ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැනට ලකුණු අතර සිටින පිතිකරුවෙක් හට මෙවර ලොකෙ කුසලානය අහිමි වන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සියත 24 තුලින් බලාපොරොත්තු වන්න.
ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ. මේ අවස්ථාවට ඩෑන් ප්‍රියසාද් හා නාමල් කුමාරද එක්ව සිටියහ. කෙසේ වෙතත් එම විරෝධතාවට ඉතාමත් අඩු ජන සහභාගිත්වයක් දක්නට ලැබුණි. පසුගිය කාලයේදී ඩෑන් හා නාමල් අතර මත ගැටුමක්ද පැවැතියේය.
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කළුතර නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා දර්ගා නගරයේ හා අළුත්ගම නගරයේ දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව තිබෙන බව සඳහන්. මේ වනව්ටමොවුන් වැඩිදුර විමර්ශන සඳහා අළුත්ගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර දකුණ හා දර්ගානගරයේ පදිංචිකරුවන්. සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් […]
ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානය අතර සාකච්ජාවක් අද පැවැත්වෙනවා. ඒ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේ දීයි. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට පැවැත්වුනා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පසුගිය 06 වනදා පැවැත්වුනා.
විදේශීය ගුවන් යානා කාර්යය මණ්ඩලයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුතු රත්තරන් වළලු තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි . […]
දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග ප්‍රකාශ කරනවා. තෙවැනි එක්දින තරඟයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග මේ බව සඳහන් කළා. “පන්දු යවන්නන්ගෙන් අපි බලාපොරොත්තු වුණ එක ළඟ කඩුලු දෙකක් දවා ගැනීම අපිට කරන්න නොහැකි වුණා. පසුගිය […]
ඉතියෝපියාවේ අඩ්ඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් කරමින් සිටි බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් මගින් 149 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සමග කඩා වැටී ඇති බව වාර්තා වනවා. මෙම ගුවන් යානය ගුවන් තොටුපළෙන් නික්මවී මිනිත්තු 06කට පසු කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය […]
රිය අනතුරකින් පසු සති දෙකකට අධික කාලයක් රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. පසුගිය 24 වන දා බම්බලපිටියයේදී පොලිස් ස්ථානාධිපතිවරයා […]
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද පස්වරුවේ මාසික සංශෝධනය සිදුකිරිමට නියමිතයි. ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වන අතර ඊයේ නිවාඩු දිනයක් වූ නිසා මෙසේ මිල සංශෝධනය අද සිදුකරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියේ. ලෝක වෙළඳපොලේ මේ වනවිට බොරතෙල් බැරලයක මිල ගණන් පෙරට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වෙනවා.ඉකුත් පෙබරවාරී මාසයේ දී මිල සූත්‍රයට අනුව […]
ඊයේ (09) අළුයම් කාලයේදි මාවනැල්ල ධනාගම ප්‍රදේශයේදි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටින පුද්ගලයා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් මේ වන විට අනාවරණය වි තිබෙන බව පොලිසිය පවසනවා.මෙලෙස වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ අමාත්‍ය කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් වන මොහොමඩ් රසාක් තස්ලීම් යන අයෙක් බවයි පැවසෙන්නේ. මීට මාස කිහිපයකට පෙර අන්තවාදි සංවිධානයක […]
සුගිය කාලයේ රටේම කතාබහට ලක්වුනු රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තිය මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයෙකු බව කියන කැලුම් ඉන්දික නමැත්තා සතුව තිබී සොයා ගැනීමත් සමඟ එම දියමන්තියට සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවුනා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම දියමන්තිය රේගු නීති රීති උල්ලංඝනය කරමින් සෞදි අරාබියේ සිට මෙරටට ගෙන්වා ඇති බව […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ ඒකාබද්ධ මැයිදින රැළිය මෙවර බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්විමට තීරණය කර ඇත. මේ සදහා ශ්‍රී ලංකා පොලීසියේ එකගතාවය මත කොළඹ නගර සභාවට මුදල් ගෙවා පිටිය වෙන්කර ගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබේ. මැයි දින පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් […]