News Line| Off Air
Generic placeholder image

Jul
15

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ඌව සහ නැගෙනහිර […]


Jul
14

රාගම පෞද්ගලික රෝහලක් වසා දමයි

Generic placeholder image

රාගම පෞද්ගලික රෝහලක කළමණාකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අනුව එම රෝහලද වසා දැමීමට එම බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණ පුද්ගලයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශන සදහා සහභාගී වූ අයෙක් බවයි තව දුරටත් වාර්තා වන්නේ.


Jul
14

පොලිස් නිලධාරීන් හප්පා පලාගිය ටිපර් රථය සොයා ගනී

Generic placeholder image

මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර පලාගිය ටිපර් රථය, රන්න ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා. රන්න, කට්ටකඩුව, ගෝටයිම්බරගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නතර කර තිබිය දී අදාළ ටිපර් රථය සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි. ඊයේ(13) රාත්‍රියේ, ටිපර් රථ රියදුරෙකු සිදුකළ මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු […]


Jul
14

යාපනයේ සරසවියේ කිළිනොච්චිය මණ්ඩපය තාවකාලිකව වසා දැමෙයි

Generic placeholder image

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමීමට එම බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ එම මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වීම හේතු කොටගෙනයි. අදාල පුද්ගලයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කල අයෙක් වන අතර මේ අනුව ඔහුගේ සහෝදරයා වන සරසවි සිසුවාගේ pcr පරීක්ෂණයේ ප්‍රථිපල ලැබෙන තෙක් […]


Jul
14

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි තිස්ලක්ෂය පන්නයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන ආසාදිත ගණන එක් කෝටි තිස්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 571,840 ක්. මෙම වෛරස් අවධානමෙන් බේරීමට ලෝකය තවමත් සමත් වී නැති බව විශ්ලේෂකයින් සදහන් කරනවා.


Jul
14

මොණරාගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වෙයි

Generic placeholder image

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල සියඹලාණ්ඩුව විලඔය සහ බුත්තල උණවටුන ප්‍රදේශයේ පදිංචි සෙබළුන් දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මිට පෙර සති තුනකට ඉහතදී ඔවුන් රාජකාරි වලින් නිවාඩු ලබා සිය නිවෙස් වලට පැමිණ තිබෙන අතර නැවත රජකාරි කටයුතු සදහා කදවුරට පැමිණි අවස්ථාවේ සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයෙන් අනතුරුව මෙලෙස ඔවුන් කොරෝනා ආසාදිතයින් […]


Jul
14

කොරෝනා වලින් පස්සේ අපේ අනාගතේ මුහුඳ පතුලටද ?

Generic placeholder image

කවදාවත් දැකපු නැති, විඳපු නැති ත්‍රාසජනක අත්දැකීමක් විදීමට මුලු ලෝකයම පිවිසෙන කාලය වැඩි ඈතක නොවේ. මේ කොරෝනා නිසා මුලු ලෝකයම වසා දැමීමෙන් පසු බොහෝ දෙනා උනන්දුවක් දක්වපු එක් කරුණක් දැවැන්ත සංකල්පයක් ලෙස කරලියට පැමිණීමකි. එනම් ගෝලීය උෂ්ණත්වය හා වායුදූෂණය පහල යාම පිළිබඳ නිර්මාණය වු කතිකාවතේ ප්‍රතිඵලයක් ලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බොහෝ මින්සුන් සිතීමට […]


Jul
14

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට

Generic placeholder image

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් සිදුකර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පැවසීය. අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික […]


Jul
14

කේරල ගංජා කිලෝ 400 ක් නාවික හමුදා අත්අඩංගුවට

Generic placeholder image

මෙම වැටලීම සිදු කර තිබෙන්නේ මණ්ඩතිව් දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේදී. අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම මිලියන 60 කි. සිද්ධිය පිලිබදව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි නාවික හමුදාව සදහන් කලේ. මේ අතර මුල්ලේරියාව ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝගන් මත ප්‍රශ්න කිරීම සිදු කල සැකකරුවෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත […]


Jul
14

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදවියන් හා ආශ්‍රිතයින් 519 දෙනකුට කොරෝනා

Generic placeholder image

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා ආශ්‍රිතයින් 519 දෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වී රැදවියන් ගණන 440 ක්. සුදු වැල්ල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් හරහා මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කලේ.


Jul
14

පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසදිතයෙක් හදුනා ගැනේ

Generic placeholder image

කන්දකාඩු මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වනවා. අසදිතයා සමීපව ඇසුරු කල පුද්ගලයින් pcr පරීක්ෂණයට යොමු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය නිලධාරී ශිරන්ති ධනසිංහ මහත්මිය සියත ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.


Jul
14

අද කාලගුණය

Generic placeholder image

අද දින බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


News Articles
Latest Videos
Most Popular Post