News Line| Off Air
Generic placeholder image

Apr
30

දේශපාලන හිතවත්කම් නොතිබුණේ නම් අදාල ප්‍රහාර මාලාව වලක්වා ගන්න තිබුනා – විදුර වික්‍රමනායක

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම්වලට අනුබල ලබාදෙන දේශපාලනඥයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසා තිබෙනවා. එමෙන්ම හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පැවසුවේ දේශපාලන හිතවත්කම් නොතිබුණේ නම් අදාල ප්‍රහාර මාලාව වලක්වා ගත හැකිව තිබූ බවයි.


Apr
30

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට

Generic placeholder image

එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිදා මෙරට බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපෝච්ඡාරණය කර ඇති බව වාර්තා වූයේ.29 හැවිරිදි සැකකරු රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා ලෙස හදුනාගෙන තිබේ. ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි.කේරළයේ […]


Apr
30

ෆීල්ඩ් මාර්ෂල්ට නීතීය හා සාමය දෙන්න අර්ජුන ඇමතිකම අත්හරින්න ලෑස්තියි

Generic placeholder image

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකාට ලබාදීමට, තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව කැප කිරීමක් සිදු කිරීමට සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (29) රැස්වූ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ අදහස් පළ කර තිබුනා. එහිදී “ඇමති මණ්ඩලය 30කට සීමා විය යුතු නිසා සරත් […]


Apr
30

අවශ්‍ය කර තිබූ තවත් ලොරි රථයක් සොයා ගනී

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි EP PX- 2399 දරණ ලොරි රථය පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ සැකකරුවන් 03 දෙනෙකුද සමගින්. මෙම සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්ණ කීරීම් සිදුවෙනවා.


Apr
30

සමාජ ජාලා තහනම ඉවතට

Generic placeholder image

පසුගිය දින කිහිපයේ ලංකාවේ පැවති වාතාවරණය හේතුවෙන් රජය විසින් අවහිර කර තිබූ සමාජ ජාලා තහනම මීට සුළු මොහොතකට පෙර ඉවත්කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ සම්භන්දයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනයයි.


Apr
30

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර අත්අඩංගුවට

Generic placeholder image

කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළග තබාගෙන සිටි ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්තී‍්‍ර එච්. එම්. අලි උස්මාන් සහ ඔහුගේ සහොදරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සතුව තිබී කඩු 3 ක් සහ මන්නා පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. නාවල පාර, පල්ලිය පටුමග ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර […]


Apr
30

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටවල් 16ක් පමණ සහ යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කරයි

Generic placeholder image

යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා. බි‍්‍රතාන්‍ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි. […]


Apr
30

ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා

Generic placeholder image

මොහොමඞ් ඊබ‍්‍රහිම් ශාහීද් අබ්දුල් හක් ඊට පෙර දිනයේදී අනුරාධපුරයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ‘ඇතිගේ ජෙරාල් යසින්ත සිල්වා’ ලෙස ව්‍යාජ නමකින් පෙනී සිට ජාතික හැඳුනුම්පතක් ද ඉදිරිපත් කර තිබෙනවා. එහි ලිපිනය සඳහන් වී ඇත්තේ අංක 188/M, දෙවන පටුමග, රෝහල පාර, කඳාන ලෙසයි. ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ අනුරාධපුරයේ තවත් අයෙකු සහ ගල්නෑවේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී […]


Apr
30

ෆොනී ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ වෙයි – කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින “ෆොනී” චන්ඩ සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දිනකිහිපය තුළ දිවයින හරහා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.“ෆොනී” චන්ඩ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 12 තුළ දී මෙම […]


Apr
29

හිටපු ජනපතිනියටත් ආරක්ෂාව වැඩි කරන්න යැයි ඉල්ලීමක්

Generic placeholder image

හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.ඔවුන් ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාශයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.


Apr
29

නව ආරක්ෂක ලේකම් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා

Generic placeholder image

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ජනාදිපති කාර්යාලයේදී ලබා ගෙන ඇත.


Apr
29

වැලිපැන්නේ මෙහෙයුමකින් ගුවන් යානා නාශක උණ්ඩ සොයාගැනේ

Generic placeholder image

කළුතර – වැලිපැන්න – රාමියා ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ගුවන් යානා නාශක උණ්ඩ පහක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබෙනවා.පොලිස් විශේෂ කාර්ය බලකායල කළුතර පොලීසිය එක්ව ඊයේ මෙම වැටලීම සිදුකළ බවයි වාර්තාවන්නේ. මෙම ගුවන් යානා නාශක උණ්ඩ සහ ඩෙටනේටරය කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයේ දමාගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post