News Line| Off Air
Generic placeholder image

Apr
29

කොරෝනා ආසාධිතයින්ට ප‍්‍රතිකාර කරමින් සිටි අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

Generic placeholder image

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි‍්‍රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා. ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත් […]


Apr
29

කොර‌ෝනා ආසාදනයෙන් ලොවපුරා 218000කට අධික සංඛ්‍යාවක් මරුට

Generic placeholder image

ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද වනවිට තිස් එක්ලක්ෂ තිස් අට දහස ඉක්මවා තිබේ.‍ වාර්තාවන මරණ සංඛ්‍යාව දෙලක්ෂ දහඅට දහසකට අධිකයි. මේ අතර ඊයේ දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙන්. අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන […]


Apr
29

සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මෙලොවින් සමුගනී

Generic placeholder image

බොලිවුඩ් සහ හොලිවුඩ් චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඉන්දීය සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මුම්බායි හි රෝහලකදී මියගොස් තිබෙනවා. මිය යන විට 53 වියේ පසු වූ ඔහු පිළිකා රෝගයකින් පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය අගහරුවාදා ඔහු දැඩිසත්කාර ඒකකයට ගෙන ගොස් තිබෙනවා. ඔහු ආදායම් වාර්තා තැබූ හොලිවුඩ් චිත‍්‍රපට වන ස්ලම් ඩෝග් මිලියන, ජුරාසික් වර්ල්ඩ්, […]


Apr
29

තැපැල් කාර්යාල මැයි 4 සිට විවෘත කරයි

Generic placeholder image

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත. ඒ අනුව 2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද […]


Apr
29

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 622 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 622 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
29

ප‍්‍රවීන නළු ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මෙලොවින් සමුගනී

Generic placeholder image

සිංහල සිනමාවේ ප‍්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට එවා තිබුණා. ඔහු අද අලුයම එහිදී ජීවිතක්‍ෂයට පත් වූ බව සදහන්. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුළ චිත‍්‍රපට 100 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. […]


Apr
29

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් කිසිවෙක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ නෑ

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් අතුරෙන් කිසිවෙකුත් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එහෙත් පොල්පිතිගම ප‍්‍රදේශයේ එක් කාන්තාවක් පමණක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහු කියා සිටියා.


Apr
29

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි කරන අයට පමණක් ප්‍රවාහන පහසුකම්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සදහා ගමන් කරන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන පහසුකම් සලසාදිමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රවාහන කටයුතු සදහා මෙම පාර්ශව දෙක සදහා පමණක් ලංගම බස් රථ යෙදවිමට තීරණය කර ඇති බව වාර්තා‌ වේ


Apr
29

බස්නාහිර පළාතේ සිරවී සිටින්නන්ට වියළි සලාක බෙදාදීම ඇරඹේ

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හේතුවෙන් මේ වන විට බස්නාහිර පළාත තුළ සිරවී සිටින පිරිස් සඳහා වියළි සලාක බෙදාදීම ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය කටයුතු ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ ඒ ග්‍රාම සේවා වසම්හි දැනට සිරවී සිටින පිරිස් පිළිබඳ ග්‍රාම නිලධාරීන් […]


Apr
29

සියලු හමුදා කඳවුරු නිරීක්ෂණයට පියවර

Generic placeholder image

සියලු හමුදා කඳවුරු නිරීක්ෂණය කිරීමට හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පත් කළ ජනාධිපති විශේෂ කාර්යය සාධක බලකාය තීරණය කර තිබේ. එහි ප්‍රධානී බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේ, කඳවුරුවල පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන බවයි. මීට අමතරව සමාජ දුරස්තභාවය ඇතුළු සෞඛ්‍යය උපදෙස් නිසි ලෙස […]


Apr
29

කොරෝනා ආසාධනය වී පූර්ණ සුවය ලැබූවන් 134 ක්

Generic placeholder image

මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 600 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ (28) දිනයේ හදුනාගත් නව ආසාදිතයින් 31දෙනා ද සමගින් මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 619ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 31 දෙනා අතරින් 21 දෙනෙකු නාවික හමුදා සාමජිකයින් වන අතර ඉන් සිව්දෙනෙකු යුද හමුදා සාමාජිකයින් බව […]


Apr
29

කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණයේ නඩු කටයුතු කල් දමයි

Generic placeholder image

කොළඹ මහාධිකරණවල සහ කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු තවදුරටත් නොපැවැත්වෙන බව අධිකරණ සේවා කොමිසන් සභාව පවසයි. එම කොමිසන් සභාව සඳහන් කළේ, ලබන 04 වනදා සිට එම කටයුතු ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි. මේ අතර අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවදුරටත් ඉදිරිපත් කෙරේ. අධිකරණ සේවා කොමිසන් සභාව […]


News Articles
Latest Videos
Most Popular Post