News Line| Off Air
Generic placeholder image

Jul
31

සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස CID යෙන් අධිකරණයට ඉල්ලීමක්

Generic placeholder image

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගනු ලැබූ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අද (31) ඉල්ලා තිබෙනවා. මෙම දියණිය මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටින බව මෝෂමක් මාර්ගයෙන් […]


Jul
31

ඔබේ ගිණුම් හැකර්ස්ලාගෙන් ප්‍රවේශම් කර ගන්න උපදෙස් කිහිපයක්

Generic placeholder image

1 පාස්වර්ඩ් එකක් යොදන්නේ ගිණුමක් සක්‍රිය කිරීමේ අරමුණින් නොව, ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටයි. සමහරු හිතාගෙන ඉන්නේ පාස්වර්ඩ් එකක් දීමට අවශ්‍ය වන්නේ ගිණුම හදා ගන්න ඕනේ නිසා කියලයි. මොකද කියනවා නම් ඊමේල් ලිපිනයක් සකසද්දී, ෆේස්බුක් හෝ ට්විටර් ගිණුමක් සකසද්දී අදාළ වෙබ් අඩවිය ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ නිසා නෙවෙයි අපි පාස්වර්ඩ් එකක් යොදන්න ඕනේ. අපේම […]


Jul
31

සංචාරකයින්ට වාසියක්

Generic placeholder image

ගාස්තු රහිත සංචාරක විසා මසක කාලයක් වලංගු යි. ඇමරිකාව, බි‍්‍රතාන්‍,ය ස්පාඤ්ඤය, ස්විඩනය, ස්විසලන්තය ඇතුලූ රටවල් 48 ක් සදහා මෙම ගාස්තු රහිත විසා ලබාදීමට නියමිතයි. www.eta.govenment.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් විසා අයදුම් කළ හැකි අතර ඉන් කෙටි කාලයක් මෙරට රැදි සිටිම සඳහා විසා අවසරය ලබා ගත හැකියි. මෙරට ගමන් මාර්ගෝපදේශකයෙක් මඟින් වීසා ලබා ගැනිමට අදහස් කරන්නේ […]


Jul
31

කාදිනල්ගෙන් ආණ්ඩුවට දැනුම් දීමක්

Generic placeholder image

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණීම අවශ්‍ය නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකදී යි.


Jul
31

ශ‍්‍රී ලංකාවෙන් බංගලාදේශයට 295 ක ඉලක්කයක්

Generic placeholder image

බංගලාදේශයට එරෙහි තුන් වන හා අවසන් එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලකුනු 294 ක් රැස් කලා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ දීයි. කාසියේ වාසිය දිනු ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. 21 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු […]


Jul
31

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නව සන්ධානයක්

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී ඇති කරන්නාවූ සන්ධානය ‘ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ’ නමින් ඉදිරියේදී සන්ධාන ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ ඉදිරි පියවර ලෙස ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර සාකච්ඡාවක් සිදු කිරීමට […]


Jul
31

රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වැසේ

Generic placeholder image

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 06.00 ට පෙර එම පරිශ්‍රයෙන් සිසුන්ට ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී ඇති අතර නේවාසිකාගාරය තුළ සිදුවූ නවක සිද්ධියක් හේතුවෙන් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව සදහන්. වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති විද්‍යා පීඨයයි මෙලෙස තාවකාලිකව වසා […]


Jul
31

බංග්ලාදේශ ශී‍්‍ර ලංකා තරගයේ නවතම තොරතුරු

Generic placeholder image

බංගලාදේශයට එරෙහි තුන් වන හා අවසන් එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුනු 284 ක් රැස් කර ගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ දීයි.


Jul
31

ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සූදානම්

Generic placeholder image

වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් හෙට සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් එකමුතුව තීරණය කර ඇති බව සදහන්. ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියා.


Jul
31

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත්කරයි

Generic placeholder image

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල, පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් […]


Jul
31

බංගලියන් ශ්‍රී ලංකාවේ මුල් පෙළ කණුවක් හොල්ලයි

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන 03 එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 6 කට දවා ගැනීමට ශෆිෆුල් ඉස්ලාම් සමත් වුණා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිතිකරණයේ නිරත වෙයි.


Jul
31

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක්

Generic placeholder image

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමිව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරීම අද සිදුකෙරුණා. මේ සඳහා ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ නිලධාරීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අදියර කිහිපයක් යටතේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට සහ වතු ආශ්‍රිත පොකුණු ජලාශවලට […]


News Articles
Latest Videos
Most Popular Post