කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිපදවීමට සැරසෙන ස්පුට්නික් – 5 එන්නත මේ වනවිට සියයට 92 සාර්ථක ප්‍රතිඵල පෙන්නුම්කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අදාළ එන්නත සම්බන්ධයෙන් එම කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේදී වන අතර එවැනි මට්ටමක ඇති එන්නතක් ජනතාවට අත්හදා බැලූ පළමු රට රුසියාවයි. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, දැනට පෙන්නුම්කර […]
මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් පිටව යන සහ ඊට ඇතුළුවන සියලුම බස් සේවා ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා. එහිදී සාකච්ඡා වී ඇත්තේ මෙවර අයවැය විවාදය දින 20ක් පැවැත්වීමටයි. මේ අතර ලබන 13 වැනිදා විපක්ෂය ඉල්ලා ඇති විශේෂ කල් තැබීමේ විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට ද එම කමිටුවේදී තීරණයකර තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව […]
වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යෑම තහනම්කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් කිසිවෙකුටත් බස්නාහිර පළාතේ සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට පිටව යා නොහැකි බවයි.
කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශවලට කිසිවෙකුටත් ඇතුළු වීමට හෝ ඉන් පිටව යාමට ඉඩ නොතැබීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අද පැවසුවා. ඒ, ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව රැස්වන කොවිඩ් කාර්ය සාධක […]
තවත් නව කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් මින් පෙර හඳුනාගත් පෑලියගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,542ක්. අද හඳුනාගත් නව ආසාදිතයින් 309 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,024ක් ලෙසයි.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. කොළඹ 11 සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මරණයට පත්ව ඇති අතර ඔවුන් පිළිවෙළින් 40 සහ 45 යන වයස් කාණ්ඩවල පසු වූවන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය […]
මෙරට බන්ධනාගාර ආශ්රයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ, කාන්තා රැඳවියන් 150 ක් සහ නිලධාරින් 6 දෙනෙකු වශයෙන්. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 90 දෙනෙක් , පිරිමි රැඳවියන් 22 දෙදෙනෙක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනක්, පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින් 32 දෙදෙනෙක්, කුරුවිට හා මාතර බන්ධනාගාරවලින් […]
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ හදුනා නොගත් කොරෝනා ආසාදිතයින් 30, 000 ක් පමණ සිටිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් ගෙන් 5%ක් පමණ ආසාදිතයින් ලෙස හදුනා ගත හැකි වන බවයි වැඩි දුරටත් පවසන්නේ. මේ හේතුවෙන් කොළඹ නගරයේ ඔබ සැරිසරන අයෙකු නම් මේ පිලිබදව වඩාත් අවදානයෙන් කටයුතු […]
කොල්ලුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 55 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. එම පිරිසෙන් වැඩි දෙනෙක් හඳුනාගෙන ඇත්තේ ගාලුමුවදොර වැඩබිමක් ආශ්රයෙන් වන අතර විදේශීය ජාතිකයින් 14 දෙනෙකු ද ඊට අයත්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගේ ආශ්‍රිතයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
මෙර 42 වැනි කොරනො මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් එහිදී පැවැත්වූ අදාළ පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇති වූ හෘදයාබාධයක් […]
ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇදුම් ඇදීම සදහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කරනවා. මේ අනුව මේ කාර්යයට සහය දක්වන ලෙසට සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බව පවසන ඒ මහතා ඊට අදාළ චක්‍රලේඛනය ඒ ඒ රාජ්‍ය ආයතනවලට […]