කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 500 ක් මිල දී ගැනීමට අදාල ටෙන්ඩර් කැදවීම ඉදිරි මාස 3 තුල සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර තුල එම බස් රථ ලබා ගැනීමට උපරිම උත්සහ කරන […]
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය මොළයේ නහරක් පුුපුරා යාමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයක් මත සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා ඒ දේහය සම්භන්ධයෙන් සිදු කල පශ්චාත් මරණ පරීක්ෂණයේ දීයි. කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේ දී අද පෙරවරුවේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා. මාළඹේ, මිල්ගහවත්ත ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මිය […]
මෙරට වියළි කාලාපීය ප‍්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු වියළි කලාපීය ප‍්‍රදේශවලට කෘත‍්‍රීම වැසි ඇති කරන අතර එමගින් කෘෂි කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට නියමිතයි. අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ, චීනය සමග සම්බන්ධ […]
කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00 න් පසු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එමගින් පොරොත්තු ලේඛනය අවම කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත්, පස්වරු 4.00 න් පසු සිදු කරන සැත්කම් සඳහා අවශ්‍ය නම් ගෙවීම් කිරීමට […]
ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා. එහි ලේකම් කමල් පිරිස් මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි. තම ඉල්ලීම් සඳහා පසුගිය සදුදා දිනය වන විට විසදුම් ලබා දෙන බවට රජය පොරොන්දු වුවද මේ වන […]
රිය අනතුරකට ලක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා ඇතුලූ දෙදෙනෙකු මේ වනවිට හලාවත රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවේ අද අලූයමයි. ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කැබ් රථයේ වේගය […]
දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 20ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ප‍්‍රකාශ කලේ වෛරසය වැළඳුණු රෝගීන්ගේ සෙම් පටල වැඩිදුර පරීක්ෂාව සඳහා විදෙස් විද්‍යාගාර පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. මාසයකට අධික කාලයක සිට දකුණු පළාතේ ව්‍යාප්ත […]
දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ නිරිත දිග මෝසම සක‍්‍රීය වීම හේතුවෙන් එම තත්වය ඇතිවන බවයි. ඒ අනුව දකුණු පළාතට සහ මොණරාගල,මාතලේ ,නුවර එළිය,සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්ක වලට පැයට කිලෝමීටර 50 ක පමණ […]
ඉදිරි වසරක කාලය සඳහා ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබෙනවා. පසුගිය මැයි මස 16 වනදා සිට බල පැවැත්වෙන පරිදි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් නව කමිටුව පත් කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ. රසාංජලී ද අල්විස්ගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස ජයමිණි ඉන්දිකා තිලකා ගුණරත්න සහ […]
කෙසෙල්වත්ත දිනුක නමින් හඳුන්වන, දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප‍්‍රධානතම ගෝලයෙකු හෙරොයින් ග‍්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙසෙල්වත්ත, ගුණසිංහපුර නිවාස සංකීර්ණය ආසන්නයේ පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරීන් විසින් කළ වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අසංක සංජීව නැමති 33 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතයි. SIYATHA […]
ශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්දය මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත් වුණා. කුමාරසිරි මහතා තේරී පත් වුනේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින්. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වුණා. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ […]