News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

මාතර ප‍්‍රදේශයේ සිදුවූ කොල්ලකෑමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

මාතර ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලවිසැලක සිදුවූ කොල්ලකෑමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප‍්‍රසිද්ධ අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක නැමැත්තාද වනවා. ඔහු සමග ඔහුගේ සොහොයුරෙකු සහ තවත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. […]


Jun
22

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස්

Generic placeholder image

සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ උන්වහසේට ඇප ඉල්ලා ඉදිරිපත් කල ඇප අයදුම්පත අද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදී. සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කල බවයි. […]


Jun
22

හික්කඩුව- නාරිගම ප‍්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

Generic placeholder image

හික්කඩුව- නාරිගම ප‍්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබුනේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඉන් 29 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මිය ගිය පුද්ගලයා පුද්ගල ඝාතන රැසකට සම්භන්ධ අයෙකු බවයි පොලීසිය පැවසුවේ. Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


Jun
22

හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට තීරණය කෙරේ

Generic placeholder image

හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, එහි ජනන කටයුතු සිමා වීම හේතුවෙන් බලාගාරය පවත්වාගෙන යන ඉඩමට බදු ගෙවීමට සිදුවීම හේතුවෙන්. හම්බන්තොට සුළං විදුලි බලාගාරය මෙරට පළමු සුළං විදුලි බලාගාරය වනවා. ඉන් ජාතික විදුලි බල පද්ධතිවය එක් වන විදුලි ධාරිතාව මෙගාවොට් 3ක්. මේ වන විට එහි ටර්බයින […]


Jun
21

නාවලපිටිය මුලික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර තාවකාලිකව වසාදැමේ

Generic placeholder image

නාවලපිටිය මුලික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ රෝහලේ විදුලි බලය බිඳවැටිම හේතුවෙන්. විදුලි බලය ඇණ හිටිම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබු රෝගින් සහ තවත් රෝගින් රැසක් වෙනත් රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා. ගම්පොල මුලික රෝහල , පේරාදෙණිය හා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඔවුන් මාරුකර යැවු බවයි රෝහල් […]


Jun
21

මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර

Generic placeholder image

ඉතා මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේ දෙවැනි පියවර ලෙස පිළිකා වැනි ඖෂධ වර්ග රැසක මිල මෙලෙස අඩු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ. මෙහි ප‍්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කෙරුණා. […]


Jun
21

තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද

Generic placeholder image

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. බඳවා ගැනීම් පටිපාටියේ වැටුප් තල සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන බවයි වර්ජනයේ නිරත ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති සඳහන් කලේ. තැපැල් වෘත්තීය සමිති ඊයේ පස්වරුවේ දී ද තැපැල් බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එමගින්ද තමන් වෙත විසඳුමක් නොලැබුණු බව වෘත්තීය සමිති ප‍්‍රකාශ […]


Jun
21

මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි.

Generic placeholder image

මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඒ උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්. සිසුන් අතර රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් විදයාලය වසා දැමීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අංශ කල දැනුම් දීමට අනුව මෙම පියවර ගත් බවයි කෘෂිකර්ම විද්‍යාලයේ පාලනාධිකාරිය සදහන් කලේ. කුණ්ඩසාලේ පිහිටි ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තුළ සිසුන් […]


Jun
21

ප්‍රදේශ කිහිපයක සහ මුහුදු ප‍්‍රදේශ වල සුළඟේ වේගයේ වැඩිවීමක්

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සුලගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද වයඹ සහ ඌව පළාත් වල සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි. එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ අගයක් […]


Jun
21

දිරණ, නොදිරණ පොලිතීන් හඳුනාගැනීමට කේත ක්‍රමයක්

Generic placeholder image

පොලිතින් ද්‍රව්‍ය ආනයනයේදී දිරාපත් නොවන පොලිතින් සහ දිරාපත් වන පොලිතින් වෙන වෙනම හදුනා ගැනීමේ කේත ක‍්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ දිරාපත් නොවන පොලිතින් සහ දිරාපත් වන පොලිතින් එකම කේතයකින් පැමිණීම හේතුවෙන් ඒවා වෙන් වෙන්ව හදුනා ගැනීමට නොහැකි වී ඇති බවයි. […]


Jun
21

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමඟ කටයුතු කිරීමට හිටපු ජනාධිපතිවරයාගේ සූදානමක්

Generic placeholder image

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමඟ ගැටලූවකින් තොරව ඉදිරියේදී කටයුතු කල හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති ආගමික උත්සවයකින් පසු මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්. මේ අතර එළඹෙන නොවැම්බර් මස පළමු වනදා මහින්ද […]


Jun
21

“ඥාණසාර හිමියන් හෙට දිනය වන විට නිදහස් කර ගැනීමට අපේක්ෂා කරනවා” – අමාත්‍ය දුමින්ද දිසානායක

Generic placeholder image

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෙට දිනය වන විට නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ උන්වහන්සේගේ සුව දුක් බැලීම සදහා බන්ධනාගාරය වෙත යාමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විහාර දේවාලගම් පනතට අනුව ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට […]


News Articles
Latest Videos
Most Popular Post