අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමන්‍ය පෙළ විභාගයට සම්බන්ධ පෞද්ගලික උපකාරක පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් හෙට (06) මධ්‍යම රාත‍්‍රී සිට තහනම් කර තිබෙනවා.එම තහනම විභාගය අවසන් වනතෙක් බලපැවැත්වෙනවා. මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානු බද්ධ දේශන, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමානප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයකිරීම හා ඒවා බෙදාහැරීම, ද සම්පූර්ණයෙන් […]
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මුස්ලිම් රටවල් 6කට එරෙහිව පනවන ලද සංචාරක තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරය එම සංචාරක තහනමට අනුමැතිය ලබා දුන්නේ, ඒ සම්බන්ධයෙන් එරට පහළ අධිකරණය මගින් පැනවූ වාරණ නියෝගය අහෝසි කරමින්. විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් 7 දෙනෙකු ම සංචාරක තහනම බලාත්මක කළයුතු බවට නියෝග කර තිබුණා. ඊට එරෙහි වූයේ, විනිසුරුවරුන් දෙදෙනෙකු […]
පස් කඳු කඩා වැටිමෙන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්වයට පත්කර තිබෙනවා. දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත සඳහන් කලේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු අද සිට යලි සාමාන්‍ය පරිදි සිදු වන බවයි. කෙසේ වෙතත් අද දින කොලඹ බදුල්ල අතර රාත‍්‍රි […]
දිස්ත‍්‍රික්ක 06 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කල නායයෑමේ අවධානම තවදුරටත් දීර්ඝකර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව හෙට පෙරවරු 9.30 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝකර ඇතිබවයි. මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක සඳහායි. 2017/12/03| SIYATHA FM TOP STORY – 03:00 […]
2017 – 2018 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අද උදේ 5.40 ට යෙදුනු සුභ නැකතට ආරම්භ වුනා. ශ්‍රී පාද ස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, බෙංගමුෙවි ධමිමදින්න හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් තමයි මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරමිභ වුණේ. ශ්‍රී පාද පද්මය සුවඳ පන් වලින් දෝවනය කරාට පස්සේ පැල්මඩුල්ල […]
අයහපත් කාළගුණය සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, හික්කඩුව, මීටියාගොඩ, කොස්ගොඩ, කඹුරුපිටිය සහ මඩොල්සිම ප‍්‍රදේශවලින් එම මරණ වාර්තා වන බවයි පොලිසිය පැවසුවේ. ආපදා තත්වය හමුවේ පුද්ගලයින් 05 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා. තුවාල ලබා රෝහල් ගත කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 51 ක්. ආපදා තත්වය හේතුවෙන් […]
දිවයින පුරා වාර්තා වූ විදුලි බිදවැටීම් සංඛ්‍යාවෙන් අඩක් පමණ මේ වන විට යථා තත්වයට පත් කර ඇති බව විදුලි බල හා පුනර්ජණනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාකච්ඡාවකට එක්වෙමින්. යථාතත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලා. අධික වැසි හා […]
නායයාමේ දැඩි අවධානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ඉදල්ගස්හින්න උඞ්වේරිය කන්ද ආශ‍්‍රිත පදිංචි පවුල් 45ක් එම ස්ථාන වලින් ඉවත් කර තිබෙනවා. උඩවේරිය කන්ද කොටසක් නාය ගොස් ඇති බවත් තවත් කොටසක් නායයාමේ අවදානමේ පවතින බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, ගාල්ල, මාතර, හා බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කල නාය යාම් අවධානම් නිවේදනය තවදුරටත් […]
ගල්ගමුව ප‍්‍රදේශයේ සැරිසැරූ “දල පූට්ටුවා” ලෙස හඳුන්වන හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අඹන්පොල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් ඊයේ රාත්‍රියේ සිදු කල විමර්ශනයකදියි. එහිදී සැකකරුවන් සතුව තිබී ඇත් දළ කැපීම සඳහා යොදා ගන්නා කියත් පටි කිහිපයක් සහ කැප් තුවක්කුවක්ද සොයාගෙන තිබෙනවා. පොල්පිතිගම සොරොව්වැව රක්ෂිතයේ තිබී සොයා ගත් ඇතාගේ මළසිරුර අතුරුදන්ව සිටි ගල්ගමුවේ […]
වර්ෂාවත් සමග රථ වාහන ධාවනයේ දී සැළකිලිමත් විය යුතු බව පොලීසිය පවසනවා. මාර්ග ලිස්සන සුලූ බැවින් සෙමින් රිය ධාවනය කරන ලෙයසි පොලීසිය දැනුම් දී සිටින්නේ. අධිවේගී මාර්ග වල රිය ධාවනයේ දී පැයට කිලෝ මීටර 60 ක උපරිම වේග සීමාවක් පවත්වාගෙන යා යුතුයි. එමෙන්ම හැටන් ඇතුලු කඳුකර ප‍්‍රදේශ වල මීදුම් තත්වයන් ද වාර්තා වන බැවින් ඉදිරිපස […]
දිවයින වටා මුහුදේ සුළං වේගය පැයට සැතපුම් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකි නිසා, මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්. – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය – 2017.11.29 වැඩි විස්තර පහත හඬ පටයෙන් අහන්න.
කොළඹ නගරයට මේ වෙද්දී තද වැසි අැද හැලෙනවා. එ් නිසා දැඩි රථවාහන තදබදයකුත් අැති වෙලා තියෙනවා. හයිලෙවල් මාර්ගයේ, කිරුළපන මංසන්දියේ දැඩි රථවාහන තදබසයක් අැති වෙලා තියෙනවා. එ් වගේම 120 මාර්ගයේ, කොහුවල මංසන්දියේත් ලොකු රථවාහන තදබදයක් අැති වෙලා තියෙනවා. ඔබ එ් මාර්ග වල ගමන් කරනවා නම් විකල්ප මාර්ග භාවිතා කරන්න.