News Line| Off Air
Generic placeholder image

Jul
28

ලොව දරුණුතම ගෝලීය හදිසි අවස්ථාව මෙම කොරෝනා වසංගතය බවට WHOගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ලොව පුරා ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දී තිබෙන දරුණුතම හදිසි අවස්ථාව බව එහි අධ්‍යක්ෂවරයා සදහන් කරනවා. සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන එම උපදෙස් අනුවම කටයුතු කරමින් මෙම වසංගතයෙන් ලෝකයම බේරා ගැනීම සියලු ලෝක වාසීන්ගේ යුතුකම හා වගකීම වන බවයි එම අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. එම ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් මෙම […]


Jul
28

ගාල්ලේ තැන් කිහිපයකට අද පැය 12 ක ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින දිනයේ පස්වරු 2.00 සිට හෙට අලුයම 2.00 දක්වා පැය 12 ක කාලයක් ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටුවන ප්‍රදේශ වන්නේ දොඩන්දුව , හබරාදුව, අක්මීමන , හපුගල ,අහංගම , රත්ගම යන ප්‍රදේශ වලටයි.


Jul
28

කොරෝනා ආසාදනය වූ අයිශ්චර්යා සහ ඇගේ දියණිය සුවය ලබා රෝහලින් පිටව යයි

Generic placeholder image

කොරෝනා ආසාදනය වී සිටි අයිශ්චර්යා සහ ඇගේ දියණිය මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඇයගේ සැමියා වන ප්‍රවීණ රංගන ශිල්පී අභිෂේක් බච්චන් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. ඔහු එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ තමා සහ තම පියා තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.


Jul
28

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම් කටයුතු හෙටින් අවසන්

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම් කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිලිබදව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරන්නේ හෙට දිනය එම කටයුතු සිදු කරන අවසන් දිනය බවයි.


Jul
28

LPL – විස්සයි විස්ස ක්‍රීඩාංගන 04 ක් මුල් කරගෙන ලබන මස 28 වනදා සිට

Generic placeholder image

LPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන මස 28 වනදා සිට ආරම්භ කිරීමට ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙම තරගවලිය ක්‍රීඩාංගන 04 මුල් කර ගනිමින් පැවැත්වීමට කටයුතු කර තිබෙන බවයි. කොළඹ ආර් ප්‍රේමදාස , හම්බන්තොට සුරිය වැව , මහනුවර පල්ලෙකැලේ ,දඹුල්ල යන ක්‍රීඩාංගන මුල් කරගෙන […]


Jul
28

ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් 340කට ආසන්න පිරිසක් සිදු කල විරෝධතාවයකට මෙලෙස එරට පොලිසීයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙලෙස විරෝධතාවල නිරතව සිටින්නේ ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසකටයි. ඒරට වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමි වූ මෙම පුද්ගලයින් සොයා බැලීම සදහා ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ […]


Jul
28

PHI වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

Generic placeholder image

මේ වන විට වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද හමුවක් කැදවා තිබෙනවා. මේ අනුව PHI වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබදව අවසන් තීරණයක් මෙම හමුවෙන් අනතුරුව ගැනීමට බලාපොරොත්තු වන බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කලේ.


Jul
28

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Jul
27

උතුරු කොරියාවෙන් හමු වූ කොවිඩ් ආසාදිතයා

Generic placeholder image

ලොව පුරා රටවල් අතර කොරෝනා වෛරසයෙන් යම් පමණකට හෝ බේරී සිටීමට උතුරු කොරියාව උත්සහ දරන පසුබිමක කොරෝනා ආසදිතයෙක් බවට සැක කරන පුද්ගලයෙකු සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දකුණු කොරියානු පොලීසිය සදහන් කරන්නේ එම පුද්ගලයා ලිංගික අපයෝජන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙක් බවයි. කෙසේ වෙතත් උතුරු කොරියානු මාධ්‍ය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් […]


Jul
27

පාසල් වෑන් රථවල ලීසිං ගෙවීමට මාස 06ක සහන කාලයක්

Generic placeholder image

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් කළ ඉල්ලීමට අවධානය යොමු කරමින් පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබෙනවා. ඔහු මේ අදහස් පළකර සිටියේ දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදීයි. මේ සමගම නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන […]


Jul
27

පොලිස් මුලස්ථානයෙන් විශේෂ අංක දෙකක්

Generic placeholder image

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, අයථා ලෙස උපයා ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිස් මුලස්ථානය විසින් අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. ඉහත කරුණු සම්බන්දයෙන් 1997 සහ 1917 යන අංක ඔස්සේ දැනුම් දිය හැකිය.


Jul
27

විදුලිය නොමැති නිවාස වලට සුර්ය විදුලි බල පද්ධති

Generic placeholder image

විදුලි බලය ලබාදීමට සුදුසු තත්ත්වයක නොමැති නිවාස සඳහා සුර්ය විදුලි බල පද්ධතිය බැගින් නොමිලේ ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය මහතා උපදෙස් දී තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුල විදුලිබලය නොමැති පවුල් 12,500ක් පමණ ජිවත් වනවා. මෙය මහා මැතිවරණයෙන් පසුව […]


News Articles
Latest Videos
Most Popular Post