71 ක් වැන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලූ මුවදොර පිටියේදී අද (04) පෙරවරුවේ අභිමානවත්ව පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්. මෙවර ජාතික දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඞ් සොලීහ් සහභාගී වෙනවා. නිදහස් සමරු උළලේ ප්‍රධාන වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැහැදිළි කිරීමක් […]
පාර්ලිමේන්තුවේ සම්මත වූ පර්යේෂණ කොමිෂන් සභා සංශෝධන පනතට ඊයේ (01දා) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන යොදා තිබෙන බව ථානායක මාධ්‍ය අංශය දන්වා තිබෙනවා. ඒ අනුව එම පනත බලාත්මක වෙනු ඇතී . පසුගිය 22දා සම්මත වූ මෙම පනත හරහා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට අවස්ථාව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට කටයුතු කර තිබෙනවා. මෙම මෘදුකාංගය ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු සහ සාමාන්‍ය පුද්ගලයකු අතර සන්නිවේදනය පහසු කරලීම වෙනුවෙන් නිපදවන ලෙසත් ඔහු සඳහන් කර තිබේ. මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයක්. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයාට පැවසීමට අවශ්‍ය වචන, අකුරු වාක්‍ය බවට පරිවර්ථනය කිරීම මෙමගින් සිදුවේ. මේ හරහා දෙපිරිස […]
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර තිබෙන පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම වින්ඩෝස් 7, 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධති වලට මෙම පරිගණක වෛරසය මඟින් බාධා එල්ල විය හැකි බවයි එම සංසඳය වැඩිදුරටත් සඳහන් කරන්නේ. “රම්බා” ලෙස හඳුන්වන මෙම වෛරසය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ […]
ශ්‍රී ලංකා ජනතාවට සුබ පැතුම් මෙන්ම ඉදිරියට පැමිණෙන වසරවලදී වාසනාව හා සතුට ප්‍රාර්ථනා කරන බව බ්රිතායන්ය දෙවැනි එලිසබෙත් රැජිණ සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාඳුරු රෝගින් 1683ක් වාර්තා වී තිබෙන බවත් එසේ හඳුනාගත් රෝගීන්ලේ වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් (691/ 41%) වාර්තා වී ඇති බවත් එම කාර්යාංශය පෙන්වා දෙනවා. ලාඳුරු යනු බැක්ටීරියාවකින් බෝවන […]
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද (1දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 176.34ලෙස දැක්වා තිබිණි. ඊයේ (31දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් […]
මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය ලබන අපේ‍්‍රල් මස පළමු වනදා සිට සියලූ ඝණ ආහාර සදහාද ක්‍රියාත්මක කිරීමට ඝණ ආහාර දේශීය නිෂ්පාදකයින් එකගතාවය පල කර තිබෙනවා ඔවුන් එම එකගතාවයට එළඹ ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග අද පැවති සාකච්ඡාවකදීයි එම නිෂ්පාදකයින් සදහන් කලේ බෝ නොවන රෝග පාලනය කිරීීමේ අරමුණින් එම පියවර ගන්නා […]
ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ 10 වසරෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු ශරීරගත ඇල්කොහොල් පුතිශතය හදුනා ගැනිමේ උපකරණයක් නිර්මාණය කර තිබේ. ඔහු දසුන් සත්සර සෙනරත් රත්නායකයි. නවින ආර්නෝඩි තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම උපකරණයේ ඇති විද්‍යුත් තිරය සාමාන්‍ය තත්වයේ පවතින විට පෙන්වන්නේ ඒකක 300 අගයයි. එම උපකරණය ට සම්බන්ධ කර ඇති සෙන්සර් කොටස මත්ද්‍රව්‍ය පානය කර ඇති අයෙකුගේ මුවට […]
ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (01) භාර දී තිබේ. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එම යෝජනාව අද උදැසන භාරදී ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) වගන්තිය අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 ක් නොඉක්මවිය යුතු අතර, කැබිනට් නොවන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් […]
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයීය මගපෙන්වීමෙන්, 83 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින් පිරිසක් ඊයේ (31දා) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට ළඟාවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. යුධ සමයේ රට හැරගිය සියලුම පුරවැසියන්ට නැවතත් සිය රට බලා පැමිණෙන ලෙස රජය විසින් විවෘත ආරාධනයක් කර ඇත. එහි ප්‍රතිඵලයක් දෙස එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් […]
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරනවා. අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදි ඔහු මෙම අදහස් පළ කළේය. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන […]