News Line| Off Air
Generic placeholder image

Aug
12

” සජිත් එනවා ” හරීන්ගේ බදුලු රැළිය අදයි

Generic placeholder image

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් අද බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයෙදී ජන රැළියක් සංවිධානය කර තිබෙනවා. ඒ ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින්ය. ඒ අනුව ඉදිරි ජනපතිවරණය සදහා එතුමාට සහය පල කිරීමට විවිධ පාර්ශව තිරණය කර ඇති අතර මෙම රැලිය එහි ආරම්භයක් බව පැවසෙනවා.


Aug
12

මීළග ජනපති ගෝඨා නොවෙයි මහින්ද හිතන හැටි හරියන්නේ නෑ – මංගල කියයි

Generic placeholder image

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීම හරහා සිය රාජපක්ෂ පවුලටම නැවත මේ රටේ පාලනය ගෙන යෑමට ඉඩ ලබා දෙන්නක් බවයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වන විටත් රුපියල් බිලියන 11 ක රුපියල් මිලියන 03 ක මුල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩුවක්ද ඇති බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හිතන විදියට […]


Aug
12

කොචින්වලට අද සිට යළිත් ගුවන් ගමන්

Generic placeholder image

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ඇති වූ ගංවතුර සහිත ආපදා තත්ත්වය මත වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් මගී ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද උදෑසන කොචින් බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා. පසුගිය අගෝස්තු 09 වන දින උදෑසන හදිසියේම ඇති වූ ගංවතුර […]


Aug
12

පෝයට-ඉරිදාට ටියුෂන් තහනම් කල යුතු බවට කාදිනල් හිමියන්ගෙනුත් ප්‍රකාශයක්

Generic placeholder image

කොටුගොඩ ශුද්ධවූ කයිතාණූ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දේවමෙහෙයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ දහම් අධ්‍යාපනයට ඉඩ ලබා දෙමින් පොහොය දිනවල සහ ඉරිදා දිනවල උදේ වරුවේ ටියුෂන් පන්ති තහනම් කිරීමේ යෝජනාවට තමන් සහාය පළ කරන බවයි. දරුවන්ගේ දහම් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වැදගත් බව පැවසු කාදිනල් හිමිපාණන් ආගමයි දේශපාලනයි දෙකම එකම මාවතක නොයන බව […]


Aug
12

පක්ෂයට එරෙහි වන සියලු දෙනාට විනය පියවර ගන්නා බවට දයාසිරිගෙන් චෝදනා

Generic placeholder image

ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පියවර ගන්න බවයි. මෙයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සදහන් කලේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ […]


Aug
12

නම් කළ අපේක්ෂකයා පොහොට්ටුවේත් නිදහස් පක්ෂයේත් අවසාන අපේක්ෂකයාද?

Generic placeholder image

ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බවයි. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට අයිතිය ඇති බවත් සිය […]


Aug
12

පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන එජාපෙ ජවිපෙත් ප්‍රතිචාර දක්වයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබේනවා. ඒ අනුව එකසත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයාට පරාජය කිරීමට පහසුම ප‍්‍රතිවාදී අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව එජපෙ ප්‍රකාශ කරනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් […]


Aug
12

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභයගේ නම් කිරීමෙන් දිවයින පුරා සැමරුම්

Generic placeholder image

ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේළනයේදි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරිමත් සමගම දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුටසමරනු ලැබූ බව වාර්තා වෙනවා.ඒ අනුව ගම්පහ, හැටන්, නාවලපිටිය, ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව කිරිබත් පිස මෙම අවස්ථාව සැමරූ බවයි […]


Aug
12

හජ් උත්සවය අදයි

Generic placeholder image

ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික අංගයක් වන හජ් උත්සවය අදට (12) යෙදී තිබෙනවා.හජ් උත්සවය ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ ජීවන චර්යාවන් සමග බැදී තිබෙන්නක් වන අතර ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ පරිත්‍යාග සහ කැපකිරීම් සිහි කරමින් දං දීම සහ මක්කම වන්දනාව වැනි සංකේතාත්මක පිළිවෙත් හජ් උත්සවයේදී සිදු කරනවා. නමුත් එවැනි සංඛේතාත්මක පිළිවෙත්වලටත් වඩා වැදගත් වන්නේ නබිතුමන් ලෝකයට ලබා දුන් […]


Aug
12

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය අද අනුරාධපුරයට

Generic placeholder image

ඊයේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවෙදී ප්‍රකාශයට පත් වුණු පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි […]


Aug
12

දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වෙයි

Generic placeholder image

දිවයිනේ වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වා ද වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව,ඇතුළු ඇතැම් පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති අතර ගිගුරුම් සහිත වැසි ඇති වන […]


Aug
11

ගෝඨාභය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සමකාමී හා විනය ගරුක මැතිවරණයක් බවට පත් කිරීමට කැපවීමෙන් දායකත්වය ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදු කරනවා. එමෙන්ම මැතිවරණ ප්‍රචාරය සදහා කිසිදු ආකාරයකින් පොලිතින් හෝ ප්ලාස්ටික් නිර්මාණ භාවිතා නොකරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. පරිසර හිතකාමී විනයගරුක මැතිවරණයක් උදෙසා තමන් සමග කැපවෙන ලෙස එතුමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post