ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබෙනවා. දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකරගත් අතර එම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්වුණා. ඒ අනුව මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත්ත් චිත්‍රපටය බවටද එය පත්වුණා.
අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී […]
තායිලන්තයේ රච්චාසිමා නගරයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් ගණන 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවක් රච්චාසිමා නගරයේදී පැවැත්වුණා. හමුදා සෙබළෙක් විසින් තායිලන්තයේ රච්චාසිමා නගරයේ සාප්පු සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයකදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.සිදුවීමෙන් තුවාල ලැබූවන් 57දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්. වෙඩි තැබීම […]
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද බුද්ධගයාව වැඳපුදා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. සිව් දින නිල සංචාරයක නිරත අගමැතිවරයා මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් හමුවුණා.
දුම්රිය මගීන්ගේ පහසුව සදහා දුම්රිය ප්‍රවේශපත් සඳහා පෙරගෙවුම් කාඩ් සහ ඊ-ටිකට්පත් හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ විශේෂයෙන්ම දුම්රිය ප්‍රවේශ පත් ලබාගැනීමේදී මගීන්ට සිදුවන අපහසුතා මගහැරීමේ අරමුණෙන්. ඒ අනුව මෙම ස්මාර්ට් කාඩ් ක්‍රමය වර්ෂයකට අදාළ කාලයක් සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමේ හැකියාව ලැබෙනවා.එමෙන්ම ඊ-ටිකට්පත් ක්‍රමය මගින් ඔන්ලයින් ක්‍රමය මගින් කිසිදු දෙස් විදෙස් සියලු මගීන්ට […]
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
19න් පහල යොවුන් ලෝක කුසලානය හිමිකරගැනීමට ඊයේ බංගලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින්. බංගලාදේශය ක්‍රිකට් ඉතිහාසය පුරාවට ලෝක කුසලානයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වූ අතර විශේෂයෙන්ම මිට පෙර පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලි හතරේම ශුරතාවය හිමි කර ගැනීමට සමත් වුයේ මෙවර බංගලාදේශය යොවුන් කණ්ඩායම පරාජය කල […]
ඉදිරි මහ මැතිවරණය පිලිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සදහා අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද සවස 4.00 ටයි. මෙහිදී විශේෂයෙන්ම මහමැතිවරණයට තරග වදින නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳ අද දිනයේ අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
19 න් පහල ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ජය බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම විසින් හිමි කර ගැනීමට සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ 19 න් පහල කණ්ඩායම ඉන්දියාවට පන්දුවට පහරදීමේ ආරාධනා කල අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 47යි පන්දු […]
නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය පුද්ගල මරණ සංඛ්‍යාව 910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ එමෙන්ම ගත වූ පැය 24 ක කාලය කුළ වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 100කට අධික බවයි. එමෙන්ම ආසාදිතයන් ගණන මේවනවිට 40 ,000 ඉක්මවා ඇති අතර වෛරසය ආසාදිතවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 3281 ක් සුවය ලබා […]
දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව විශේෂයෙන්ම සබරගමුව පළාතෙත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයකට සවස් 02 පසු වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපර්තුම්න්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
මුලතිව්, සිලාවත්ත ආදර්ශ ගම්මාන ප්‍රදේශයේ පරණ යකඩ භාණ්ඩ එක් රැස් කරන ස්ථානයක දී මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සාහ කළ පුද්ගලයෙකු එය පුපුරා යාමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා. තුවාල ලබා ඇත්තේ අදාළ ව්‍යාපාර ස්ථානයේ හිමිකරු වු 42 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා. වැඩිදුර විමර්ශනවලදී තුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ 3ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සොයා […]