News Line| Off Air
Generic placeholder image

Jun
15

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘත කිරීමට අවසර

Generic placeholder image

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් වසා දැමුණු සියලු සත්වවෝද්‍යාන සහ ජාතික වනෝද්‍යාන අද සිට යලි විවෘත කරන බව විෂයභාර අමාත්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ සංචාරකයින්, සංචාරක මඟ පෙන්වන්නන් ඇතුළු සියලු දෙනා පිළිපැදිය යුතු බව රජය අවධාරණය කරනවා.


Jun
15

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ ​බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ස්ථාන කිහිපයක තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි දිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


Jun
14

කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක් හට ගනී

Generic placeholder image

කෑගල්ල නගරයේ පොදු වෙළඳ සංකීර්ණයේ හදිසියේ ගින්නක් හට ගෙන තිබෙනවා.. එම ගින්න මැඩ පැවැත්වීම සදහා ආරක්ෂක අංශ මෙන්ම කෑගල්ල නගර සභාව, ගිනි නිවන ඒකකය කටයුතු කරමින සිටින බවයි වාර්තා වන්නේ.


Jun
14

ඉන්දියානු සිනමාවේ සුපිරි නළුවෙක් සියදිවි නසා ගනියි

Generic placeholder image

බොලිවුඩයේ දක්ෂ නළුවෙකු වූ සුශාන්ත් සින්ග් රාජ්පුත් සියදිවි හානිකරගෙන තිබෙනවා. මුම්බායිහි පිහිටි සිය නිවසේ දී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දක්ෂ රෝමාන්තික චිත්‍රපට නළුවෙකු වූ ඔහු ටෙලි නාට්‍ය මාලාවන් හරහා රංගන දිවියට පිවිසි අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ චරිතාපදානය මූලික කරගත් චිත්‍රපටයේ දෝනිගේ චරිතයට පණ පෙව්වේ මොහුය. ඔහු රංගනයෙන් දායක […]


Jun
14

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 78 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 78 ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ඊයේ (13) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 128,403 දෙනාත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,859,593ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 432,168 දෙනෙකු මියගොස් තිබේ. ඉන් වැඩි දෙනෙකු අමෙරිකාවෙන් වාර්තා වන අතර එරට තුළ මේ දක්වා […]


Jun
14

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 15ක ජල කප්පාදුවක්

Generic placeholder image

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නල පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු හේතුවෙන් අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ […]


Jun
14

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1884 ක් දක්වා ඉහලට

Generic placeholder image

ඊයේ හදුනාගත් නව ආසාදිතයින් සිව් දෙනා සමගින් මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1884 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඉන් 621 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 1252 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.


Jun
14

සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට යළි විවෘත කෙරේ

Generic placeholder image

සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට ( 15 ) යළි විවෘත කෙරෙන බව විෂයභාර අමාත්‍ය ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සදහන් කරනවා.


Jun
14

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුලහේ වේගය පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.


Jun
14

ඇඳිරි නීතිය අද සිට තවදුරටත් ලිහිල් කෙරේ

Generic placeholder image

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් පනවා තිබු ඇදිරි නිතිය අද සිට තව දුරටත් තවදුරටත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අද සිට ඇදිරි නිතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා.


Jun
13

පකිස්තානු හිටපු ක්‍රිකට් නායකයෙක් වන ෂහිඩ් අෆ්රිඩිත් කොරෝනා වෛරසයට ගොදුරු වෙයි

Generic placeholder image

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ෂහිඩ් අෆ්රිඩි ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ


Jun
13

ඉදිරියේදී නිවාස ගම්මාන ඉදිකිරීම පිළිබද රජයේ අවධානය

Generic placeholder image

ඉදිරියේදී නිවාස ගම්මාන ඉදිකිරිම සදහා අවධානය යොමු කල යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා . එතුමා මේ බව ප්‍රකශ කලේ ඊයේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධරීන් සමග අරලිය ගහ මන්දිරයේදී පැවති හමුවකට එක් වෙමින්ය. එමෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක කරන ලද ” ඔබට ගෙයක් රටට හෙටක් ” නිවාස වැඩසටහනෙහි වර්තමාන ප්‍රගතිය කෙරෙහිද […]


News Articles
Latest Videos
Most Popular Post