News Line| Off Air
Generic placeholder image

Feb
6

වරායේ ආරක්ෂාව තර කිරිමට යයි

Generic placeholder image

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු […]


Feb
6

චීන හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

Generic placeholder image

ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ.ටී.එම්. යන්ත්‍රයේ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ සියුම් උපකරණයක් සවිකර එම යන්ත්‍රයට ඇතුළත් කරන ණයපත් (Credit Card) හා හරපත් (Debit […]


Feb
6

ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ මාස මාස තුනකට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිමට කටයුතු නොකිරීම හේතුවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මාස තුනකට එක් වතාවක්වත් පාර්ලිමේන්තුවට පැමිණිම අනිවාර්යය වෙනවා.


Feb
6

මධූෂ් ගැන ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා

Generic placeholder image

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ඩුබායි රජයත් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරනවා. මකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. […]


Feb
6

පක්ෂ නායක විරෝධය නොතකා ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ විසින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව හෙට (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. අද පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ. එම යෝජනාව ගෙන ඒමට බහුතරයක් වන පක්ෂ නායකයන් විරෝධය දක්වද්දී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් […]


Feb
6

මධූෂ්ට ඩුබායිහිදි නීතිමය පියවර

Generic placeholder image

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.


Feb
6

රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57000යි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57,000 කට අධික බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් ඔහු මේ බව කියා සිටියා. සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසමින්, වත්මන් රජය පනස් දහසකට ආසන්න උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණවලට කැදවීමට ඉකුත් වසරේ කටයුතු කළත් ඉන් රැකියා ලබාදී ඇත්තේ […]


Feb
6

රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

Generic placeholder image

රූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා. එම සේවකයින් අලෙවි කළමනාකරුගෙන් ආයතනයට සිදුවු පාඩුව පියවා ගන්නා ලෙස ඉල්ලා සභාපතිගේ කාර්යාලය වටලමින් එහි උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා.


Feb
6

අභිමානයෙන් සැමරුණ ගම්පහ ජාතික නිදහස් උත්සවය

Generic placeholder image

71 වැනි ජාතික නිදහස් සැමරුණ පසුගිය 4 වෙනිදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණා. ඊට සමගාමීව ගම්පහ නගර සභාව , ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පාසල එක්ව එය අද සමරා තිබුණේ මේ ආකාරයටයි.  


Feb
6

හතුරුසිංහ ඉවත් කිරීමට නීතිඥ සහය ලබා ගැනීමට බලධාරීන්ගේ සූදානමක් ?

Generic placeholder image

දිගින් දිගටම පරාජය වෙමින් විනාශයට ඇද වැටෙමින් තිබෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජය මාවතට ගෙන ඒමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසින් අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉවට් කිරීමට කටයුතු සුදානමින් පවතින බව වාර්තා වෙනවා. ඒ කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී තිබෙනුයේ සිය තනතුරෙන් ඉවත් වීමට චන්දික හතුරුසිංහ අකමැත්ත පල කිරීමත් සමගයි. චන්දික හතුරුසිංහ කණ්ඩායමට […]


Feb
6

පෙනහළු බද්ධයටත් සූදානම් – රාජිත

Generic placeholder image

ඉදිරියේදී පෙණහළු බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ඊයේ (05දා) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. “නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු අක්ෂි කාච ලක්ෂ 03 ක් බද්ධ කර තිබෙනවා. අවයව බද්ධ කිරීම් ආරම්භ […]


Feb
6

නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය විවෘත කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමේ එක් පියවරක් ලෙසින් අංක 1 කුමාරන් රත්නම් පාර කොළඹ ටික ලිපිනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ ස්ථාපිත කරන ලද නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය 2019 පෙබරවාරි මස පස්වන දින පස්වරුවේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් විවෘත කරනු ලැබුවා. ලේඛනාගාරය තුළ ශ්‍රි ලංකා පොලිසියේ ඉතිහාසය රාජ […]


News Articles
Latest Videos
Most Popular Post