News Line| Off Air
Generic placeholder image

Jul
23

පළමු වතාවට රුසියානු හමුදා ගුවන් යානයකට දකුණු කොරියාව වෙඩි තබයි

Generic placeholder image

දකුණු කොරියාව පළමු වතාවට රුසියාවට අයත් ඒ 50 නම් වූ හමුදා ගුවන් යානයකට දකුණු කොරියානු ආරක්‍ෂක අංශ අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, දකුණු කොරියානු ගුවන් සීමාවට අදාළ ගුවන් යානය පැමිණීමත් සමග බව වාර්තා වෙනවා. දකුණු කොරියාව පවසන්නේ රුසියානු ගුවන් යානය සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බවයි. කෙසේවෙතත් රුසියාව අදාළ චෝදනා ප්‍රතික්‍ෂේප කර […]


Jul
23

සිඩ්නි නුවරින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 273 ක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවරදී මෙතෆෙටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 273 ක් රැගත් වෑන් රථයක් පොලිස් මෝටර් රථයක ගැටීම හේතුවෙන් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. සිඞ්නි නුවර ඊස්ට්වුඞ් නැමති තදාසන්න ප්‍රදේශයේදී මෙම 28 හැවිරිදි රියදුරු පොලිස් රියේ වෑන් රථය ගැටීමෙන් අනතුරුව පලාගොස් ඇති බව සඳහන් වන අතර ඉන් පැයකට පමණ පසු එය ලූහුබැඳ ගොස් වෑන් […]


Jul
23

වසර 50කට පෙර අතුරුදන්වූ සබ්මැරීනයක් සොයා ගැනේ

Generic placeholder image

වසර 50කට පෙර අතුරුදන්වූ සබ්මැරීනයක් ප්‍රංශ නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ප්‍රංශයට අයත් මිනර්ව් සබ්මැරීනය එරට දකුණු මුහුදු තීරයේ යාත්‍රා කරමින් සිටින අතරතුර ටුලොන් වරාය ආසන්නයේදී අතුරුදන් වුයේ 1968 වර්ෂයේදීයි. සබ්මැරීනයේ සිටි නාවිකයන් පනස් දෙදෙනාද සමගින්ය. අතුරුදන් සබ්මැරීනය සහ පිරිස සොයා ප්‍රංශය දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුකළද ඒ සියල්ල අසාර්ථක වූ අතර […]


Jul
23

පගාව ගත් සැරයන්වරයෙකුට වසර 4ක සිරදඬුවමක්

Generic placeholder image

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් සැරයන් වරයෙකුට වසර 16ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර හතරකින් ගෙවිය යුතු බව නියම කළා. ඊට අමතරව විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් නියම කරන බවද තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සිය නියෝගයේ සඳහන් කර තිබෙනවා. නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වල නිරතව සිටි […]


Jul
23

සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනතක් ළගදීම

Generic placeholder image

සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනත ළගදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එම පනත හරහා රජයේ සහ පෞද්ගලික මෙන්ම සෙසු සියලු පාසල්දඅධීක්‍ෂණය කළ හැකි බව මෙහිදී ඔහු කියාසිටියා. පාසල් දරුවන්ට නොමිලේ කිරි පැකට්ටුවක් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට අද (23) පෙරුවරුවේ එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ […]


Jul
23

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

බංග්ලාදේශ සංචාරයෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කරන ලෙසට කී‍්‍රඩා අමාත්‍යවරයා කළ නියෝගය පිළිබඳ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. කෙසේවෙතත් අදාළ නියෝගය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියා. ඒ අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැත්වෙන සාකච්ඡාවේ ප‍්‍රතිඵල […]


Jul
23

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ ජල කප්පාදුවක්

Generic placeholder image

අඹතලේ ජල පවිත්‍රාගරයේ ප්‍රධාන පරීක්ෂණ නලයේ සිදු වු හදිසි බිද වැටීමක් හේතුවෙන් අද පස්වරු 06 සිට හෙට පෙරවරු 10 දක්වා පැය 16 ක කාලයක් කොළඹ ප්‍රදේශ ගණනාවක ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. එ අනුව කොළඹ 03,04,05,06 සහ හෝකන්දර යන ප්‍රදේශවලට එම කාලය තුලදි සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවනු […]


Jul
23

එළුවන් 53 කගේ ජීවිත බේරෙයි

Generic placeholder image

නිතීවිරෝධී ලෙස වෑන් රථයකින් එළුවන් පනස් තුන්දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදූව, කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී අදාළ සැකකරුවන් ඊයේ(22) අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් කුරුණෑගල, නාරම්මල සිට කොළඹට එළුවන් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සමබන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශව ආරම්භ කර තිබෙනවා.


Jul
23

දුම්රිය බලඇණියට නව බලවේග කට්ටලයක් සහ නව එන්ජිමක්

Generic placeholder image

දුම්රිය දෙපාර්තමෙන්තුවේ දුම්රිය බල ඇණිය වර්ධනය කරමින් ඉන්දියාවෙන් ගෙන්වූ එස් 13 වර්ගයේ නව බලවේග කට්ටලයක් සහ එම් 11 වර්ගයේ නව එන්ජිමක් එක් කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇනවුම් කර ඇති මුළු ද්විත්ව බලවේග කට්ටල සංඛ්‍යාව 6ක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම බලවේග කට්ටලය සමඟ බලවේග කට්ටල 4ක් දැනටමත් […]


Jul
23

ශේෂ්ඨාධිකරණයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක්

Generic placeholder image

වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිලිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශේෂ්ඨාධිකරණය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර තිබෙනවා. නියෝගය ලබාදී ඇත්තේ ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය […]


Jul
23

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය සහ විපක්ෂනායක අතර සාකච්ඡාවක්

Generic placeholder image

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල […]


Jul
23

වසර කිහිපයකට පසු ටෙස්ට් තරගයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් ඇරයුම්

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් පාකිස්තානයට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලිමක් කර තිබෙන බව වාර්තා වෙනවා. 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ දී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු කිසිඳු ක්‍රිකට් කණ්ඩායමක් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කළේ නැහැ.එවන් පසුබිමකදී ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී […]


News Articles
Latest Videos
Most Popular Post