අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා. අමාත්‍ය දයා ගමගේ මහතාට ද අද කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සියත ප්රවෘත්ති වෙත සදහන් කළේ. අග්‍රාමාත්‍යවරයා සහ දයා ගමගේ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවා ඇත්තේ මත්තල ගුවන් තොටුපලේ […]
දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු රජයේ ඉහළ බලධාරීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද එක්වීමට නියමිතයි. සිය දෙදින නිල සංචාරය නිම කිරීමෙන් අනතුරුව අනිද්දා දිනයේදී ඔහු දිවයිනෙන් පිටත්වීමට නියමිත බව සදහන්.
ශ්‍රී ලංකා විස්සයි-20 පිල – ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රජිත. කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් වන්නේ ලසිත් මාලිංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන අයයි. ඉවත් වුණු ක්‍රීඩකයින් […]
නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව, අනිද්දා පස්වරු 9 සිට පසුදා පස්වරු 3 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 9, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම කොටුව සහ පිටකොටුව යන ප්රදේශවලටද […]
ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. අද දිනය වනවිට එම ජලාශයෙන් සියයට 42 කට ආසන්න ප්‍රතිශතයක් පිරී ඇති බව මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරු පී.එස් බණ්ඩාර ප්‍රකාශ කළා. මේ හේතුවෙන් ඉදිරි මහකන්නයේදී ගොවීන්ට බාධාවකින් තොරව ජලය ලබාදිය හැකි බවද මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරුවරයා පැවසුවා. එම ජලාශයේ සමස්ථ ජල […]
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග විවෘත සංවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.
හලාවත මහාධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අද යලි දෙවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. ඇප කොන්දේසි අවස්ථා දෙකකදී කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රීවරයා හලාවත මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය අද නියෝග කර අතර 2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා ගිනි අවියක් ළඟ තබා ගත් සිද්ධියකට […]
ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව එම දර්ශකය තුළ ශ්‍රී ලංකාව සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බව සදහන්. 2018 වසරේදී ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානයේ පසුවුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දර්ශකයේදී ඉදිරියට පැමිණ ඇති අතර 2000 […]
පානදුර – නල්ලූරුව මුහුදු වෙරළේ සගවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කළුතර දිසා අපරාධ ඒකකය විසින් සොයා ගෙන තිබෙනවා. එම ඒකකයට ලද තොරතුරක් මත අද පෙරවරුවේ මෙලෙස මත්කුඩු කිලෝග්‍රෑමයක් සොයා ගත් බව පොලීසිය සදහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් […]
ඉදිරි ජනපතිවරණය හේතුවෙන් සමස්ත දිවයිනටම බල පවැත්වෙන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේකනය මේ විට නිකුත් කර තිබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම ලබන නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට අදාළ ජනපතිවරණයේ තැපෑල් ජන්ද ප්‍රකාශ කිරීමට මේ මස 31 සහ නොවැම්බර් 01 වෙනිදා අවස්ථාව හිමිවෙනවා. තැපෑලෙන් […]
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය සද තරණය සදහා නව ඇදුම් කට්ටලයක් හදුන්වා දී තිබෙනවා. නාසා ආයතනය පවසන්නේ මෙම ඇදුම් කට්ටලය නවින තාක්ෂනය උපයෝගී කරගෙන නිපදවූවක් බවත් එමෙන්ම එම අභ්‍යවකාශ ඇදුම් කට්ටලය ඉතා පහසු වත්මන් ISS ( ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ) යේ කාර්ය මණ්ඩලයට සමාන ඇදුමක් බවයි.
ඉදිරි ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සදහන් කරනවා. විශේෂයෙන් බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාව මේ පිලිබදව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා […]