News Line| Off Air
Generic placeholder image

Sep
20

උසස් පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ ලබන 24 වනදා සිට

Generic placeholder image

උසස් පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග ලබන 24 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය නර්තනය / භරත නැටුම් / පෙරදිග සංගීතය / කර්ණාටක සංගීතය / බටහිර සංගීතය / නාට්‍ය හා රංග කළාව ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග එදින ආරම්භ වීමට නියමිතයි. එම ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග ඔක්තෝම්බර් 6 වනදා දක්වා පැවැත්වෙනවා. ඉංජිනේරු තාක්ෂණවේදය ප‍්‍රායෝගික පරීක්ෂණ […]


Sep
20

මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය දේපළ අවභාවිතය තහනම් – මැතිවරණ කොමිසම

Generic placeholder image

රාජ්‍ය උත්සව සහ රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප‍්‍රවර්ධනය හෝ අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සදහන් කලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධානවලට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. මහජන මුදල් වැය කරමින් […]


Sep
20

අරවින්දගේ කලිසම ගැලවුණ ඇරිස්ටෝටල්ගේ වදන

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Sep
20

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අදින් ඇරඹේ

Generic placeholder image

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දීයි. ප‍්‍රදර්ශනයේ ආරම්භ වුනේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකොබ් මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ප‍්‍රදර්ශනය අද සිට ලබන 29 වනදා දක්වා පෙරවරු 09 00 සිට රාත‍්‍රී 09 00 දක්වා පැවැත්වීමට නියමිතයි.කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සදහා මෙවර වෙළද කුටි 445 ක් ඇතුළත්. විදේශ […]


Sep
20

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එහි නියෝජිතයින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සදහන්.


Sep
20

දුම්රිය ධාවනය යළි යථා තත්වයට

Generic placeholder image

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයට හේතුව සංඥා පද්ධතියේ මෘදුකාංග වල දෝශයක් බව හෙළිව තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ එය මේ වන විට යථා තත්වයට පත් කර ඇති බවයි.ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ද සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කලා. සංඥා දෝශය ඇති වුනේ මරදාන සහ කොළඹ කොටුව අතර […]


Sep
20

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර

Generic placeholder image

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබෙනවා. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවූවා. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණය වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කර තිබෙනවා. එම නිසා පාපන්දු සම්මේලනයේ සභාපති […]


Sep
20

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු පාර වැසෙයි

Generic placeholder image

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සමෘද්ධි නිලධාරින් මේ වන විට බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරත වෙනවා. මේ හේතුවෙන් බොරැල්ල සහ බත්තරමුල්ල සහ ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වන අතර විරෝධතාවය හේතුවෙන් දියත උයන ආසන්නයේ සිට පාර්ලිමේන්තුව දෙසට වන මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.


Sep
20

අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ හිටපු ටියුනීසියා ජනපති දිවියෙන් සමුගනී

Generic placeholder image

අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ හිටපු ටියුනීසියා ජනපති සිනේ එල් අබිදීන් බෙන් අලී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ටියුනීසියාවෙන් පළාගිය ඔහු මේ දක්වා සෞදි අරාබියේ ජීවත් වී ඇති අතර මියයන විට ඔහු 83 වැනි වියේ පසුවුණා. ටියුනීසියානු හමුදා නිලධාරියකු වූ බෙන් අලී 1987 දී එරට අගමැති ධුරයට පත්ව ඇති අතර එම වසරේදිම සාමකාමී […]


Sep
20

හේමසිරි සහ පූජිත්ට නීතිපතිවරයා ගොනු කල ප‍්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ලබන 09 වෙනිදා

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාර ගත සිටිි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම අද යළි විභාගයට ගැනුණු අතර නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ඔක්තෝබර් මස 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය […]


Sep
20

එජාපයේ අපේක්ෂකයා නම් කිරීම ලබන 24 දා සිදුකරයි

Generic placeholder image

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම හා එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24 දා සිදුකිරිමට නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලිඛිත ඉල්ලීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා. එසේ ඉල්ලීම් කර ඇත්තේ අමාත්‍ය සජිත් […]


Sep
20

වත්තල රෙදි අලෙවි සැළක් ගිනි ගනී

Generic placeholder image

වත්තල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. මෙය රෙදි පිළි අලෙවි සැළක් වන බව වාර්තා වෙනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post