ඉදිරි මහ මැතිවරණයට අදාලව මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ මැතිවරණ නීති පිලිබදව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් ඊට එරහිව ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට නිල තල […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන රෝගීන් ගණන 17,000,000 කට ආසන්න බව ජෝන්ස් හොප්කිස්න් විශ්ව විද්‍යාලිය දත්ත මගින් වාර්තා වෙනවා. එය සටහන් වන්නේ 16,940, 174 ක් ලෙසයි. මේ අතර වාර්තා වන මරණ ගණන 664,748 ක් ලෙසයි.
දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දැක්වීමට තීරණය තිබෙනවා. මේ අනුව එම සන්ධානයේ සිටි නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජේ. ජේගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් 15 දෙනකු මෙලෙස පොහොට්ටුවට එක්ව තිබෙනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය බව හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දකුණු පළාතේ, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ. කි. මි.(60-70) දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්. […]
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට ලබා දී තිබෙන නියමිත කාලයට වඩා මිනිත්තු 15 කින් දිගු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දෙන සිසුන් හට පළමු ප්‍රශ්න පත්‍රයට ලබා කාලය පැයකි.
ජනප්‍රිය ඉන්දීය නළු සුශාන්ත් ගේ මරණයට ඔහුගේ පෙම්වතිය වන රියාට චක්‍රවර්තීට එරහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සුශාන්ත් සිං රාජ්පුත් ගේ පියා විසින්ය. රියා ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් 06 දනෙකු හට මෙලෙස චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. ලොව පුරා රසිකයින්ගේ ආදරය දින ගෙන සිටි බොලිවුඩ් ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජ්පුත් පසුගිය මස […]
රාජාංගණයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම පෙරවරු 9.00 ට ආරම්භ කෙරුනා. තැපැල් ජන්ද භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකයින් ගණන 420 ක්. එම ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම ට නොහැකි වුයේ කොරෝනා රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමත් සමගයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පැවසුවේ තැපැල් ජන්ද විමසීම මධ්‍යස්ථාන 05 කදී ක්‍රියාත්මක […]
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන 31 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ලබන 31 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත බවයි. කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට මෙරටට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව […]
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට එම රෝහලේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
කොරෝනා වෛරසය හමුවේ ඉකුත් කාල වකවානුවේදී දැඩි බලපෑමකට ලක්ව තිබු රටක් ලෙස ඉතාලිය සදහන් කරන්න පුළුවන්. කෙසේ වෙතත් යම් පමණකට කොරෝනා පාලනය එරට සිදුව තිබෙන අතර එරට අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය සදහන් කරන්නේ සිය රට තුල කොරෝනා වෛරසය කෙලෙස පැවතියද ඉතාලියේ සියලු පාසල් සැප්තැම්බර් 14 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි.
මාරාන්තික කොරෝනා වෛරසයට අසාදනයෙන් මේ වන විට ලොව පුරා මියගිය ගණන 659.000කට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම ගණන සටහන් වන්නේ 685,813 ක් ලෙසයි.. එමෙන්ම වාර්තා වන අසාදිත ගණන 16,668,138 ක් වන බව අද උදෑසන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයයේ නිකුත් කර ඇති දත්ත මගින් පෙන්වා දෙනවා. මෙම වෛරසයේ බලපෑම තව දුරටත් අවදානම් බව ( […]
නව කොරෝනා ආසාදිතයින් වාර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාලව නව අසාධිතයින් ගණන 598 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අනුව එම අසාදිත පොකුරේ රැදවියන් 482ක් හා කාර්ය මණ්ඩල 66 ක් ආරධිත කාර්ය මණ්ඩල 05 ක් හා පවුල් හා සමිපතයින් 45 ක් ලෙසයි එම ගණන වාර්තා වන්නේ.