කවදාවත් දැකපු නැති, විඳපු නැති ත්‍රාසජනක අත්දැකීමක් විදීමට මුලු ලෝකයම පිවිසෙන කාලය වැඩි ඈතක නොවේ. මේ කොරෝනා නිසා මුලු ලෝකයම වසා දැමීමෙන් පසු බොහෝ දෙනා උනන්දුවක් දක්වපු එක් කරුණක් දැවැන්ත සංකල්පයක් ලෙස කරලියට පැමිණීමකි. එනම් ගෝලීය උෂ්ණත්වය හා වායුදූෂණය පහල යාම පිළිබඳ නිර්මාණය වු කතිකාවතේ ප්‍රතිඵලයක් ලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බොහෝ මින්සුන් සිතීමට […]
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් සිදුකර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පැවසීය. අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික […]
මෙම වැටලීම සිදු කර තිබෙන්නේ මණ්ඩතිව් දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේදී. අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම මිලියන 60 කි. සිද්ධිය පිලිබදව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි නාවික හමුදාව සදහන් කලේ. මේ අතර මුල්ලේරියාව ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝගන් මත ප්‍රශ්න කිරීම සිදු කල සැකකරුවෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත […]
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා ආශ්‍රිතයින් 519 දෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වී රැදවියන් ගණන 440 ක්. සුදු වැල්ල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් හරහා මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කලේ.
කන්දකාඩු මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වනවා. අසදිතයා සමීපව ඇසුරු කල පුද්ගලයින් pcr පරීක්ෂණයට යොමු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය නිලධාරී ශිරන්ති ධනසිංහ මහත්මිය සියත ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.
අද දින බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඉන් අනතුරුව ජනපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ සහ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. ජනාධිපති අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ […]
ඉන්දියාවේ ප්‍රවීන බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ පවුලේ සාමාජිකයින් පිරිසට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. මේ අනුව ඔහුගේ මවට, සොහොයුරාට, සොහොයුරිය සහ තවත් ඥාතියෙකු හට කොරෝනා අසාදනය වී තිබෙනවා. නළු අනුපම් කේර් කොරෝනා පරික්ෂණයට ලක් කර තිබෙන අතර ඔහුට කොරෝනා අසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රාජකාරි කරන දෙදෙනකු පැල්මඩුල්ල ප්‍රදේශයේ සිය නිවෙස් වලට පැමිණීම නිසා එම නිවෙස් වල සාමාජිකයින් 05 දෙනෙක් සහ එම ප්‍රදේශයේ විහාරස්ථානයේ හිමිවරු 05 නමක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය සදහන් කලේ කන්දකාඩු නිරෝධ්යන මධ්‍යස්ථානය වෙත පැමිණි සිටි නිලධාරී දෙදෙනා නැවත ආරක්ෂිතව […]
තංගල්ල ප්‍රදේශයේ පවුල් 09 යකට අයත් පුද්ගලයින් 19 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ කොරෝනා ආසාධිත රෝගියෙකු වාර්තා වීම හේතුවෙන්. ඔහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කල 25 හැවිරිදි හමුදා සාමාජිකයෙක්. එම ආරක්ෂක නිලධාරියා පසුගිය 07 වනදා නිවාඩු ලබා තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස වෙත පැමිණ තිබුණා . අදාල පුද්ගලයා සම්බන්ධයෙන් දිගින් දිගටම pcr පරීක්ෂණ […]
මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමුව තිබෙනවා. මිනිසාගේ මුඛය, දත් සහ තොල් වලට සමානකමක් ඇති ට්‍රිගර් ෆිෂ් මත්ස්‍ය විශේෂයක් මෙලෙස හමුව තිබෙන්නේ. මේ පිලිබදව මේ වන විට ජායා රූප රැසක් අන්තර්ජාලය ඔස්සේ දක්නට ලැබෙනවා.
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පළමු වරට මුඛ ආවරණයක් පැළද සිටි අවස්ථාවක් පිලිබදව එරට මාධ්‍ය දැඩි උනන්දුවකින් වාර්තා කිරීමට ලක් කළා. ඒ ප්‍රතිකාර ලබමින් සිටි උසස් හමුදා නිලධාරීන්ගේ සුව දුක් විමසීම සදහා ඉකුත් දා පැමිණි වොෂින්ටන් හි වෝල්ටන් රීඩ් හමුදා රෝහල වෙත පැමිණි අවස්ථාවේය. එහිදී ජනපතිවරයා ජනපතිගේ මුද්‍රාව සහිත කළු පැහැති මුහුණු ආවරණයක් පැළද සිටි අතර එම […]