විසෙන් විස නසී කිව්වට සමහර විස වර්ග එකතු වුණාම විස තවත් වැඩි වෙනවා. ත්‍රස්තවාදය කියන්නේ ඒ වගේ දෙයක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදය එකතු වුනොත් නරක මිසක් හොඳක් නම් වෙන්නේ නෑ. ලෝකයේ හිටිය භයානකම ත්‍රස්තවාදී නායකයෙක් තමයි ඔසාමා බින් ලාඩන් කියන්නේ. ඔහුගේ පුතා හම්සා බින් ලාඩන් පහුගිය දා තවත් ත්‍රස්තවාදී නායකයෙකුගේ සුවෙක් සමඟ විවාහ වුණා. විවාහය සිද්ධ වෙලා […]
සක්විති රජු වුනත් වැරද්දක් කරොත් දඬුවම් ලබන්නම වෙනවා. අධිකරණයට අපහාස කල වරදට බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම වුණා. ඒ වසර සිරදඬුවම වසර 6 කින් ගෙවී යන විදියට. ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කට උන්වහන්සේ වරදකරු වුණා. අද තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ […]
ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි Oura කියන්නේ. Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුන ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානි කර ගෙන කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. හැබැයි ගිහාන්ගේ මරණය දැන් වෙනත් පැත්තකට හැරිලා තියෙනවා. ඒ ඔහු සියදිවි හානි කර ගත්තා නෙවෙයි ඝාතනය කරලා කියලා. ඔහුගේ මරණය සිදු වෙන්න පැය කිහිපයකට කලින් ගිහාන් Facebook සටහනක් […]
ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම සංක්‍රමණය වෙන රටක් තමයි ඕස්ට්‍රේලියාව. ලාංකිකයන් කොච්චර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවද කියනවා නම් අන්තිමේදී ලංකාවේ අයට කියලා ඕස්ට්‍රේලියානු රජය දැන්වීම් පවා දැම්මා. ඕස්ට්‍රේලියාවේ ජනගහණය අඟහරුවාදා වනවිට (අගෝස්තු 07) මිලියන 25 ට ලඟා වුණා. මේ වාර්තාවත් එක්ක ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට කරපු බලපෑම හෙළිවෙලා තියෙනවා. 2011 වසරේ කළ සංගණනයේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයන් […]
එක්දින තරඟාවලිය මේ වෙද්දී 3 – 0 ක් විදියට අප්‍රිකානුවන් ජය තහවුරු කර ගෙන තියෙන්නේ. කොහොම වුනත් ලංකාවට ජාමේ බේරා ගන්න තවත් තරඟ 2 ක් ඉතිරි වෙලා තියෙනවා. දකුණු අප්‍රිකානු තරඟාවලිය ඒ විදියට පරාජය වෙද්දී ඉදිරි තරඟාවලි ජයග්‍රහණයට ලංකාව තවත් තුරුම්පුවක් සූදානම් කරන්න හදනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යවන්න දීලා. ඊයේ තිබ්බ මාධ්‍ය හමුවකදී මැතිව්ස් […]
ලංකාවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සෙනසුරු අපල ලබලද කොහෙද. හැමදාම කොහේ හරි දුම්රිය මාර්ගයක අනතුරක්, ප්‍රමාදයක් වෙනවා. පෙරේදා දුම්රිය දෙකක් එකිනෙක ගැටුණා. ඒ සිද්ධිය අවසන් වෙනවත් එක්කම මුහුදුබඩ දුම්රිය මාර්ගය කැඩිලා. අඟුලාන ප්‍රදේශයේ පීල්ලක් කැඩී යාම නිසා මේ වෙද්දී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වෙලා තියෙනවා. තාමත් ඒ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කරලා […]
ඇද වුන බලු වලිගයක් උණ පුරුකේ දාලවත් කෙලින් කරන්න බෑ කියනවනේ. ඒ වගේ තමයි සමහර මිනිස්සු කොච්චර හරි මඟට ගන්න හැදුවත් යන්නෙම නොමඟ. වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් දෙන්නෙක්ට ස්ථාන මාරු දෙන්න යනවා. වෙලේ සුදා සහ සුසෙයි තමයි මේ විදියට වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකරලා යවන්න හදන්නේ. ඔවුන් දෙදෙනා මේ වෙද්දී වැලිකඩ බන්ධනාගාරයේ වයි.ඕ. […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 4 වෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දිවා රාත්‍රී තරඟයක් විදියට. දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ නැගී එන කණ්ඩායම අතර එක්දින තරඟාවලියත් හෙට ආරම්භ වෙනවා. මේ තරඟාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිතුමා ඊයේ අවසර දුන්නා. නැගී එන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නේ ටෙස්ට් […]
අද 2018 අගෝස්තු මස 8 වන බදාදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.16 සිට 1.49 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.16 සිට 1.44 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන දවසක්. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දෙමාපිය හා වැඩිහිටි උපදෙස් […]
සමහරුන්ට වාහනයක් හම්බුණාම ඉන්නේ කොහෙද කියලා මතක නෑ, Speed මීටරේ කට්ට එලියට පනිනකම් ලෑල්ලට පාගනවා. ඒ වගේ යන ය ගොඩක් වෙලාවට නවතින්නේ දඩයක් කාලා. එහෙම නැත්නම් රෝහලේ. 26 හැවරිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් දුයි වලින් ලැම්බෝගිනි කාර් එකක් Rent එකට අරගෙන පැදලා. හිමීට නම් නෙවෙයි පැයට කිලෝමීටර් 231 ක වේගයෙන්. ඩුබායි හි පිහිටි ෂික් සෙයිඩ් මාර්ගයේ […]
අතීතයේ දවස් ගණන් ගහපු ක්‍රිකට් දැන් දියුණු වෙලා. වේගවත් වගේම කෙටි ක්‍රීඩා රටා ක්‍රිකට් වලට හඳුන්වලා දීලා තියෙනවා. T20. T10 වගේම ජනප්‍රිය ක්‍රිකට් තරඟ රටාවක් තමයි “ලාස්ට් මෑන් චාන්ස්” ක්‍රිකට් කියන්නේ. අවසන් පිතිකරුවාටත් පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබීම තමයි මේ ක්‍රිකට් රටාවේ විශේෂත්වය. 2017 ලාස්ට් මෑන් චාන්ස් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තෙත් ශ්‍රී ලංකාව. 2018 […]
මේ දවස්වල බුකියේ වැඩියෙන්ම Share වෙන Post එකක් තියෙනවා. ඒ රුවන්වැලි සෑයේ කැනීම් වලදී හමුවුන බුලතා යෝධයාගේ ඇටසැකිල්ල කියනා විශාල මිනිස් සැකිල්ලක්. මීටර් 28 ක් දිග ටොන් 8 ක් බර මේ සැකිල්ල විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ලන්ඩන් කෞතුකාගාරයට යවලා කියකත් ඒ Post එකේ සඳහන් වෙනවා. පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් නිසා ඇමෙරිකාවේ ඒරියා 51 වල […]