ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 35ක් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. නාමයෝජනා භාරදීමේ කාලවේලා මේ වන විට අවසන්ව තිබෙනවා. එමෙන්ම නාමයෝජනා සදහා විරෝධතා පල කිරීමේ කාලයත් මේ වන විට අවසන්ව තිබෙනවා. මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාවේදී ආරම්භ වී […]
2019 ජනාධිපතිවරනය සදහා ඇප මුදල් තැම්පත් කර නාමයෝජනා භාර නොදුන් අපේක්ෂකයින් අතර කුමාර වෙල්ගම මහතාත් සිටින බව වාර්තා වෙනවා. ඇප මුදල් තැම්පත් කල අපේක්ෂකයින් 41 දෙනෙකු අතරින් තුන්දෙනෙකු නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරනොදෙන බවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ කුමාර වෙල්ගම, මහීපාල හේරත් සහ චමල් රාජපක්ෂ යන ඇප මුදල් තැම්පත්කල අපේක්ෂකයනුයි.
ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස 2019 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත්කල චමල් රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍ර භාර නොදෙන බව නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එමෙන්ම මහීපාල හේරත් මහාතාද ඇප මුදල් තැම්පත් කලද නාමයෝජනා භාර නොදෙන බවයි දැනුම් දී තිබෙන්නේ.මේ වන විට අපේක්ෂකයන් 35දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.
නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිසන් සභාවේදී මේ වනවිට සිදු කෙරෙනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නාමයෝජනා භාරදීම මේ වන විටත් සිදුකර ඇති අතර ඇප මුදල් තැම්පත් කල අපේක්ෂකයින් 41 […]
පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන්.
සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් සියලුම සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 251 කින් අඩු කර තිඛෙනවා. ගෑස් මිළ සූත්‍රයට අනුව එම මිළ අඩු කිරීම සිදුවන බව ජීවන වියදම් කමිටුවේ සාමාජික අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා. මේ අනුව දැනට රුපියල් 1676 ක් ලෙස පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිළ රුපියල් 1425 දක්වා අඩුවනු ඇති.
දෙහිවල සත්වොද්‍යානය සහ සියත TV, සියත FM එකතුව සංවිධානය කරන්නා වූ ලෝක ළමා දින සැමරුම හෙට දිනය පුරා දෙහිවල සත්වොද්‍යානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. හෙට උදෑසන 8.00 මෙය ආරම්භ කරන අතර අවුරුදු 12 ට අඩු පොඩිත්තන්ට නොමිලේ ඇතුළුවිය හැකියි. කුරුළු සංදර්ශන, මුහුදු සිංහ සංදර්ශන සහ අලි සංදර්ශන, චිත‍්‍ර තරග, ගායන සහ නිවේදන තරග ඇතුළු පොඩිත්තන්ට […]
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළා. ඡන්දය ප්‍රකාශ කිරිමේදී සාම්ප්‍රදායිකව කතිරය භාවිත කළ හැකි නමුත් කතිරය භාවිත කිරීමෙන් පසුව අංක යොදුව හොත් එය අවලංගු ඡන්දයක් බවට පත්වන බව ඔහු පැවසුවා. ඒ අනුව ඉලක්කම් […]
ඉදිරි ජනපතිවරණය සදහා නාම යෝජනා භාර දෙනු ලබන්නේ ඔක්තෝබර් 07 දායි. ඒ හේතුවෙන් එදිනට ආරක්ෂාවට පොලිසියෙන් 1700 ක් පමණ පිරිසක් යොදවා තිබෙන බව සදහන් වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ද රථ වාහන අංශයේ නිලධාරීන්ද යොදවා තිබෙන බවයි.
ශ්රී ලාංකිීය ගායන වැඩසටහන් ඉතිහාසයේ ප‍්‍රථම හා එකම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් රියලිටි වැඩසටහන වන සියත වොයිස් ඔෆ් ඒෂියා 20 / 20 මුලික හඩ පරීක්ෂණ අද ආරම්භ වුණා. ඒ මාතලේ ග‍්‍රෑන්ඞ් මවුන්ට් හෝටල් පරිශ‍්‍රයේ දීයි. කුරුණෑගල මහනුවර මාතලේ නුවරඑළිය හා කෑගල්ල නියෝජනය කරමින් අයදුම්පත් යොමු කල තරගකරුවන්ට මේ සදහා කැදවීම් සිදු කර තිබෙනවා. මුලික වටයේ හඩ […]
මෙවර ජනපතිවරණයට යම් හෙයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් මෙය ඉතිහාසයට එක්වන ජනපතිවරණයක් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.