ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගම් නිලවරණයේදි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර තිබෙනවා. නීතිඥ සංගම් නිලවරණය පෙබරවාරි මාසයේදි පැවැත්විමට නියමිතව තිබෙනවා. ඉන්දතිස්ස මහතා ඉදිරියේදි සිය නාමයෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
නෙතු මේ දවස්වල අලුත් වෙනසකට ලැහැස්ති වෙනවා නේද? ඔව්. සාමාන්‍ය විදියට කලා කටයුතුත් කරගෙන යන අතරේ ජීවිතේ සිද්ධ වෙන්න යන වෙනසටත් ලැස්ති වෙනවා. ජීවිතේ වෙනස් වෙන්නත් ඕනෙනේ. ජනවාරි මාසේ මගේ විවාහ උත්සවය නිසා ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ. නෙතුගේ හිත ගත්ත ඒ කෙනා කවුද? එයාගේ නම නුවන් ජීවන්ත. මගේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි එයා. […]
කොහොමද ඉතින් ජීවිතේ වරදක් නෑ. සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඊට අමතරව මේ මාසේ අලුත් ගීතයක් රසිකයන් අතරට ගේන්න වැඩ කටයුතු කරගෙන යනවා. කාලයකට පස්සේ නේද ශානිකාගේ ගීතයක් රසිකයන් අතරට ගේන්න සූදානම් වෙන්නේ? ඔව්. මම මගේම සින්දුවක් නොකර හිටියේ මම කලින් කරපු ගොඩක් ගීත එක දිගට රිලීස් වුණා. සමහර ගීත කාලයකට කලින් කරපු ගීත. ඒ ගීත […]
සැපසම්පත් ලැබෙන බවට බොරු ප්‍රකාශ කරමින් කිසිම බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරා. එසේම ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් මෙවැනි බොරු සමාජ ගතකිරීමට කටයුතු කරන කලු මාධ්‍ය වලල්ලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසුයේ අද දින (08දා) පාර්ලිමේන්තුවේදීය. වාලම්පුරි බව පවසමින් […]
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කොට තිබෙනවා. අද (09දා) පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක යන මහත්වරුන් පත් කර තිබෙනවා.
සාර්ක් කලාපයේ ශල්‍ය ග්‍රන්ථ සම්මානය ඉන්දියාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේදී , එම්.බී.බී.එස්. එම් එස් (ශ්‍රී ලංකා) FCSSL ගෞරව FRCS(Eng) , FCPS Edin(adham) , FCPSP (ගරු පකිස්ථාන) , FCSI (ගරු ඉන්දියාව) යන ගෞරව උපාධි ලත් , නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හිටපු ජේෂ්ඨ විකලාංක සහ හදිසි අනතුරු ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්තු […]
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා අද දින (08) යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. සැකකරු ලබන 22 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.
විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරියි. එහිදී ප‍්‍රකාශ කෙරුණේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවයි.
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද සුළගේ වේගය වැඩිවිය හැකි බවටයි මෙමගින් අනතුරු අඟවා තිබෙන්නේ. මෙම මුහුදු ප‍්‍රදේශවල සුළෙගේ වේගය පැයට කිලෝමීටර් 50ක් […]
2019 නව වසර සඳහා පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන අද (08) තානාපති වරප‍්‍රසාද පිළිබඳ විවාදයක් පැවැත්වීමට නියමිතයි. කල් තැබීමේ විවාදය ලෙස වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමද අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්කරනු ලැබ ඇත්තේ […]
”මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු වුණා. ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියා.
සුගිය වසර හතරක කාලය තුළදී වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට මීට වසර 4කට පෙර පත්වූ රජයට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ලග්ගල නව නගරය විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරා. “මාව පත්කරගෙන වසර 4ක් සම්පූර්ණ වනවා. තවත් වසරක් ලබනවා. මේ අවුරුදු හතරේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. නිදහස ශක්තිමත් […]