News Line| Off Air
Generic placeholder image

Jul
20

ෆේස්බුක් හරහා සිදුකළ තවත් මුදල් වංචාවක්

Generic placeholder image

ෆේස්බුක් හරහා අඩු පොලියට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන්නැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දුන්නා. මේ දිනවල ක්‍රියාත්මක flashcashloan.lk නැමති ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටියා. අඩු පොලියට ණය ලබාදෙන බව පවසා මහජනතාවගේ මුදල් වංචා කරන මෙවැනි සිදුවීම් රැසක් මීට […]


Jul
20

ඉහළ යන තිරිගු පිටි පාලනයටත් මිල සූත්‍රයක්?

Generic placeholder image

තිරිගු පිටි මිල පාලනය සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි සදහන් වන්නේ. තිරිගු පිටි සමාගම් අවසරයකින් තොරව මිල වැඩි කිරීම හේතුවෙන් ඒ සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලයේ එකගතාව පළ වී තිබෙනවා. එහිදී අමාත්‍යවරුන් […]


Jul
20

ඉරානය විසින් පැහැරගත් බි‍්‍රතාන්‍ය ධජය සහිත නෞකාව නිදහස් නොකළොත් දඩි පියවර

Generic placeholder image

ඉරානය විසින් අත්අඩංගුවට ගත් බි‍්‍රතාන්‍ය ධජය සහිත නෞකාව නිදහස් නොකරන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි පියවර ගන්නා බව බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ පවසනවා. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමිහන්ට් පවසන්නේ නාවිකයින් 25 දෙනෙකුගෙන් යුත් නෞකාව පිළිබද කිසිදු තොරතුරක් මේ වනතෙක් ලැබීනොමැති බවයි. නෞකාව අවසන් වරට ඉරානය දෙසට ගමන් කරමින් සිටි බවයි බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ සදහන් කළේ. ඉරාන ආරක්ෂක අංශ […]


Jul
20

රූමස්සල කඳු වැටිය අසල මුහුදේ අනතුරට ලක්වූ නෞකාවේ තෙල් ඉවත් කිරීම අරඹයි

Generic placeholder image

රූමස්සල කඳු වැටිය අසල මුහුදු ප‍්‍රදේශයේදී අනතුරට ලක් වූ වෙළද භාණ්ඩ නෞකාවේ තිබෙන තෙල් තොග ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු බව වාර්තා වෙනවා. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප්‍රකාශ කලේ පරිසර අවධානම අවම කිරීමේ අරමුණෙන් නෞකාවේ තිබෙන තෙල් ටොන් 15 ක් පමණ ප්‍රමාණයක් මෙසේ ඉවත් කරන බවත් […]


Jul
20

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ තරඟ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

Generic placeholder image

මෙම මස 26 වැනිදා ආරම්භ වන සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 22 කු ඇතුළත් වන අතර නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි. තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වනවා. දිමුත් කරුණාරත්න කුසල් ජනිත් පෙරේරා අවිෂ්ක ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිව්ස් ලහිරු […]


Jul
20

ප්‍රේමදාසලා දකුණු පය පෙරට තිබ්බොත් ආයෙ පස්සට ගන්නේ නෑ – සජිත් කියයි

Generic placeholder image

219 වන උදා ගම්මානය වන මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල – අරංගල ඉදිවු විජේරත්න බණ්ඩාපුර ගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට පසුගිය දා (19) එක්වෙමින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිකළ නිවාස 26ක් ජනතා අයිතියට පත්කිරීම සඳහා එක්වු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් […]


Jul
20

ටී – 56 සජීවි පතොරොම් 581ක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

ඔඩ්ඩුසුඩාන් – නැදුන්කර්නි – ඔදියමලේ ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ටී – 56 සජීවි පතොරොම් 581ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර සැකකරු 32 හැවිරිදි අයෙකු වන බව සදහන්.


Jul
20

O/L-A/L අසමත් අය ජනාධිපතිවරයට ඉදිරිපත් කිරීම උගත් සමාජයට කරන අපහාසයක්

Generic placeholder image

ජාතික ආරක්ෂාව තහවුරු කරණ වැඩපිළිවෙලක් රටට අවශ්‍යව ඇති බව ගාල්ලේ පැවති ජාතික මග වැඩසටහනට එක් වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළවත් අසමත් පුද්ගලයින් ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ නම් එය රටේ සිටින උගත් සමාජයට කරන බලගතු අපහාසයක් බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියා. තවද අනාගත වැඩ […]


Jul
20

අධික වර්ෂාව නිසා ජලාශ රැසක් වාන් දමයි

Generic placeholder image

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව නිසා කදුකරයේ දිය ඇලි ගණනාවක් ජල මට්ටම වැඩි වි ඇති අතර තලවකැලේ සෙන් ක්ලෙයාර් හැටන් දිඹුල ඩෙවොන් දිය ඇල්ල , වටවල කැරොලයිනා දියගල ඇල්ල සහ ලක්ෂපාන දිය ඇල්ලේ ජල මට්ටම මෙසේ ඉහල ගොස් ඇති බව් අ වාර්තා වෙනවා. එමෙන්ම පවතින වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ […]


Jul
20

කෝලි තම ඉදිරිගමන පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී

Generic placeholder image

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට තේරී පත් වීමට අසමත් වීමත් සමඟම ඉන්දියානු පිලට එරට ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉතා ප්‍රචණ්ඩකාරී චෝදනාවන් රැසක් එල්ල වුණා. මේ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඇතුලු කණ්ඩායම දඩි අපහසුතාවයකින් පසු වුණා. විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව වෙත කණගා‍ටුව ද ප්‍රකාශ කර සිටියා. පසුව ඉන්දීය නායක විරාත් කෝලි කිසිදු […]


Jul
20

කැබිනට් පත්‍රිකා 84කට අනුමැතිය හිමිවේ

Generic placeholder image

කැබිනට් රැස්වීම ඊයේ (19) රාත්‍රි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වෙනවා.පසුගිය අඟහරුවාදා පැවැත්විමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එදින නොපැවති බව වාර්තා වුණා. ඒ අනුව ඊයේ පැවැත්වූ කැබිනට් රැස්විමේදී ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකා 84කට අනුමැතිය හිමි වූ බව ලකී ජයවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.


Jul
20

පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය තාවකාලිකව වැසේ

Generic placeholder image

සිසුන් හා පාලනාධිකාරිය අතර පවතින ගැටලුවක් හේතුවෙන් පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව වාර්තා වෙනවා.පසුගිය 13 වන දින සිට මෙම පීඨයේ අධ්‍යන කටයුතු තාවකාලික නවතා තිබෙන අතර මීට හේතු වී ඇත්තේ අප්‍රේල් 21 ඇති වු ත්‍රස්ත ක්‍රියාවත් සමග විශ්ව විද්‍යාලය තුල ආරක්ෂිත කැමරා සවි කිරිමට පාලන අධිකාරිය ගත තීරණයත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post