සෝෆා ගිවිසුම නිදහසින් පසු ශ්‍රි ලංකාව විදේශයක් සමග අත්සන් කෙරෙන විශාල ගිවිසුම බවත් මෙය අත්සන් කළොත් රටට විශාල ප්‍රතිවිපාක ගෙනදෙන ගිවිසුමක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.එ ඊයේ බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයෙදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. ඒ මහතා ප්‍රකාශ කලේ සෝෆා ගිවිසුමෙන් එක්සත් ජනපද හමුදාවන්ට භාණ්ඩ හා […]
කොළඹ සිට යාපනය කන්කසන්තුරය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ගවයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ගව රංචුවක් දුම්රියේ ගැටී ඇත්තේ තාණ්ඩිකුලම් දුම්රිය ස්ථානය ආසන්නයේ දීයි. දුම්රියේ ගැටීම හේතුවෙන් තවත් ගවයින් 10 ක් ට පමණ තුවාල සිදුවී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකදී දුම්රියේ ගැටීම හේතුවෙන් ගවයින් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් […]
මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම ලබන 05 වනදා සිදු කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මාතලේ නව මහාධිකරණයේ විනිසුරු ලෙස පත්කොට ඇත්තේ මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතායි. මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 41 ක්. මාතලේ දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 850 ක මුදලක් වැය කරමින් […]
සෑම තරගයක්ම පරාජය කිරිමට උත්සහ කළ ද අවසන් පුර්ව වටයට පැමිණිමට නොහැකි වුවත් පස්වැනි තැනට හෝ පත්වීමට බලාපොරොත්තු වන බව තුන් ඉරියව් ක්‍රිඩක ධනංජය ද සිල්වා පවසනවා. ” අපි හැම තරගයක්ම ජයගන්න උත්සහ කළා.නමුත් දැන් අපිට අවසන් පුර්ව තරගයට එන්නට බැරි තත්වයක් තියෙන්නේ. පස්වැනි තැනට පත් වෙන්න පුළුවන්. එ නිසා ඉන්දියාව පරාජය කරලා පස්වැනි තැනට […]
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද ජනාධිපති කොමසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, පාසල් පෙළ පොත්වල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ වර්ණ ඡායාරූපයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදු වූ බව කියන මූල්‍ය පාඩුව සම්බන්ධ පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම සඳහායි. අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය පලමුවනදා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. 2018 වසරේ අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන […]
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියෙදි සංචාරක ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු ක්‍රිඩා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම් අතර පැවැති තරගයෙදි කඩුළු 02 කින් ජයගැනිමට ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම සමත් වුණා. පලමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු ක්‍රිඩා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයෙදි කඩුළු 06 ක් දැවි ලකුණු 268 ක් රැස්කළ අතර පිළිතුරු […]
තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් ඇමරිකාවේ නිළසංචාරයකට සුදානම් වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ තායිවාන රජයේ මෙම නිවේදනය චීනය කෝප ගැන්වීමට හේතු වී ඇති බවයි. තායිවාන ජනාධිපතිනියට ඇමෙරිකාවට පැමිණීමට ඉඩ නොදෙන්නැයි චීනය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තායිවානය චීනයේ පළාතක් බවත්, තායිවානයට රාජ්‍යයක් හා ගනුදෙනු කිරීමට කිසිදු අයිතියක් නැති බවයි චීනය පවසන්නේ ඇමෙරිකාව මේ වන තෙක් තායිවානය […]
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොණු කළ රීට් පෙත්සම පිළිබද වැඩිදුර විභාගය අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි. ඊයේ පෙත්සම කැඳවනු ලැබුවේ පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති බැවින් අභියාචනාධිකරණයට එය විභාග කිරීමට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. කෙසේ වෙතත් පෙත්සම මගින් […]
විදෙස් ඔත්තු සේවාවක් මෙරට තුළ ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලබන 07 වනදායින් පසු රට හෙළිදරව් කරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ණය බරින් ජනතාව පෙළෙන සංවර්ධනයක් වෙනුවට ආදායම් උපයන සංවර්ධන ක්‍රියාවලියක් වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ආයතන මගින් සිදු කළ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙන්ම භෞතික සංවර්ධනයට […]
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සිදු කල දීප ව්‍යාප්ත සුරාබදු මෙහෙයුම්වලදීපුද්ගලයින් 1 814 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස නිපදවු ස්ප්‍රීතු අලෙවි කිරීම සම්බන්ධයෙන්. වයස අවුරුදු 21 කට අඩු පුද්ගලයින් සදහා දුම්වැටි අලෙවි කල වෙළදසැල් හිමියන් 68 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් පුද්ගලයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ […]
අද(03) උදෑසන යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දුම්රිය උද්ඝෝෂණයක් හේතුවෙන් පැයක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වෙනවා. මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත්තේ පසුගිය ජූනි මස 25 වන දින කිලිනොච්චි භාරති පුරම් ප්‍රදේශයේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී හමුදා සෙබළුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විමට […]