News Line| Off Air
Generic placeholder image

Jul
27

මැතිවරණ කොමිසමේ තීරණයක් වෙනස් වෙයි

Generic placeholder image

ජුලි 31 වනදා නිරෝධායනය වන පුද්ගලයන් උදෙසා ජන්දය ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබු ජංගම වැඩ සටහන නොපවත්වන ලෙස අද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


Jul
27

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නව ආසාදිතයින් 500 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ඕස්ට්‍රලියාවේ වැඩිම අවදානමට ලක්ව තිබෙන ප්‍රාන්තය වශයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් ගණන 532 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 06 ක්.


Jul
27

රියදුරු පුහුණු පාසල් අධීක්ෂණයට ජාතික වැඩ පිළිවෙලක්

Generic placeholder image

රියදුරු පුහුණු පාසල් වල සිටින රියදුරන් පුහුණු කරවන උපදේශකයන් නිසි පරිදි දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස මෝටර්රථ ප්‍රවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී මාර්ග අනතුරු පිළිබඳව පවතී වැඩසටහනක් අමතමිනි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ සිටින විමර්ශන […]


Jul
27

බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක්

Generic placeholder image

බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා. මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුව කටයුතු කරමින් සිටින බවයි වැඩි දුරටත් සදහන් වන්නේ. ගින්නට හේතුව පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


Jul
27

අගමැති මෝදී ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

කොරෝනා අවධනම වැඩි රටවල් අතර අප අසල්වැසි ඉන්දියාවද වාර්තා අතර මුල් තැනක් ගෙන සිටිනවා. විශේෂයෙන්ම මේ වන විට එරට ආසාදිතයින් ගණන 1,385.685 ක් වන අතර වාර්තා වන මරණ ගණන 32.063 ක්. මෙවන් පසුබිමක ඉන්දීය අගමැති මෝදී විශේෂ රූපවාහිනී වැඩ සටහනකට එක් වෙමින් ජාතිය අමතා සදහන් කරන්නේ මෙම වෛරසයෙන් බේරීම සදහා සිය ජනතාව දැනුවත්භාවයෙන් හා වගකීමෙන් […]


Jul
27

ජාත්‍යන්තර බලපැම්වලින් රණවිරුවන් රැකගන්න ශක්තිය දෙන්න

Generic placeholder image

යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් පසුගිය රජයේ තීරණ ගැනීමේ නොහැකියාව නිසා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පලකලේ අද දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පවතී රැස්වීමක් අමතමින්. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලවේග හමුවේ මෙරට රණවිරුවන්ව ආරක්ෂා […]


Jul
27

පිල්ලයාන් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය පිල්ලයාන් හෙවත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තව මඩකලපුව දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද නියෝග කර තිබෙනවා. ඒ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය පිලිබදව අදාල චෝදනාවකටයි.


Jul
27

කොරෝනා හේතුවෙන් 500 ක් දෙනා සමග වසා දැමු ජර්මානු ගොවිපළ

Generic placeholder image

කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ජර්මානු ගොවිපළක සේවකයින් 174 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එමෙන්ම එම ගොවිපල ආසනන්යේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 500 දෙනෙක් සමග වසා දැමීමට කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් රැගෙන ඒමට අවසර දී තිබෙන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.


Jul
27

ලොව පුරා කොරෝනා මරණ 650,000 අභියස

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 650.000කට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය සටහන් වන්නේ 647,847 ලෙසයි. එමෙන්ම ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන 16,196 314 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙම වෛරසය අසාදනය වී ලොව පුරා සුවය ලබා ඇති පිරිස 9,344,843 ක්


Jul
27

කුසල්ට විනය පරීක්ෂණයක් ?

Generic placeholder image

ඉකුත්දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම පිලිබදව චෝදනාවන්ට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස් විනය පරීක්ෂණයක් සිදු කිරීමට අදාල යෝජනාවක් අද කි‍්‍රකට් කමිටුවට ඉදිරිපත් කරන බවට වාර්තා වනවා. ඒ ක්‍රිකට් ආයතනය විසින්. කී‍්‍රඩකයින් අතින් සිදුවන අනතුරු වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මෙලෙස විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි එම ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Jul
27

ජන්දයෙන් පසුව උපාධිධාරීට යළි රැකියා පත්වීම්

Generic placeholder image

උපාධිධාරී රැකියා පත්වීම් මහා මැතිවරණයෙන් පසුව යළි ලබාදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල නගරයේ ඊයේ ( 26 ) පැවති ජන හමුවකට එක වෙමින් ඔහු මේ බව සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සකස් කර ඇති සැලැස්මට අනුව ක්‍රියා කිරීමට තමන්ගේ පුර්ණ සහයෝගය ලබා දෙන බවයි. එම සැලැස්මට […]


Jul
27

ප්‍රකාශයක් දෙන්න රවී CIDයට

Generic placeholder image

හිටපු අමාත්‍ය රවී කරුනානායක මහතා මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post