ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කොරියානු සංචාරය දෙරට අතර ශක්තිමත් සබදතාවයක ස්ථිර පදනම සකසන බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් පවසනවා. දකුණු කොරියානු ජනාධිපතිවරයා මේබව ප‍්‍රකාශ කලේ අද සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදිි. අදින් ඇරඹි ශ‍්‍රි ලංකා දකුණු කොරියානු මිත‍්‍රත්වයේ කීර්තිමත් පරිච්ඡේදය දෙරටටම ප‍්‍රතිලාභ රැසක් උදා කරන […]
පහුගිය දවස් ටිකේම ශ්‍රී ලංකා ක්‍රිකට් උණුසුම් කරපු මාතෘකාවක් තමයි කවුද අලුත් නායකයා කියලා. උපුල් තරංග අසාර්ථක වුන නිසා තමයි ක්‍රිකට් අායතනය අලුත් නායකයෙක් පත් කරන්න තීරණය කරේ. අැන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරාගේ සහ දික්වැල්ලගේ නම් අලුත් නායකයා විදියට කියවුනා. එ්ත් අද ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය, තිසර පෙරේරාව සීමිත ඕවර තරඟ වල නායකයා විදියට පත් කරා. […]
යාපනයේ ක‍්‍රියාත්මක ආවා නැමැති කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොකුවිල් පොලීසිය විසින් ඊයේ සිදු කල පරීක්ෂා කිරීමකදීයි. මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 17 හැවිරිදි කොකුවිල් ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක්. සැකකරු සතුව තිබී පහර දීම් සඳහා යොදා ගත් කඩුවක් ද සොයා ගෙන තිබෙනවා. ආවා කල්ලියේ සැකකරුවන් පිලිබඳ ලැබෙන තොරතුරු මත මේ වන විට අදාල ක්ෂණික මෙහෙයුම් […]
උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිලය කිලෝමීටර් 1,000 ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මිසයිලය ගුවනට මුදා හැර තිබුනේ උතුරු කොරියාවේ පියොංසොං ප‍්‍රදේශයෙන්. එය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය ද නිවේදනය කලා. මිසයිලය ගුවන්ගත ව පැවති කාල සීමාවේදී ම […]
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගල්නෑව ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කලා. මෙය සිදු කෙරුනේ පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන්. පොදු ජන පෙරමුණ අද කොළඹ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක සඳහා ද ඇප මුදල් තැන්පත් කලා. සාගර කාරියවසම් මහතා සඳහන් කලේ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව මහරගම හා බොරලැස්ගමුව නගර සභා සඳහා […]
සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාථ කරගැනීම සඳහා ඇඟිලි සලකුණු මඟින් තහවුරු කරගත් ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ කේතයක් සමඟ ශිෂ්‍ය අංකයක් හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා.එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සහ ප‍්‍රතිව්‍යුහගතකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පත් කරන ලද විද්වත් කමිටුව විසින්. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, විභාග කටයුතු වලදී, අපේක්ෂකයින්ගේත්, විභාග කටයුතු […]
පළාත් පාලන ආයතන 93 ක් සදහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 15 වනදා මධ්‍යම රාත‍්‍රී 12:00 ට අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිසම සදහන් කලේ එම දිනය යළි දීර්ඝ නොකරන බවයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාරගැනීම ඊයේ ආරම්භ වුණා. එය ලබන දෙසැම්බර් 13 වන දින දහවල් 12.00ට අවසන් වීමට නියමිතයි. නාමයෝජනා […]
කොළඹ අවට මාර්ග වල මේ වන විට තවදුරටත් දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. ඒආබාධිත රණවිරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන්. මේ සමග ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ගාලූමුවදොර දෙසට මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. විරෝධතාකරුවන් මේ වන විටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. විරෝධතාව හේතුවෙන් මොරටුව කොළඹ 101 මාර්ගය ඞී ආර් විජේවර්ධන මාර්ගය […]
තෙදින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු දුත පිරිස අද අලූයම සෝල් නුවර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමා ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමටයි දකුණු කොරියානු රජය කටයුතු කළේ. එරට උප විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධානීවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් එම අවස්ථාවට එක්ව […]
කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සිය දෙවන ධූර කාලය සදහා අද දිව්රුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, එරට නයිරෝබි අගනුවරදීයි. ඒ වෙනුවෙන් නයිරෝබි නුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.එම අවස්ථාවට කෙන්යා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 20 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ජනාධිපති උහුරු කෙන්යාටාගේ දිව්රුම් දීමට විරෝධය පළ කරමින් කෙන්යානු විපක්ෂ නායක රයිලා ඔඩෙන්ගා අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය […]
නීත්‍යානුකූලව ඉවත් නොවී සේවය හැර ගොස් සිටි යුධ හමුදා සෙබලූන් 556 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ එම පිරිස අතර ශිෂ්‍ය භට නිලධාරියෙකු සහ හමුදා සෙබලූන් 555 දෙනෙකු වන බවයි. සෙබළියන් 23 දෙනෙකුද ඒ අතර වනවා. යුධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කෙරුණේ පසුගිය 23 වනදා […]
පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය පිළිබඳ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළ නඩුව මෙම මස 30 දා යළි කැඳවන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. නීතිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින්. පළාත් පාලන ආයතන 93ක් සඳහා ඡන්දය පැවැත්වීමට සැළසුම් කර ඇති බවත්,එම තහනම් නියෝගය හේතුවෙන් පළාත් පාලන ආයතන […]