News Line| Off Air
Generic placeholder image

Jul
13

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඉන් අනතුරුව ජනපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ සහ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. ජනාධිපති අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ […]


Jul
13

තවත් බොලිවුඩ් නළුවෙකුගේ පවුලේ පිරිසකට කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

ඉන්දියාවේ ප්‍රවීන බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ පවුලේ සාමාජිකයින් පිරිසට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. මේ අනුව ඔහුගේ මවට, සොහොයුරාට, සොහොයුරිය සහ තවත් ඥාතියෙකු හට කොරෝනා අසාදනය වී තිබෙනවා. නළු අනුපම් කේර් කොරෝනා පරික්ෂණයට ලක් කර තිබෙන අතර ඔහුට කොරෝනා අසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ.


Jul
13

හිමිවරු පස්නමක් ස්වයං නිරෝධායනයට

Generic placeholder image

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රාජකාරි කරන දෙදෙනකු පැල්මඩුල්ල ප්‍රදේශයේ සිය නිවෙස් වලට පැමිණීම නිසා එම නිවෙස් වල සාමාජිකයින් 05 දෙනෙක් සහ එම ප්‍රදේශයේ විහාරස්ථානයේ හිමිවරු 05 නමක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය සදහන් කලේ කන්දකාඩු නිරෝධ්යන මධ්‍යස්ථානය වෙත පැමිණි සිටි නිලධාරී දෙදෙනා නැවත ආරක්ෂිතව […]


Jul
13

තංගල්ල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසදිතයෙක් හමුවෙයි

Generic placeholder image

තංගල්ල ප්‍රදේශයේ පවුල් 09 යකට අයත් පුද්ගලයින් 19 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ කොරෝනා ආසාධිත රෝගියෙකු වාර්තා වීම හේතුවෙන්. ඔහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කල 25 හැවිරිදි හමුදා සාමාජිකයෙක්. එම ආරක්ෂක නිලධාරියා පසුගිය 07 වනදා නිවාඩු ලබා තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස වෙත පැමිණ තිබුණා . අදාල පුද්ගලයා සම්බන්ධයෙන් දිගින් දිගටම pcr පරීක්ෂණ […]


Jul
13

මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමු වෙයි

Generic placeholder image

මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමුව තිබෙනවා. මිනිසාගේ මුඛය, දත් සහ තොල් වලට සමානකමක් ඇති ට්‍රිගර් ෆිෂ් මත්ස්‍ය විශේෂයක් මෙලෙස හමුව තිබෙන්නේ. මේ පිලිබදව මේ වන විට ජායා රූප රැසක් අන්තර්ජාලය ඔස්සේ දක්නට ලැබෙනවා.


Jul
13

ජනපති ට්‍රම්ප් පළමු වරට මුඛ ආවරණයක් පැළදුවේ සිය ආරක්ෂාවටමද?

Generic placeholder image

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පළමු වරට මුඛ ආවරණයක් පැළද සිටි අවස්ථාවක් පිලිබදව එරට මාධ්‍ය දැඩි උනන්දුවකින් වාර්තා කිරීමට ලක් කළා. ඒ ප්‍රතිකාර ලබමින් සිටි උසස් හමුදා නිලධාරීන්ගේ සුව දුක් විමසීම සදහා ඉකුත් දා පැමිණි වොෂින්ටන් හි වෝල්ටන් රීඩ් හමුදා රෝහල වෙත පැමිණි අවස්ථාවේය. එහිදී ජනපතිවරයා ජනපතිගේ මුද්‍රාව සහිත කළු පැහැති මුහුණු ආවරණයක් පැළද සිටි අතර එම […]


Jul
13

එක්සත් රාජධානිය Huawei තහනම් කිරීමට යයිද?

Generic placeholder image

එක්සත් රාජධානියේ 5G ජංගම දුරකථන සන්නිවේදන ජාලයට චීන තාක්ෂණික දැවැන්තයා වන හුආවේගේ මැදිහත්වීම තවදුරටත් සීමා කිරීම සදහා ක්‍රියාකරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. මේ පිලිබදව චීනය මෙතෙක් නිශ්චිත තර්ජනයකින් තොරව සාමාන්‍ය තර්ජන එල්ල කර තිබෙන අතර චීනයේ සතුරු රටක් ලෙස සලකන්නේ නම් “ප්‍රතිවිපාක දරාගත යුතු” බව ලන්ඩනයේ සිටින තානාපති ලියු ෂියාමිං බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවා තිබෙනවා. […]


Jul
13

දකුණු අප්‍රිකාව මත්පැන් වෙළදාම තාවකාලිකව නවතා දමයි

Generic placeholder image

උත්ගතව ඇති ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වන කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සදහා ගන්නා එක් පියවරක් ලෙස දකුණු අප්‍රිකා ජනපති සිරිල් රාමපෝසා දකුණු අප්‍රිකාවට මත්පැන් තහනම් කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ එරට සෞඛ්‍ය පද්ධතියට වන හානිය අවම කර ගැනීම අරමුණු කර ගනිමින්. දැනට අප්‍රිකාවේ වෛරස් ආසාදිතයින් 276.000 ක් හදුනාගෙන තිබෙන අතර වාර්තා වන මරණ ගණන 4000 […]


Jul
13

උණවටුන දුම්රිය ස්ථානය යළි විවෘත කෙරේ ( update )

Generic placeholder image

උණවටුන දුම්රිය ස්ථානය යළි විවෘත කර තිබෙනවා. අද දිනයේ උණවටුන දුම්රිය ස්ථානය තවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා. දැනට කොරෝනා අසාදිත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සමග උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීප ඇසුරු කිරිම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන විට එම උප ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාල පරීක්ෂණ වලින් තහවුරු වී […]


Jul
13

කොරෝනා ඉන්දියාවේ තවත් නගරයක් සම්පුර්නයෙන්ම වසා දමයි

Generic placeholder image

දිනෙන් දින ඉන්දියාවේ වැඩි වන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන නගරය වන බැංගලෝර් සතියක කාලයක් සම්පුර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නගරයේ මිලියන 08 ක් පමණ ජනතාවක් වෙසෙන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගන්නා බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට ඉන්දියාවේ මුම්බායි නගරය, මහා රාෂ්ට්‍ වසා […]


Jul
13

ඇමෙරිකාවේ යුධ නෞකාවක පිපිරීමක් ( photo )

Generic placeholder image

ඇමෙරිකාවට අයත් යුධ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා. මෙලෙස පිපිරීමකට ලක්ව ඇත්තේ සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවක්ය. මේ අනතුරෙන් එම නෞකාවේ සිටි නාවුක හමුදා සෙබළුන් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වන අතර පිපිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.


Jul
13

ඊයේ දිනයේ මෙරට හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන 106ක්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරට හමු වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 106ක් ලෙස වාර්තා වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන2617ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන කරන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් තුළ ආශ්‍රිතයන් 14 දෙනෙක් ද කළ එම කදවුරේ සිටමාරු කරන ලද රැඳවුවන් 76 දෙනෙකු .රාජංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 06 දෙනෙකු ද ඊට ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post