News Line| Off Air
Generic placeholder image

Jul
16

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2674 ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොවිඩ් අසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළ යයි මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් අසාදිතයින් ගණන මේ වන විට 2674 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අතරින් කන්දකාඩු ආසාදිත පොකුරට අදාළ ව හමුවී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ දිනය තුළ හඳුනාගත් […]


Jul
16

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. සබරගමුව පළාතෙත් කළුතර , ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි […]


Jul
15

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ පවතින තත්වය පිලිබදව සමාජයේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් ලබා දෙන තොරතුරු මත පදනම්ව ජනතාව කටයුතු කරන ලෙසයි.


Jul
15

කොරෝනා බියෙන් මිලියනකට අධික පිරිසක් දුම්පානයෙන් ඈත් වී ඇති බවට නවතම වාර්තාවකින් හෙළිවේ

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුකොටගෙන මිලියනයකට අධික පිරිසක් දුම්පානයෙන් ඈත් වී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. කොරෝනා වැළදීම කෙරෙහි දුම්පානය ද ප්‍රබල ලෙස බලපාන බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.


Jul
15

රියදුරු බලපත්‍ර මුද්‍රණයත් යුධ හමුදාවට

Generic placeholder image

මුදල් නාස්තිය අවම කර ගැනීමේ අරමුණෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික ආයතනයෙන් ඉවත් කර යුධ හමුදාවට භාර දෙන බව රජය පවසනවා. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික ආයතනයක් විසින් සිදු කල අතර ඒ සදහා රජය විශාල මුදලක් ගෙවනු ලැබුවා. විගණන වාර්තා අනුව එම සමාගමට රජයෙන් මිලියන 7, 467. 65 ක් ගෙවනු ලැබ තිබෙනවා.


Jul
15

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝක නායකයින්ට චෝදනාවක්

Generic placeholder image

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සදහා ලෝක නායකයින් සිය ජනතාවට ලබා දෙන වගකීම් විරහිත ප්‍රකාශනයන් හේතුවෙන් කොරෝනා වෛරසය මේ වන විට වැඩි වශයෙන් වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරනවා. මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ගෝලීය මරණ ගණන පන් ලක්ෂ හැත්තෑ හය දහස් […]


Jul
15

ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම යුද හමුදාවට පැවරීමේ තීරණයක්

Generic placeholder image

ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියදුරු බලපත්‍ර සැකසීම මේ වනවිට පුද්ගලික ආයතනයක් මගින් සිදු කරයි. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට මහජනතාවට සිදු වෙයි. ඒ පිළිබඳ ව […]


Jul
15

සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ඇගයීමට ප්‍රංශයෙන් ඉහළ වැටුප් වැඩි කිරීමක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ ලොව බොහෝ රටවල් බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක ප්‍රංශයද ඉතා විශාල පීඩනයකට ලක්ව තිබෙනවා. මේ අනුව පවතින තත්වය හමුවේ ප්‍රංශයේ කාර්ය මණ්ඩලයේ සේවය ඇගයීමට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 09 ක මුදලක් එරට ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍ය අංශ වෙනුවෙන් වෙන් කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.


Jul
15

නව නාවික හමුදාපති ධූරය වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නට

Generic placeholder image

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබෙනවා.


Jul
15

බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට

Generic placeholder image

බස් රථ විෂබීජහරණය කිරීම නැවත ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.ඒ පවතින තත්වය සැලකිල්ලට ගෙනයි. එමෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී රජය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලද උපදෙස් අනුව ඉදිරියේදී වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Jul
15

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

පවතින තත්වය හමුවේ විභාග දෙපාර්තමේන්තුව විසින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ අනුව එක්දින සේවා හා සාමාන්‍ය සේවා කවුළු අද සිට කි‍්‍රයාත්මකවන පරිදි නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා තැබීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් සනත් පුජිත වැඩි දුරටත් සදහන් කළා.


Jul
15

තැපැල් ඡන්ද විමසීම අද තෙවන දිනටත්

Generic placeholder image

එළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (15) තෙවන දිනටත් සිදුකරනවා. තැපැල් ඡන්ද භාවිත කිරීම පසුගිය 13 දිනෙන් ආරම්භ වූ අතර එදින සිට ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය. සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්ද […]


News Articles
Latest Videos
Most Popular Post