ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී තිබෙන අතර, ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය දන්වනවා. මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (09දා) […]
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(09) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී […]
පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පවසනවා. අද පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි තිබෙනවා. වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න සිඝ්රෙවයන් පැතිර යමින් පවති. ගින්නෙන් […]
නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (09) යුද්ධ හමුදා මුලස්ථානයේදී, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු වී තිබෙනවා. එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් නාවික හමුදාධිපතිවරයා පිළිගත් අතර, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිවරයා හමුවූ […]
2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ. ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී […]
ඕස්ටේ‍්‍රලියාවේ පිහිටා තිබෙන විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රක කාර්යාල කිහිපයකට සැක කටයුතු පාර්සල් ලැබීම සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට විශේෂ පරික්‍ෂණයක් ආරම්භ කොට තිබෙනවා. මෙලෙස සැකකටයුතු පාර්සල් ලැබී තිබෙන්නේ කැන්බරා සහ මෙල්බර්න්හි පිහිටි තානාපති කාර්යාලවලටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි‍්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, අමෙරිකානු සහ පාකිස්තාන යන රටවල තානාපති කාර්යාලවලට මෙම පාර්සල් ලැබී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් […]
ගොවියාට සහන සලසන්නේ නොමැතිව මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගන්නා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවකයින් විශාල අපරාධයක් සිදුකරන බවත් එසේ වැඩක් නොකොට ගොවියාගේ ලැබිය යුතු සහන ප්‍රමාද කොට ලබා දෙනවා නම් තමන් ලබා ගන්නා ජනතා වැටුප දෙවියන්ගේ සහල් කෑවා වැනි යයි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරනවා. මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් සමගාමීව […]
වර්තමාන පාර්ලිමේන්තුව ඇතුළේ විනයක්, සදාචාරයක් නැති බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ තත්ත්වය පිළිබඳව කතා කිරීමටද ලැජ්ජා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. එසේම තමන් නිතරම හිතන්නේ මෙර රට තුළ පාර්ලිමේන්තුවට කුමක්ද සිදුවූයේ යන්න පිළිබඳව බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කරන්දෙනිය මධ්‍ය විද්‍යාලයට වසර හැත්තෑපහක් සපිරීම නිමිත්තෙන් අද (09දා) දින පැවැති ‘කරන්දෙණි […]
දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්යාම පිළිබද අප්‍රසාදය පල කරමින් පැෆ්රල් සංවිධානය යළිත් වරක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ලිපිය මගින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ මේ වන විට පළාත් සභා 06ක නිල කාලය අවසන්ව ඇති අතර එළඹෙන අප්‍රේල් මාසය වන විට තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන් වන බවයි. පවතින තත්ත්වය […]
ධාවනය වෙමින් තිබූ අත්ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී යෑමෙන් සිදුවු අනතුරක් පිළිබඳ මේ දිනවල සමාජ වෙබ් අඩවිවල හුවමාරු වෙමින් පවතිනවා. පුද්ගලයින් සිව් දෙනෙක්, කාන්තාවක් හා කුඩා ගැහැණු දරුවෙක් මෙම අත්ට්‍රැක්ටර් රථයේ ගමන් ගන්නා අතර, ටික දුරක් යන රියදුරාගේ අතින් හැඩලය ඉවත්ව යන ආකාරයයි සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබුණේ. පසුව එය බෑවූමකට ඇඳීයන ආකාරයත් එහි දැක්වුණා.මෙය කටුවන, […]
අභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති විනිසුරු), ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්ව තිබූ විනිසුරු ධූර තුන වෙනුවෙන් මෙම නම් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණි. එම නම් සඳහා අනුමැතිය හිමිවිමෙන් අනතුරුව දිවුරුම් දීම සිදුකර තිබෙනවා. එසේම අභියාචනාධිකරණයේ […]
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා. විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනුයි. එහිදී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් […]