නව ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ආණ්ඩුව මෙරට ඉඩම් අමෙරිකාව ඇතුළු බහු ජාතික සමාගම් වලට විකිණිමට යන බවට දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා චෝදනා කරනවා.ඒ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වමින්ය. එ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාද සදහන් කලේ මෙම ඉඩම් පනත මගින් සිදුවන හානිය සෝෆා ගිවිසුම මගින් සිදුවන හානියට සමාන බවයි.
දෙමළජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද යලි රැස් වනවා. ඒ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායි. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා. නමුත් එහිදී තීරණය කෙරුනේ විශ්වාසභංගය පිළිබඳ තවදුරටත් සළකා බලා පසුව තීරණයක් ගැනීම යෝග්‍ය බවයි. ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදීමත් දෙමළ ජනතාවගේ විශ්වාසය […]
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට සහය පළ කරමින් පක්ෂ භේදයකින් තොරව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද දිනයේ දී හා හෙට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගැනීමට වෙන් කර ඇති අතර මෙයට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දිමට තමන් සුදානම් බවත් එක්සත් ජනතා […]
මොහොමඞ් සහරාන් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පේරාදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරන බවයි. පේරාදෙණිය හේන්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු මුක්තාර් ආශිෆ් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු මොහොමඞ් […]
පසුගිය දින පැවැත්වුනු ඕස්ට්‍රේලියාව සහ පාකිස්තනය අතර ලෝකකුසලාන තරගාවලිය යටතේ පැවති ක්‍රිකට් තරගයේ විශේෂ සිදුවීමක් ලෙස පාකිස්තාන ප්‍රේක්ෂකයෙකු බලපොරොත්තු සුන් වී සිටින ඡායාරූපයක් සමාජ මාද්‍ය වෙබ් අඩවි වල ඉතා සීග්‍රයෙන් පැතිර ගියා. ලංකාවෙත් මෙම ජායාරූපය යොදා ගනිමින් විවිධ නිර්මාණ කර තිබුණා. ඒ හින්දම සියත 24 අපි මේ ගැන සොයා බැලීමක් සිදු කලා. මෙම ජායාරූපයේ සිටින […]
අද අළුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයෙදි රුපියල් ලක්ෂ 30 ක් වටිනා ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. වෙනත් පුද්ගලයෙක් මාර්ගයෙන් ගජමුතු මිලදි ගැනිමට සැලසුම් කර අදාල සැකකරු ගජමුතු අළෙවි කිරිමට සුදානම් කර සිටියදි වවුනියාව පොලිස් නොවිසදුණු අපරාධ ඒකකය විසින් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරු වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙක් බව වාර්තා වෙනවා.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(10) දින පස්වරු 2.00ට රැස්වීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළා. අද දිනයේ එම සභාව හමුවේ සාක්ෂා ලබාදීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාටත්, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී […]
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) විවාදයට ගැනෙන බව වාර්තා වෙනවා. ආණ්ඩුව පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීමේ අරමුණෙන් ජවිපෙ විසින් මෙලෙස ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා. මෙම යෝජනාව සදහා පක්ෂව ඡන්දය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළ අතර මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන කණ්ඩායම හෝ පුද්ගලයින් කවුරුන් […]
රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව එහි ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා.රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ මෙම ගැටුම හටගෙන තිබුණා. එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ […]
අද දිනයෙහි ඉන්ධන මිලෙහි වෙනසක් සිදු විය හැකි බවට වාර්තා පලවෙනවා. ඒ සෑම මසකම දස වෙනිදා තෙල් මිල කමිටුව රැස්වීමට නියමිත නිසාවෙන්. ඒ අනුව මිල සුත්‍රය යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් මිලෙහි වෙනස් සිදු කිරීමට රජය සූදානම් බවයි වාර්තා වෙන්නේ. මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහල […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිව අත්හිටුවනු ලැබුවා. ඒ අනුව අද(10) දින එම තරගය යළි ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා. තරගය අත්හිටවනු ලබන විට කාසියේ වාසිය දිනාගෙන නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 46යි […]
හෝකන්දර ප්‍රදේශයට අද(10) දින පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා. එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ද කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද අදාළ කාලය තුල අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි පැවසෙන්නේ.