කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුලදී වෛරසයෙන් මියගිය වැඩිම පිරිස ඉතාලියෙන් වාර්තා වී තිබෙනවා. ගතවූ පැය 24 තුලදී ඉතාලියේ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 969 ක් බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ වන විට ඉතාලියේ සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 9,134ක් වන අතර වාර්තා වන මුළු රෝගීන් ගණන 86,498 ක්. […]
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300 ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. පුනානි, කන්දකාඩු සහ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වූ පිරිසක් ඒ අතර වන බව වාර්තා වනවා. ඒ අනුව පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බව […]
ගතවූ පැය 24ක කාලය තුළ කිසිඳු නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ආසාධිත සංඛ්‍යාව තවදුරටත් 106 මට්ටමේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළේ.
බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට ද කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම්වරයා සිය නිවසේදී ස්වයං නිරෝධායනයට ලක්වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා.
අද දිනයේ සිට ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.
2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. පවතින තත්ත්වය සලකා බලා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන දරුවන් අපහසුතාවට පත් නොවන පරිදි තවත් කල් දැමීමට වුව තමන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර […]
කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබෙනවා. සෙසු රටවල ද මෙම පියවර […]
බ්‍රිතානය අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මේ වන විට ලෝකයේ දැනට පවතින තත්වය හමුවේ නිවෙස් තුළට වී සිටින ලෙසට රජය විසින් සිදුකර ඇති දැනුම්දීම් නොසලකා සිය නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් සොයා බි‍්‍රතාන්‍ය පොලීසිය දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතානයේ මාර්ගවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය නිවෙසින් බැහැරට පැමිණෙන පුද්ගලයින් හට දඩ […]
ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අගමැති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. 1 අනාගත ගෝලීය ආහාර අර්බුදයටද ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගැනේ. 2.ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු […]
ගත වූ පැය 24 ක කාලය තුළ ලොව පුරා වාර්තා වූ නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 49,219 ක් බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ නවතම වාර්තාවල දැක්වෙනවා. එමෙන්ම වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 2401ක් ලෙස දැක්විය. වෛරසයෙන් වැඩිම පුද්ගල මරණ වාර්තා වන්නේ යුරෝපානු කලාපයෙන්. ඉතාලියෙන් කොරෝනා මරණ 8,215 ක් වාර්තා වන අතර එරට ආසාදිතයන් ගණන 80,589 ක්. ඊයේ […]
මේ වන විට රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසයි. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ […]