. මෙම උපකරණ ජෑමර් නමින් හදුන්වන අතර පහුගිය යහපාලන ආණ්ඩු සමයේ දී […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිංගප්පූරු සංචාරය සඳහාද විපක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටියා. විපක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර හා මොහාන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරු ජනපතිත් සමග පිලිපීන සංචාරයකට එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ විශේෂ දේශනය ඉදිරිපත් කිරිම සඳහා ජනපති මෙම සිංගප්පූරු සංචාරයට එක්ව තිබෙනවා ජනපතිගේ පිලිපීන […]
බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාඹුලනගේ දිනෙත් මිලාන් මාඹුලන නොහොත් ‘‘ඌරු ජුවා’’ නමැත්තාගේ සගයින් දෙදෙනෙකු බව කියන සැකකරුවෙකු හා සැකකාරියක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බියගම, සාම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එම ප‍්‍රදේශයේ පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. වැටලීම […]
හඳුනාගත් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පළාගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. එම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා. අද (25දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25දා) එකඟතාවකට පැමිණියා. ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතයි. මීට අමතරව තවත්රු පියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය. වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක […]
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය.
පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා විපක්‍ෂය අද (25) පාර්ලිමේන්තුවට ගෙන ආ කල් තැබීමේ විවාදය ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවුණා. විවාදය පැවැත්වෙන අතරතුර අවස්ථා 3 කදී ඝණ පූර්ණය නොමැති බවට මන්තී‍්‍රවරුන් පෙන්වාදීම හේතුවෙන් මන්තී‍්‍රවරුන් කැදවීමේ සීනුව නාද කෙරුණු බවයි මාධ්‍ය වාර්තා කරනාවා.
ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම සකස් කිරිමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතා අතර අද (25දා) පැවැති දිවිපාර්ශ්වීය සාකච්ඡවලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳන් කර තිබෙනවා. එම […]
ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (25දා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. “රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ස්වාධීන අධිකරණයක් පිහිටුවා තිබෙනවා. අද විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවට එරෙහිව කතා කරන්නේ පසුගිය දා ලබුණු සාධාරණ තීන්දුව ඉවසා ගත නොහැකි නිසයි. පසුගිය රජය සමයේ තනතුරු […]