News Line| Off Air
Generic placeholder image

Aug
21

නව යුධ හමුදාපතිට යුරෝපා සංගමයේ විරෝධය

Generic placeholder image

ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය යොමු කර ඇති දැඩි අවධානයට පුර්ණ සහය ලබාදෙන බව යුරෝපා සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ කොළඹ පිහිටි කාර්යාලය පෙන්වා දෙන්නේ අදාල පත් කිරීම තුළින් සංහිදියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක් වන බවයි. පසුගිය මාර්තු […]


Aug
21

දිවයින පුරා තද වැසි

Generic placeholder image

දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ. එ අනුව සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි […]


Aug
21

පාස්කු ප්‍රහාරයට අදට මාස 04 යි

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට මාස හතරක් ගතවී තිබෙනවා. මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කලේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය / කොළඹ කෝච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය / මඩකලපුව සියොන් දේවස්ථානය / කොළඹ ශැංග්‍රිලා හෝටලය / කිංග්ස්බරි හෝටලය / සිනමන් ග්‍රෑන්ඞ් හෝටලය සහ දෙහිවල ලැගුම් හලක් ඇතුලු ස්ථාන 07 ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයෙන් පුද්ගලයින් […]


Aug
21

රටට සෙත් පතා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අදයි

Generic placeholder image

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අද පැවැත්වෙනවා. සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය අද රාත්‍රියේදි සිදු කිරීමට නියමිතයි. සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට අද රාත්‍රි 09.00 […]


Aug
20

අකිල පරීක්‍ෂණයට චෙන්නායි යයි

Generic placeholder image

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නැවතත් චෝදනා එල්ල වී සිටින පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණය සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර පරීක්‍ෂණාගාරයකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අනිද්දා (22) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව අකිල පරීක්‍ෂණය සඳහා චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතයි. […]


Aug
20

ස්ටීවන් ස්මිත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

Generic placeholder image

එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ස්ටීවන් ස්මිත්ට ලීඞ්ස්හිදී අනිද්දා (22 වැනිදා) ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය අහිමිවී යන බව ඕස්ට්‍රෙිලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා අද (20 වැනිදා) ස්ථීරව ප්‍රකාශ කර තිබෙනවා. සිවුවැනි දිනයේදී ජොෆ්රා ආචර් යැවු පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට […]


Aug
20

රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා අස්වෙයි

Generic placeholder image

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරයෙන් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වනවා. එතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර පසුගිය ජනවාරී මස 10 වන දින රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධූරයට පත් වී තිබෙනවා.


Aug
20

සතොස හිටපු සාමාන්‍යාධිකාරිට ඇප

Generic placeholder image

සතොස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කලේ විත්තිකරු ඉදිරිපත් කල අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි. රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත විත්තිකරු මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළා. ස.තො.ස ආයතනයේ හිටපු […]


Aug
20

චන්ද්‍රයාන් දෙක යානය චන්ද්‍රයාගේ කක්ෂයට

Generic placeholder image

චන්ද්‍රයාන් දෙක යානය චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුළත් වී ඇති තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ යානාව මේ වන විට කක්ෂය වටා සංචාරය කරමින් පවතින බවයි. ඉදිරි දින කිහිපය තුළ යානාව චන්ද්‍රයා මතට මෘදුව ගොඩබැස්වීමට නියමිත බව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහන් කලා. චන්ද්‍රයා මත මෘදුව යානාවක් ගොස් බස්වන ප්‍රථම අවස්ථාව මෙයයි. චන්ද්‍රයාන් දෙක යානය පසුගිය 22 […]


Aug
20

ලකුණු දාගමු, ගොම ගාගමු

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Aug
20

රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

Generic placeholder image

රටේ ශ්‍රම බලකායට විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ “මෙහෙවර පියස” ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරුණා. 2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500ක්. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් […]


Aug
20

දහම්පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

Generic placeholder image

පසුගිය මාර්තු මාසයේ පැවති දහම්පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. මධ්‍යස්ථාන 868 කදී පැවති මෙවර විභාගයට අපේක්ෂකයන් 77,643 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සමත්ව ඇත්තේ 35,421 දෙනෙකු පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම විභාගයේ ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post