පළාත් පාලන ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවපු පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරා. පළාත් පාලන අායතන 200 කට වඩා ඔවුන් ජයග්‍රහණය කරා. එ් නිසා ගොඩක් අය හිතුවේ හිටපු ජනාධිපතිවරයා අලුතෙන් අාණ්ඩුවක් හදයි කියලා. හැබැයි අද එතුමා කොළඹ අධිකරණ සංකීර්ණයට අාපු වෙලාවේ කිව්වේ වෙනම කතාවක්. 2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා කියලයි ඔහු කිව්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගිහින් තියෙනවා.වත්මන් දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කර ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීමට බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ලංකාවේ දේශපාලනය අැවිලුනා. අගමැති වෙනසක් දක්වාම දේශපාලන ගිනිදැල් ඉහළ ගියා. හැබැයි ඊයේ වෙද්දී මේ ගින්න නිවිලා ගියා. එ් වුනත් අළු යට ගිනිපුපුරු තවමත් නිවිලා නෑ. කොයි වෙලේක හරි ගිනන අායෙත් මතු වෙන්න පුළුවන්. අද උදේ ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවෙන්න නියමිත වෙලා තිබ්බා. නමුත් උදේම එතුමා එ් වැඩසටහන අවලංගු කරා. ජනාධිපතිතුමා ජාතිය […]
අගමැතිධූරයේ වෙනසක් ගැන පහුගිය දවස් කිහිපයේ කතා වුණා. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එජාපයේම වෙත් කෙනෙක් පත් කරන්න කියලා සමහරු කිව්වා. ශ්‍රීලනිපයේ අගමැති කෙනෙක් ඕන කියලා තවත් සමහරු කිව්වා. මේ සේරටම උත්තර ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කිව්වා. අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද මහතා දුරකතන අැමතුමක් දුන්න කියල රාජිත ඇමතිතුමා කිව්වා. […]
පළාත් පාලන ඡන්දය ඉවර වුණා විතරයි කරලියට අාව මාතෘකාව තමයි එජාප තනි අාණ්ඩුව. ඊට පස්සේ ශ්‍රීලනිපය තවත් අාණ්ඩුවක් පිහිටුවනවා කියලා මාතෘකාවකුත් කරළියේ පෙරලි කරා. පහුගිය දවස් කිහිපයේම පක්ෂ විපක්ෂ රැස්වීම් , සාකඡ්චා රැසක් තිබ්බා. අද දවල් තිබ්බ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස් වීමේදී රාජිත සේනාරත්න මහතා කිව්වේ එජාප ශ්‍රීලනිප එකමුතුවෙන් යහපාලන අාණ්ඩුව දිගටම යනවා කියලා. […]
දැන් පටන් අරන් තියෙන්නේ ඉල්ලා අස් වෙන, අලුතෙන් පත්වෙන, එහෙට මෙහෙට මාරුවෙන කාලේ. අමාත්‍ය සාගල රත්නායක මහතා මීට ටික වෙලාවකට කලින් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙන බව ප්‍රකාශ කරා. ඒ අතරේ එජාපයේ ආනමඩුව සංවිධායක ධුරයෙන් ඉවත් වෙන්න තීරණය කළ බව සමහර මාධ්‍ය වාර්තා කරා. හැබැයි මේ ගැන පාලිත රංගේ බණ්ඩාර මහතාගේ […]
සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තියෙනවා. එතුමා මේ බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම්දී තිබෙනවා. ඔහු අද උදෑසන අගමැතිවරයාත් මේ ගැන දැනුම් දීලා තියෙනවා. සාගල රත්නායක මහතා මේ ගැන Facebook සටහනක් තියලා තියෙනවා. “මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කරන්න මා විසින්ම ගත්ත පෞද්ගලික තීරණයක්” කියලයි ඔහු සටහන් කරලා තියෙන්නේ. […]
ලංකාව දේශපාලනය කැළඹිලා තියෙන වෙලාවේ තවත් ප්‍රභල දේශපාලන චරිතයක් ගැන සමහර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. එ් තමයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් එතුමියගේ බල කණුව වුන අත්තනගල්ල අාසනය ශ්‍රීලනිපය පැරදුණා. අත්තනගල්ල කියන්නේ ශ්‍රීලනිපයේ හදවත වගේ අාසනයක්. එ් නිසා අත්තනගල්ල අාසනය පැරදුණ දුකට හිටපු ජනාධිපතිණිය රට අත්හැරලා ලන්ඩන් ගිහින් කියලා සමහර […]
පළාත් පාලන ඡන්දය තිබ්බට මේ වෙද්දි මහ අාණ්ඩුවත් වෙනස් වෙන්නයි හදන්නේ. එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවනවා කියලා දැවටමත් ස්ථිරවම කියලා තියෙන්නේ. එ් අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාණ්ඩුවක් පිහිටුවන කතාවක් අද කරලියට අාවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරලා මහින්ද රාජපක්ෂ මහතාත් එකතු කරන් අාණ්ඩුවක් පිහිටුවන්න හදනවා. මේ වැඩේට අත ගහලා තියෙන්නේ […]
කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් තියෙන ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට කලින් කඩා වැටිලා තියෙනවා. පොලීසිය සදහන් කරේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මිනිසුන් සිරවී සිටිය බවට සැක කරනවා කියලා. කොළඹ ගිනි නිවන එ්කකය මේ වෙද්දී ගලවා ගැනීමේ රථ 8 ක් එම ස්ථානයට යවලා තියෙනවා. ආරංචි මාර්ග සඳහන් කරන විදියට දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමය නිසා හැම කොට්ඨාශයටම වගකියන්න ඕන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එ් නිසා මේ සැරේ පළාත් පාලන අායතනවලට පන්වුණ සභිකයන් ගණනත් වැඩි වුණා. අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමයට කලින් ලංකාවේම පළාත් පාලන අායතන වලට පත්වුණේ සභිකයින් 4486 ක් විතරයි. ඔවුන්ව නඩත්තු කරන්න රජයට අවුරුද්දකට රුපියල් කෝටි 84 ක් වැය වුණා. අලුත් ක්‍රමය නිසා […]
ලංකාවේ සිදුවෙන දේශපාලන වෙනස්කම් ගැන විදේශ රටවල් පවා අැහැ ගහගෙන ඉන්නේ. අැමරිකාව සහ ඉන්දියාව කියන්නේ එ් අතරින් ප්‍රධාන රටවල් දෙකක්. මේ වෙද්දී අැමරිකානු තානාපති අතුල් කේශප් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙකවා. රටේ අැතිවෙලා තියෙන දේශපාලන තත්වය ගැන කතා කරන්න තමයි මේ සාකච්ඡාව පවත්වනවා කියලා අාරංචි වෙන්නේ. මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් […]