News Line| Off Air
Generic placeholder image

May
16

ඉතාලියේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණයක්

Generic placeholder image

ලබන මස 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉතාලියේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා . මාස දෙකකට අධික කාලයක් සම්පුර්ණයෙන් අක්‍රීය කර තිබූ ඉතාලිය සංචරණ සීමා ලිහිල් කිරීම එරට ආර්ථිකය යලි පන ගැන්වීමේ දැවැන්ත පියවරක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව ජුනි මස 3 වනදා සිට ඉතාලි ජාතිකයන්ට විදෙස් සංචාර සඳහා ද අවස්ථාව […]


May
16

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනයක්

Generic placeholder image

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් යම් සීමාවකට යටත්ව ලබන 20 වැනිදා සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.


May
16

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා ආසාධිතයින් දෙදෙනෙක් හමු වී ඇති අතර මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 407 ක්. එමෙන්ම සුවය ලැබූ 520 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 09 ක්.


May
16

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 936ක් දක්වා ඉහළට

Generic placeholder image

අද (16) පස්වරු 04.00 වන විට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 936 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට […]


May
16

තවත් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා පිටව යයි

Generic placeholder image

අද (16) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා තිබේ. නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙකු දක්වා ඉහල ගොස් […]


May
16

අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ රැසකට විදුලිය ඇනහිටී

Generic placeholder image

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල 45,000කට ආසන්න පාරිභෝගිකයින් පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


May
16

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් ගණන 55706ක් දක්වා ඉහළට

Generic placeholder image

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ(15) උදෑසන 06.00 සිට අද(16) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මාර්තු මස 20 වනදා පස්වරු 06.00 සිට අද පෙරවරු 06.00 දක්වා කාලසීමාව තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම […]


May
16

කෑගල්ලට ජල ගැලීම් තත්ත්වයක් – තද වැසි සහ නායයාම් පිලිබද කාළගුණයෙන් අවවාද

Generic placeholder image

ඊයේ(15) රාත්‍රියේ දිවයිනේ ‍බොහෝ ප්‍රදේශවල වැසි සහිත තත්ත්වයක් වාර්තා වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. වැසි සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට ජල ගැලීම් තත්ත්වයක් ද හට ගෙන ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා. වැසි ජලය එකතු වීම හේතුවෙන් මාවනැල්ල හා කෑගල්ල ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. මීට අමතරව කළුතර, ගාල්ල, […]


May
16

අද රාත්‍රී 08 සිට සඳුදා අළුයම 05 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය

Generic placeholder image

අද (16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඊයේ(15) රාත්‍රී 08.00 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අළුයම 05.00 ට ඉවත් කෙරුණා. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට […]


May
16

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් 935 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරටින් හමු වූ කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 935 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ වන විට මෙරටින් හමු වූ ආසාධිතයින්ගෙන් 449 දෙනෙකු රෝහල් වල ප‍්‍රතිකාර ලබනවා. සුවය ලැබූ 447 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 09 ක්.


May
16

අදත් ඇතැම් ප‍්‍රදේශ වලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි

Generic placeholder image

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශී‍්‍රතව පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ. දිවයිනේ ඇතැම් […]


May
15

weather update දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

Generic placeholder image

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බැවින් මේ වන විට දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන බව අප වාර්තා කරුවන් සදහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් […]


News Articles
Latest Videos
Most Popular Post