නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බංගලාදේශයේ සංචාරයක යෙදී සිටිනවා. හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පුහුණුකාර ධුරය දරන මෙම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ තරුණ ක්‍රීඩකයන් රැසක්. මේ අතරින් කාගේත් අවධානය යොමුව තිබෙන්නේ “පොඩි මාලිංග” ලෙස හැඳින්වෙන නුවන් තුෂාර දෙසට යි. සුපිරි ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් […]
ශල්‍ය කර්මයකට මුහුණ දීල මං කරාපිටියෙ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර අරන් ඉන්න වෙලාවෙ මට අල්ලපු ඇඳේ හිටිය මනුස්සයගෙ ඇඹිලිපිටියෙ පැත්තෙ…….එයා බලන්න ගෙදරින් ආවෙ ගෑණු මනුස්සයයි……අවුරුදු හතරක් පහක් විතර ඇති පුංචි කොළු පැටියෙකුයි….මේ අයගෙ ඇඳුම පැළඳුමේ ඉඳල ශරීර කූඩු දැක්කාම මට දැනුන එයාල ජීවිතය ගැටගහගන්න විඳින දුක….. ලෙඩ්ඩු බලන වෙලාව අහවර වුනේ හවස හයට….. අර අහිංසක කොලු […]
පොල් ගස් කැපීම තහනම් කරමින් නීති පනවන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කර තිබෙනවා. පොල් ගස ද ගස් වැවීමේ පනතට එක්කරන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර තල්, දෙල් සහ කොස් යන ශාක මෙම පනත යටතට ඇතුලත්. ඊට අදාළ නීති යටතේ ඒවා කපා දැමීම ද දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක්. එම නීති පද්ධතියට පොල් ගස ද […]
බටහිර පැපුවා ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැඳවියන් 250 කට අධික පිරිසක් පලාගොස් තිබෙනවා. ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර මෙම රැඳවියන් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බව සදහන්. කෙසේවෙතත් පලාගිය සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු යලිත් බන්ධනාගාරය වෙත පැමිණ […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව සඳහා පාර්ලිමේන්තු අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව, තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සදහන්. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය මැයි 22 වනදායි.
කෙත්හේන පවිත්‍රාගාරයේ අලූත්වැඩියාවක් නිසා කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුන ඇතුළතදී ජල සැපයුම විටින් විට අත්හිටුවීමට සහ අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට මෙලෙස විටින් විට ජලසැපයුම අත්හිටවනු ඇති බව එම මණ්ඩලය නිවේදනය කර […]
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය හෙට (22) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සංකල්පයකට අනුව මෙම සේවාව සිදුකරන අතර මහනගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබනවා. කොළඹ […]
බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට සිට ඉදරියට දින 03 ක් කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා. ඒ අනුව හෙට සවස 2 සිට පසුදින අලුයම 1 යි 30 දක්වා මාර්ග අංක මහරගම – දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරය සහ බෙල්ලන්තර හංදිය දක්වා රථවාහන ධාවනය සීමා කෙරෙන අතර 23 වනදා බොරලැස්ගමුව හංදිය, […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නැතිව සෘජුව සෙනග අතරට යාමෙන් වලකින ලෙස බුද්ධි අංශ සදහන් කළා. ඔවුන් දෙදෙනාට පවතින ප්‍රභල ජීවිත තර්ජන තහවුරු වී ඇති ඇතර නිසි ලෙස ශරීර පරීක්ෂාවන්ට ලක් නොවූ පිරිස් රැඳී සිටින ප්‍රදේශ වලට පිවිසීමේදී වඩාත් සැලකිලිමත් ලෙස ඔවුන්ට අනතුරු හඟවා තිබෙනවා. ජනාකීර්ණ […]
පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා. මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් වන […]
මෙරටට ආවේණික හූනන් විශේෂ හයකට ජාතික වීරයන්ගේ නම් ලබා දී ඇත්තේ එම වීරයන්ට ගෞරව කිරිමේ අරමුණින් බව පරිසරවේදීන් සදහන් කරනවා.මෙම පර්යේෂණයට සමබන්ද පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න මහතා පැවසුවේ ද්වීපද නාමකරණයට හා ජාත්‍යන්තර නාමකරණ ක්‍රමවේදයට අනුව ගරු කටයුතු පුද්ගලයින්ගේ නාම යොදමින් එම සත්ව විශේෂ දේශිය අන්‍යන්‍යතාව සමගින් ජාත්‍යන්තරයට හදුන්වා දීම මෙම ජාතික වීරයින්ගේ නම් හුන්නට දැමීමට […]
එක්සත් ජාතික පක්ෂයේ ජේ්‍ය්ෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද කැඳවා තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. මේ අතර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතු බව එක්සත් ජාතික […]