ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පොළොන්නරුව, මාතලේ සහ මඩකලපුව […]
ඊයේ රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොරෝනා රෝගීන් 12 ක් වාර්තා වෙනවා. අද(28) රාත්‍රී 7.30 වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 611 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ සුවය ලැබු පිරිස සමඟ මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 134 ක් දක්වා වැඩි විය. කෙසේ වෙතත් පුද්ගලයින් […]
ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොලිසියෙන් ඉල්ලයි. වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසයි. ඇය සඳහන් කරන්නේ, මහජන ආරක්ෂාව සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අවස්තාවලදී පවා විශාල වශයෙන් පිරිස් මහා මාර්ගවල ගමන් කරනු […]
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රතිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (27) වැනි දින සිදු කෙරුණා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබනවා. මූලිකව කොවිඩ් 19 […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් – 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම […]
ලොවපුරා කොරෝනා ආසාධිතයින් මේ වන විට තිස් ලක්ෂ 60,000 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාධනය වී ලොව පුරා සිදුව තිබෙන මරණ සංඛ්‍යාව දෙලක්ෂ 11,000 ක්. කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයේ මේ වන විට ආසාධිතයින් සංඛ්‍ය දස ලක්ෂය ඉක්මවා තිබෙනවා. එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව 56,677 ක්. එමෙන්ම ඉතාලියේ කොරෝනා මරණ 26,977 ක් […]
උණ, කැස්ස ඇතුළු දැනට පවතින රෝග ලක්ෂණ වලට අමතරව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාධනයේ තවත් රෝග ලක්ෂණ පෙළක් සී.ඩී.සී හෙවත් ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. උසස් පරීක්ෂණාගාර කි‍්‍රයාවලියකින් අනතුරුව හදුනාගත් එම රෝග ලක්ෂණ ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සුළු රෝග ලක්ෂණ වල සිට බරපතල […]
කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මිය ගොස් ඇති බව ඉරානයෙන් වාර්තා වෙනවා. එරට සමාජයේ යන මෙතනොල් පානය කිරීම තුලින් කොරෝනා වෛරසයෙන් බෙරීම සදහා හැකි බවට යන මතය පදනම් කරගෙන පුද්ගලයින් 5011 දෙනෙකු මෙම විෂ පානය කර ඇති බව සදහන් වෙනවා. ඒ අතරින් මේ දක්වා කාලය තුල පුද්ගලයෝ […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත […]
‘ණය සහනය 2020’ යනුවෙන් ගූගල්හි පවතින ලියවිල්ලක් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය මහජනතාවගේ අවධානය යොමු කර තිබේ. සර්ට් ආයතනය දැනුම් දෙන්නේ, අදාළ ලියවිල්ල වට්ස් ඇප් යෙදුම ඔස්සේ බොහෝ විට ලැබෙන අතර, ඊට පෞද්ගලික තොරතුරු හෝ බැංකු ගිණුම් යනාදිය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසය. මෙම ලියවිල්ල සාවද්‍ය එකක් බවත්, එය දත්ත පැහැර […]