ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 5වෙනි එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් පමණක් දැවී ලකුණු 366 ලබා ගන්න සමත්කම් දැක්වූවා. මෙහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබා ගත් අතර නායක චන්දිමාල් ලකුනු 80ක් ලබාගත්තා. තරගයේ සම්පුර්ණ ලකුණු සටහන පහතින්..
එංගලන්තය සමග ආර් ප්‍රේමදාස පිටියේ මේ වනවිටත් පැවැත්වෙන පස්වෙනි එක්දින තරගාවලියේදී මේ දිනවල කවුරුත් කතාබහ කරන කුසල් මෙන්ඩිස් තමන්ට එරෙහි චෝදනාවන්ට පිත්තෙන් උත්තර ලබාදුන්නා. ඒ පන්දු 33 ක් තුල හයේ පහර හයක් සමග ලකුණු 56ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 270 ලබා ගනිමින් ප්‍රභල ස්ථානයක පසුවෙනවා.
ජිවන වියදමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබෙන විරෝධතා පාගමන් හේතුවෙන මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. පුංචි බොරැල්ල මංසන්ධියෙන් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ […]
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා රුපියල අද දිනයෙත් තවදුරටත් අවප්‍රමාණය වෙලා තිබුණා. ඒ අනුව මහ බැංකුව නිකුත් කරපු විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 174ක් ලෙසයි. මෙය ඉතිහාසයේ ඩොලරයක් ලද ඉහළම අගය ලෙසද දැක්වෙනවා.
මත්ද්‍රව්‍ය නිවාරණය සදහා තොරතුරු ලබා ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා.මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු එම විශේෂ ඒකකයට ලබා දිය හැකි බවයි පොලිස් මුලස්ථානය පැවසුවේ 011 30 24 820 – 011 30 24 840 යන දුරකථන අංක මගින් අදාළ තොරතුරු ලබා දිය හැකියි 011 24 30 912 යන ෆැක්ස් අංකයෙන් ද මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු දිය […]
ජපානයේ සන්නිවේදන සමාගමක් විසින් මිලිමීටර් 5.3 ක් පමණ කුඩා ප්‍රමාණයේ දුරකතනයක් හඳුන්වා දී තිබෙනවා බැංකු කාඞ්පතක විශාලත්වයෙන් යුත් මෙහි බර ග්‍රෑම් 47 ක් නොවැම්බර් මාසයේදී මෙම සහායක දුරකථනය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි මේ සදහා ඇමතුම්, කෙටි පණිවුඩ පහසුකම් සහ අන්තර්ජල සබඳතා සහිත වන නමුත් කැමරාවක් හෝ ජංගම දුරකතන යෙදවුම් සමග කටයුතු කිරීමේ පහසුකම් අන්තර්ගතව නැහැ […]
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා රුපියල අද දිනයෙත් තවදුරටත් අවප්‍රමාණය වෙලා තිබුණා. ඒ අනුව මහ බැංකුව නිකුත් කරපු විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 173.38ක් ලෙසයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේදී ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය ලෙස වාර්තා වෙනවා. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල 169.49ක් ලෙස […]
මුහුද මැද්දෙන් ඉදි වෙච්ච ලෝකයේ දිගම පාලම හෙට (23) විවෘත වෙනවා.මේ පාලම ඉදිකරලා තියෙනෙ චීනය හා හොංකොං යා කරමින්. පාලමේ දිග කිලෝමීටර් 55 ක් වෙනවා. මේ පාලම ඉදිකරන්න ඇමරිකානු ඩොලර් බිලියන 20 ක මුදලක් වැය වෙලා තියෙනවා. මීට කලින් ගමනාගමනයට ගත වුණ කාලය වුණ පැය 3 ක කාලයෙන් විනාඩි 30 ක් මේ පාලමෙන් අඩු වෙනවා. […]
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පුහුණුකරුවෙකු පත් කර ගන්න සුදුසුකම් සපුරලා තියෙන අයට අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරනවා. මේ ඇබෑර්තුවට අදාල අයදුම්පත්‍ර 2018 නොවැම්බර් 12 වන දිනයට කලින් කොළඹ 07 ටොරිංටන් පෙදෙසේ අංක 33 පිහිටලා තියෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයට පැමිණ හෝ ලියාපදිංචි වෙන්න කියලා දනුම් දීලා […]
දැනට ලංකාවෙ වාහන අලෙවිකරුවන්ගෙ ගබඩා අංගනවල වසර පහකට විතර සෑහෙන්න වාහන තොගයක් ගාල් කරලා තියෙනවා කියලා රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් වාහන වෙළෙඳපොළ ගැන කරපු අධ්‍යනයකින් මේ තත්ත්වය අනාවරණය වෙලා තියෙනවා. මේ රටට අවුරුද්දකට ඕනි කරන වාහන අවශ්‍යතාවය 45,000 ක් වගේ වෙනවා. මේ වෙනකොට රටට ආනයනය […]
ක්‍රීඩාලෝලීන් වෙනසක් නැතුව ක්‍රිකට් ටීම් එකේ ඉන්න හැම ක්‍රීඩකයෙක්ටම ආදරෙයි. රංගන හේරත් කියන්නෙත් එහෙම ක්‍රීඩාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණ කණ්ඩායමේ ජේෂ්ඨ දඟ පඳු යවන ක්‍රීඩකයෙක්. රංගන තමන්ගෙ ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා තියෙනවා. රංගන මේ තීරණය අරගෙන තිබ්බෙ එංගලන්තයයි ලංකාවයි අතර තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයෙන් පස්සෙ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට සුලු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. නාලක ද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ තුන්වන දිනටයි.ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ඔහුගෙන් […]