ගොවියාට සහන සලසන්නේ නොමැතිව මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගන්නා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවකයින් විශාල අපරාධයක් සිදුකරන බවත් එසේ වැඩක් නොකොට ගොවියාගේ ලැබිය යුතු සහන ප්‍රමාද කොට ලබා දෙනවා නම් තමන් ලබා ගන්නා ජනතා වැටුප දෙවියන්ගේ සහල් කෑවා වැනි යයි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරනවා. මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් සමගාමීව […]
වර්තමාන පාර්ලිමේන්තුව ඇතුළේ විනයක්, සදාචාරයක් නැති බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ තත්ත්වය පිළිබඳව කතා කිරීමටද ලැජ්ජා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. එසේම තමන් නිතරම හිතන්නේ මෙර රට තුළ පාර්ලිමේන්තුවට කුමක්ද සිදුවූයේ යන්න පිළිබඳව බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කරන්දෙනිය මධ්‍ය විද්‍යාලයට වසර හැත්තෑපහක් සපිරීම නිමිත්තෙන් අද (09දා) දින පැවැති ‘කරන්දෙණි […]
දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්යාම පිළිබද අප්‍රසාදය පල කරමින් පැෆ්රල් සංවිධානය යළිත් වරක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ලිපිය මගින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ මේ වන විට පළාත් සභා 06ක නිල කාලය අවසන්ව ඇති අතර එළඹෙන අප්‍රේල් මාසය වන විට තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන් වන බවයි. පවතින තත්ත්වය […]
ධාවනය වෙමින් තිබූ අත්ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී යෑමෙන් සිදුවු අනතුරක් පිළිබඳ මේ දිනවල සමාජ වෙබ් අඩවිවල හුවමාරු වෙමින් පවතිනවා. පුද්ගලයින් සිව් දෙනෙක්, කාන්තාවක් හා කුඩා ගැහැණු දරුවෙක් මෙම අත්ට්‍රැක්ටර් රථයේ ගමන් ගන්නා අතර, ටික දුරක් යන රියදුරාගේ අතින් හැඩලය ඉවත්ව යන ආකාරයයි සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබුණේ. පසුව එය බෑවූමකට ඇඳීයන ආකාරයත් එහි දැක්වුණා.මෙය කටුවන, […]
අභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති විනිසුරු), ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්ව තිබූ විනිසුරු ධූර තුන වෙනුවෙන් මෙම නම් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණි. එම නම් සඳහා අනුමැතිය හිමිවිමෙන් අනතුරුව දිවුරුම් දීම සිදුකර තිබෙනවා. එසේම අභියාචනාධිකරණයේ […]
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා. විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනුයි. එහිදී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් […]
නිමාවට පත් වූ නවසීලන්ත ශ්‍රී ලංකා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නිමාවත් සමග නවසීලන්තය තවත් වාර්තාවක් සමග වාර්තා පොත් අලුත් කර තිබෙනවා. ඒ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතු කරගනිමින්. නවසීලන්තය මෙම තරග තුනේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1054 ක් ලබාගෙන තිබෙනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා […]
ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 02 ක් වාර්තා කළ ඉන්දියානු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ලොව වැඩිම ගෝල ලාබී පාපන්දු ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා මේ වනවිට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් කී‍්‍රඩකයා ලෙස ඉදිරියෙන් පසුවන්නේ ආර්ජන්ටිනා කී‍්‍රඩක ලයනල් මෙසී ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 69 ක් ඉන්දියානු පාපන්දු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ගෝල 67 […]
2017 ජනවාරි පලමුවෙනිදා සිට 2019 වසර දක්වා ගතවූ වසර දෙකේ අන්තර්ජාතික කණ්ඩායමක් ලැබු විශාලතම පරාජයන්ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ අනුව එම කාල සීමාවේ ලොව අඩුම ජයග්‍රහණ ප්‍රතිශතයක් සහිත කණ්ඩායම බවට පත් වීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.පැපුවා නිවුගිනියා කණ්ඩායමේ තරග පරාජයන් වාර්තාවද අභිබවා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලොව […]
විජය කුමාරතුංග සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරි මැතිවරණය සදහා ගම්පහ දිස්ත්‍රිකය නියෝජනය කරමින් අත්තනගල්ල ආසනයෙන් තරග වැදීමට සූදානම් බව සියත 24 අපට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. ඔහු ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ සන්ධානය වන පුළුල් පෙරමුණ ඔස්සේ තරග කිරීමට නියමිත බවයි ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් දන්වා සිටියේ.
ඊයේ නුවර නගර මධ්‍යයේ සිදුවූ ගිනිගැනීමේ සිද්දිය හිතාමතා සිදු කර සිදුවිමක්දයි සැකයක් මතුව තිබෙනවා. ගින්නෙන් සිය දරුවන්ගේ සහ බිරිදගේ ජිවිත බේරාගත් අභීත පිය සිදුකල සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්..
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැටුප් වැඩිවිම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.රජයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යෑමට නියමිත අතර ඉහළම ශ්‍රේණියේ සේවකයාගේ වැටුප රුපියල් 10000කින් ඉහළ යෑමට නියමිතය. මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට […]