චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය, හේතුවෙන් මේ වන විට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 1,017කි. ලොව පුරා ආසාධනය වූ පුද්ගලයින් 43 000 කට ආසන්නයි. එයින් පුද්ගලයින් 42,200 දෙනෙකුම චීන ජාතිකයින්ය. මේ වන විට මෙම නව කොරෝනා වෛරසය හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල නාමයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම වෛරසය කොවිඞ් නයින්ටීන් (Covid-19) […]
අද පාන්දර 2.34 පමණ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නයේ භූ චලනයක් ඇතිව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.4 ක් ලෙස සටහන් වුන බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් මේ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරනවා.
ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට අවශ්‍යය කටයුතු සිදුකරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා සදහන් කළා. රටේ මහ මාර්ග තදබදය අවම කිරිමට මෙන්ම දුම්රිය ප්‍රවාහනය දියුණු කිරිමට ජනතාවගේ දායකත්වයද ලබා ගන්නා බව ඔහු මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියා. කෙටි කාලින, මාධ්‍යය කාලින, දිගු කාලින සැලසුම් යටතේ ප්‍රවාහන සේවය දියුණු කිරිමට කටයුතු […]
නව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සියයට 20 කින් පමණ පහළ ගොස් ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කළා. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1018 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් මරණ 103 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවීම විශේෂත්වයක්. එසේම කොරෝනා වෛරසය ආසාදනය වී දිනක් තුළ 100 වැඩි පිරිසක් මියගිය ප්‍රථම අවස්ථාවද මෙය වනවා. […]
මේ වන විට ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත්, එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද, ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබෙනවා. එම නව පක්ෂයේ ‘හදවත’ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරගකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය යෝජනා […]
මෙවර අවසන් වූ යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්වුණා. මෙහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද හොදම කණ්ඩායම් අට අතරට තේරී පත්වීම විශේෂත්වයක්. පසුගිය දිනවල දකුණු අප්‍රිකාවේ යොවුන් ලෝක කුසලානය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තමන් රැදී සිටි හෝටලයේ සිටම මත්පැන් පානය කළ බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් […]
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා නම් කර තිබෙනවා. ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අද දිනයේදී පුවත්පත්වල ප්‍රසිද්ධ නිවේදනයක්ද පළකර තිබුණා. ඒ අනුව ලබන 25 වන දිනට පෙර මෙම නම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට අවස්ථාව පවතින බව සදහන්. ඒ අනුව […]
තරග තුනකින් හෝ ඊට වඩා වැඩි තරග ගණනකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුව සියලුම තරග පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවුණා. ඒ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් නවසීලන්තයේ පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව පරාජයට පත්වීමත් සමගින්. අද (11) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන්ද නවසීලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් එම තරගාවලියේ සියලු තරග ජය ගත්තා. […]
මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබෙනවා. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි […]
දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්ව සිටි ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 දෙනෙකු පොදු සමාකාලය ප්‍රකාශයට පත් කර ගෙවුණු දින 6 තුල යලි සේවයට වාර්තා කර තිබෙනවා. නිළධාරින් 13ක් සහ සෙසු නිලයන් 6259ක් ඒ අතර වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළා. 72 වන ජාතික නිදහස් දිනයට සමගමීව ප්‍රකාශයට පත් කෙරුනු දින 7ක […]
නව කොරෝන වෛරසයට එරෙහිව චීනය ගෙන යන සටනට සමගාමීව මේ වසරේදී එරට වනජීවීන් ආරක්ෂා කිරිම පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබෙනවා. එසේම සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ (එන්පීසී), ස්ථාවර කමිටුවේ, ව්‍යවස්ථාදායක කටයුතු කොමිෂන් සභාවේ නිලධාරියෙකු වන වැන්ග් රුයිහේ බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. වන සතුන් […]
ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉකුත් දා කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැර ඇති අතර බරින් කිලෝ ග්‍රෑම් 1,270 ක් වූ එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් බව සදහන්. මීට පෙර ලොව විශාලතම මල් වෙඩි වෙඩිල්ල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබුණේ කිලෝ ග්‍රෑම් 1,087 ක බරින් යුතුව එක්සත් […]