News Line| Off Air
Generic placeholder image

Jun
7

ලොව පුරා කොරෝනාව බිලිගත් ජිවිත ගණන ලක්ෂ හතර ඉක්මවා යයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත. වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ. කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ […]


Jun
7

හෙට සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනයට

Generic placeholder image

හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව දුම්රිය සහ බස් රථවල මගීන් ගෙනයාමට උපදෙස් ලබා දි ඇති බවයි. මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේය. මේ අතර […]


Jun
7

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1814ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ රාත්‍රී 8.30 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාදිතයින් සිව්දෙනා සමඟින් මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 912 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් […]


Jun
6

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය එළඹෙන සදුදා සිට

Generic placeholder image

දැනට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා පමණක් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බව නාගරික රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. ඒ අනුව උදෑසන 0.600 සිට 9.00 දක්වාත් පස්වරු 04.00 සිට රාත්‍රී 07.00 දක්වාත් මෙම නීතිය ක්‍රියාත්මක වෙයි. සෙසු මාර්ගවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන […]


Jun
6

කොරෝනා ආසාදිතයින් ගණන 1810ක් දක්වා ඉහළට

Generic placeholder image

අද(06) සවස 6.30 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1810ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාදිතයින් සිව්දෙනා සමඟින් මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 […]


Jun
6

නිරිතදිග කොටස් වැසි වැඩි වන ලකුණු

Generic placeholder image

දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා […]


Jun
6

සියලු තැපැල් කාර්යාල අද වසා තැබෙයි

Generic placeholder image

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ , දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බවයි. නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


Jun
6

ඇඳිරි නීතිය අද සිට රාත්‍රී 11 සිට අළුයම 4 දක්වා ක්‍රියාත්මක කෙරේ

Generic placeholder image

දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද(06) අළුයම 04.00ට ඉවත් කෙරුන අතර යළි ඇඳිරි නීතිය අද රාත්‍රී 11.00ට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 11.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. […]


Jun
5

කොවිඩ් සම්පූර්ණයෙන්ම පැරද වූ රටවල් අතරට ඇතුල් වූ නවතම රට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය සම්පුර්නයෙන්ම තුරන් කල රටවල් අතරට පැසිෆික් කලාපයේ දූපතක් වන ෆිජි දූපත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ජයග්‍රහණය පිලිබදව එරට අග්‍රාමාත්‍ය ෆ්‍රෑන්ක් බයිනිමාරාම ප්‍රකාශ කරන්නේ වෛරසයට එරෙහිව කැපවීමෙන් කටයුතු කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම හේතුවෙන් කොවිඩ් සම්පුර්ණයෙන්ම සිය රටින් තුරන් කිරීමට හැකි වූ බවයි. පසුගිය මාර්තු මාසයේදී එරටින් පළමු ආසාදිතයා හදුනාගැනුණු අතර […]


Jun
5

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ගෝලීය එන්නත් සමුළුව වීඩියෝ තාකෂණය ඔස්සේ අමතමින් සදහන් කලේ ශ‍්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප‍්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප‍්‍රස්ථා සලසා ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත හා ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශී‍්‍ර ලංකාව විශ්වාසය තබා තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවදාරණය කළා. […]


Jun
5

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙයි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර වෙයි.


Jun
5

මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ

Generic placeholder image

ඡායා චන්ද්‍රග්‍රහණයක් වන මෙය රාත්‍රි 11.15 ට ආරම්භ වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය. පසුදින අලුයම 2.34 වන තුරු දර්ශනය වේ. ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ, සූර්ය්‍යා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙළ ගැසී ඇති විටකදීයි. මෙම ඡායා […]


News Articles
Latest Videos
Most Popular Post