හෙට (10) සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වෙනවා. සෙසු මුහුදු […]
උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා. ඒ, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය කෙරුණු සීඝ්‍රග්‍රාමී දුම්රියක වන අලියෙකු ගැටීම හේතුවෙනි. මාන්කුලම් සහ පුලියන්කුලම් දුම්රිය ස්ථාන අතර අනතුර සිදුව තිබෙන අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.
09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.
නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසනවා. ඔහු පැවසුවේ, දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඵෙතිහාසික මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිත බවයි.
නව වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඊට සමගාමී උත්සවය මේ වන විට කැලණිය රජමහා විහාරස්ථානයේ දී ආරම්භ වී තිබෙනවා.
දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණුසහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් සබරගමුව,බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු-මැදසහ වයඹ […]
2020 මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මේ මස 10 වන දාට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන බව සමගි ජන බලවේගය පක්ෂය පවසනවා. මැතිවරණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 7ක් හිමිවූ අතර එම මන්ත්‍රී ධුර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වනවා.
මැතිවරණ කොමිසමේ නිල කාලය ලබන නොවැම්බර් මස 12 වනදා අවසන් වීමට නියමිතව තිබෙන බව මැතිරණ කොමිසමේ සභාපති ,මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරන්නේ තමන් කොමිසමේ නිල කාලය අවසන් වීමට මත්තෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. මහ මැතිවරණයෙන් පසු පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බැවින් […]
2020 මහා මැතිවරණයෙන් පසුව නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරු 9.00ට කැලණිය රජ මහ විහාරයේ දී දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළා. මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගෙන ජයග්‍රහණය කල අතර නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් […]
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවුවන් මෙන්න මෙවර මහ මැතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිපලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙන අතර මේ අනුව ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගණන් 17 කි. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17 සදහා නම් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින්ගේ […]
මහ මැතිවරණයෙන් පසු සතියක් යන තුරු පෙළපාලි හා රැස්වීම් පැවැත්වීම තහනම් වන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව පශ්චාත් මැතිවරණ සමයේ නීති කඩ කරන පුද්ගලයින් හට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.