මිට දවස් කිහිපයකට කලින් පනවපු Facebook තහනම තම ඉවත් කරලා නෑ. ඒ වගේම Whatsapp, Viber වැනි සමජා මාධ්‍ය කිහිපයක්ම තාමත් තහනම් කරලා තියෙන්නේ. ලංකාවේ Facebook තහනම ගැන ව ආයතනය පලවෙනි වරට කතා කරා. වෛරී සහ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් ඉන්නවා කියලයි Facebook ආයතනය කිව්වේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා […]
අධ්‍යයන පොදු සහතික පත‍්‍රි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන දවස විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කරන්න තීරණය කරා කියලා. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කරලා තියෙන්නේ. ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දවස්වල කරනවා කියලයි […]
නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි තරඟය ඊයේ පැවැත් වුණා. වර්ෂාවෙන් බාධා ඇති වුන නිසා තරඟය පන්දුවාර 19 කට සීමා වුණා. ඒ වුනත් පහසු තරඟයකින් පස්සේ ජයග්‍රහණය කරන්න ඉන්දියාවට පුළුවන් වුණා. ප්‍රේමදාස පිටියේ තීරණාත්මක කාසියේ වාසිය ලැබුණේ ඉන්දියාවට. නායක රෝහිත් ශර්මා මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට ආරාධනා කරා. නායක චන්දිමාල්ට තරඟ තහනමක් පැනවුන […]
ලංකාව කිට්ටුව තිබ්බ තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වෙද්දී අඩු පීඩන තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. එය තවදුරටත් වර්ධනය වෙනවා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ නිසා දිවයින අවට මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ හේතුවෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්ද නිකුත් කරා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම අඩු පීඩන තත්ත්වය […]
පිට පිට තුන්වෙනි වරටත් ජනතා සම්මානය දිනා ගන්න අරවින්ද ලොකුගේ පහුගියදා සමත් වුණා. වසර 19ක් පුරා ලංකාවේ රේඩියෝවට නව ආරක Morning Show කලාවක් හදුන්වා දුන් අරා නොහොත් අරවින්දට මුලු ලංකාවම ආදරේ බව නොරහසක්. ඒ අනූව පසුගිය වසර තුනේම පිට පිට ලංකාවේ ජනතාවගේ රේඩියෝ නිවේදකයා ලෙස සම්මානයට පාත්‍ර වෙන්න අරවින්දට හැකි වුණා. ජනතා සම්මානය දිනා ගත්ත […]
ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක්. කැමරාව ඉස්සරහා වැඩ දාන ගයාත්‍රිගේ කවුරුත් නොදන්නා රහසක් ඇය හෙළිකරා. සාමාන්‍යයෙන් නිළියක්, නිවේදිකාවක් වුනාම සබකෝලය, ලජ්ජා බය නෑනේ. ඕනෑම සභාවක්, පිරිසක් ඉස්සරහා කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගයාත්‍රිට නම් සභාවක් ඉස්සරහා කතා කරන්න බැරිලු. සභාවක් ඉදිරියට ගියාම ගයාත්‍රිගේ තොලකට වේලිලා, ඇඟ පණ නැති වෙලා […]
ජපානය සහ ශ්‍රී ලංකාව අතර තියෙන්නේ ලොකු මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වය තවත් වර්ධනය කර ගන්න ජනාධිපතිතුමා අද ජපානයේ සංචාරයක නිරත වුනා. ලබන 17 වෙනිදා දක්වා එතුමා ජපානයේ රැඳී සිටින්න නියමිතයි. මාර්තු 13 වෙනිදා ජපානයේ අකිහිතෝ අධිරාජයා සහ ජානධිපතිතුමා අතර හමුවකුත් පවත් වෙනවා. ඒ වගේම 14 වෙනිදා ජපන් අගමැතිවරයා හමුවන්න නියමිතයි. සාකච්ඡා වලින් පස්සේ ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ […]
නිදහස් කුසලාන තරඟාවලියේ තරඟ වලින් හරි අඩක් මේ වෙද්දී අවසන්. සෑම කණ්ඩායමක්ම තරඟ දෙකකට මුහුණ දීලා එක තරඟය බැගින් දිනලා තියෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවෙනි තරඟය අද හවස පැවැත් වෙනවා. ඊට කලින් මේ වෙද්දී ප්‍රසාද ලකුණු සටහන ගැන හැරිලා බලන්න අපි සිතුවා. සෑම කණ්ඩායමක්ම එක තරඟයක් ජයග්‍රහණය කරද්දී එක තරඟයක් වෙලා තියෙනවා. ඒ […]
නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ගැනීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන්න ICC ය තීරණය කළා. ඒ අනුව නිදහස් කුසලානයේ බංගලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙන මීලග තරඟ දෙකේදී ශ්‍රී ලංකාවේ නායකත්වය තිසර පෙරේරා හට හිමිවන බව සියත 24 වෙත ආරංචි වුණා. මෙම තරඟාවලිය සඳහා නම් කළ සංචිතයේ උප […]
නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි. එම තරගය පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 5කින් ජය ගන්න බංගලාදේශය සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළ පන්දු යවද්දී වෙනදාට වඩා වේලාවක් පිටියේ පන්දු රකින්නන් ස්ථාන ගත කරන්න සහ තරඟය සැලසුම් කරන්න බොහෝ කාලයක් ගන්නවා පෙනුනා. ඒ […]
ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන දක්ෂම වේග පන්දු යවන්නෙක්. ඒ බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. එත් පහුගිය කාලයේම ක්‍රිකට් බලධාරීන්ගෙන් ඔහුට දිගින් දිගටම කැපිලි ආවා. අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ සුපිරි දස්කම් දක්වමින් හිටියත් මලින්ගාව නිදහස් කුසලානයට තෝරා ගත්තේ නෑ. හැබැයි ඊයේ අවසන් වුන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙන්න […]
මේ දවස් වල ලංකාවේ කාලගුණය අයෙත් කැළඹිලා තියෙන්නේ. දිවයිනේ දකුණු අර්ධයට තද වැසි සමග තද සුළං ඇති වීමේ අනතුරු ඇගවීම් කාලගුණ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කිව්වේ ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්න කියලා. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලටත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත‍්‍රික්කවලටත් විටින්විට තද […]