ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතයට මුදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුවයි. ඒ අනුව එම වාහන යුධ හමුදාව ඇතුළු රජයේ ආයතන වල භාවිතය සඳහා යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අමදෝ කෝලිබලී හෘදයාබාධයකට ලක්ව මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්. මිය යන විට අගමැතිවරයා 61 වියේ පසු වුවා.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඒ පාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා යි.
පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපල අයුතු පරිහරණය වැළැක්විම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් ස්වකීය බල ප්‍රදේශයෙන් බැහැර පිහිටි දේශපාලන රැස්විම්වලට සහභාගී විම සඳහා හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර් අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා සිය නිල වාහන යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. එය රාජ්‍ය දේපල අවභාවිතා කිරිමක් […]
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයින් 24,879 ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ ගත වූ පැය 24 ක කාලය තුලයි. මේ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 767,296ක් වන අතර වාර්තා වන මරණ ගණන 21,129 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමගයි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 11 දෙනෙක් පමණි.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලිඛිතව බාර දුන් බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) දිනයේ දී මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වයඹ සහ […]
කොරෝනා වෛරසය හේතුවෙන් නවතා දැමුණු ක්‍රිකට් තරග අද සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබනෙවා. ඒ අද සදම්ප්ටන්හිදී පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ආරම්භ කිරිමත් සමගයි. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම තරගය ආරම්භ කිරීමටයි බලධාරීන් පියවර ඇත්තේ.
කොරෝනා අසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී තවත් 12 දෙනෙක් පිටව ගිය බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට සුව වූ සමස්තය 1967 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. තව දුරටත් රෝහල ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 103 දෙනෙකු පමණයි
මාරාන්තික කොරෝනා වෛරසයේ දෙවන රැල්ල හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද මැදියම් රැයේ සිට ඉදිරියට සති 06 ක කාලයක් සදහා වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ගත වූ පැය 24 ක් කාලය තුල නව ආසාදිතයින් 134 දෙනෙකු හදුනා ගෙන තිබෙන අතර එම අවධානම සැලකිල්ලට ගනිමින් මෙලෙස අත්‍යවශ්‍ය කටයුත්තකට හැරුණු විට නිවෙස්වලින් බැහැරව නොයන ලෙස එරට […]
ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැදවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද සිට තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවිකුට කොරෝනා අසාදනය වී හදුනාගත් අතර ඒ හේතුවෙන් වැලිකඩ බන්ධාගාරයේ පමණක් රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර තිබුණා. කෙසේ වෙතත් මේ වන විට දිවයිනේ සියලු බන්ධනාගාර වල රැඳවියන් බැලීම තහනම් කර තිබෙනවා.