කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 183 ක් දක්වා පහල බැස තිබෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ සමස්ත ආසාදිතයින් ගණන 606 ක් වන අතර එයින් 423 ක් මේ වන විට සුවය ලබා තිබෙන බව වාර්තා වෙනවා.
අගමැති නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් වෙත ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන ලෙස ඉන්දියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. මෙසේ ඉල්ලීමට හේතුව වී ඇත්තේ කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වීම නිසා වෛද්‍යවරුන් 196 දෙනෙකු මේ වන විට මිය යාමයි.
මෙවර ජාතික ජන බල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කාට හිමිවේද යන්න පිලිබදව අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා සදහන් කරනවා. එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනතා විමුක්ති පෙරමුණට හිමිවන බවටද මත පල වෙනවා.
විදේශ රටවල් දෙකක සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙක් රැගෙන අද අලුයම (10) ගුවන් යානා දෙකක් කටුණායක ගුවන් තොටුපළට පැමිණ තිබුණා. ඒ කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු සහ ජපානයේ රැදී සිටි 148 දෙනෙකු රැගෙනයි. මෙම පිරිස කටුණායක ගුවන් තොටුපළේදී පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී සිටින ලොව පුරා පුද්ගලයින් ගණන කෝටි දෙක ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම ගණන සටහන් වන්නේ 20,023,019 ක් ලෙසයි. වාර්තා වන මරණ ගණන 733,976 ක්. අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 50 ඉක්මවා තිබෙනවා.
මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් පොලීසිය වටලා තිබෙනවා. එහිදී තරුණ පිරිස් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර 17 හැවිරිදි ගැබිණි කාන්තාවක්ද සිටි බවට වාර්තා වෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත්පෙති වගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබදවද වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.
ලොව මිල අධිකම මුඛ ආවරණය ඊශ්‍රයලයේ ස්වර්ණාභරණ සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන බව වාර්තා වෙනවා. සුදු රත්තරන් වලින් නිර්මාණය කර තිබෙන මෙම මුහුණු ආවරණය දියමන්ති වලින් වැඩ දමා තිබෙන අතර එහි මිල රුපියල් කෝටි 28 ක් පමණ වන බවයි සමාගම් වාර්තා සදහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම මුහුණු ආවරණය සැදීම සදහා වන ඇණවුම ලබා දුන් ගැනුම්කරු […]
ඉන්දියාවේ විජයවාඩා හි පිහිටි කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා. මේ අනුව එම ගින්නෙන් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවත් තුවාල ලැබූ ඇති පිරිස සහ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිස කඩිනමින් වෙනත් රෝහලක් වෙත මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
දිවයිනේ සියලු පාසල් අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව 5,10,11,12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘත කිරීමට පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා. එමෙනම් පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් […]
දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාවට මේ පිළිබඳ ව අවධානයෙන් කටයුතු කරන්නැයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි […]
මහ මැතිවරණයෙන් හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගත් බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළා. එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවක් අතරතුරයි.
අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ලබන 15වෙනිදා සිට අමුත්තන්ට එම අවසරය සිමාවන්ට යටත්ව ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා අසාදිත රැඳවියෙකු හමුවීමත් සමඟ අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීම නතර කළා.