එළඹෙන පොසොන් පොහොය බියෙන් හෝ සැකෙන් තොරව ශ‍්‍රද්ධාවෙන් සමරන්නැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සියලූ බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. වන්දනා ගමන් සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ද අවහිරයක් නොමැති බවයි අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ. ගෙවුනු වෙසක් පොහොය ශ‍්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට සැමරීමට සිදුවූයේ ආරක්ෂාව පිළිබඳ සැකසංකා ද පවතිද්දීයි. එහෙත්, මේවනවිට රටපුරා ආරක්ෂාව තහවුරු කර […]
පාසල් වල ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන් සම්බන්ධ කර ගැනීම නතර කල යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය යළි දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කලේ ඇතැම් පාසල් වල ආරක්ෂක කටයුතු සදහා මව්පියන් යොදා ගැනීමේ දී ඔවුන් අපහසුතාවයට පත් වන සිදුවීම් ද වාර්තා වී ඇති බැවින් මෙම පියවර ගත් බවයි. ගැබිණි මව්වරුන් ද ආරක්ෂක කටයුතු සදහා යොදා […]
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී නාවික හමුදා නිලධාරියා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අදාළ සිද්ධියේ 11 වන සැකකරු ලෙස නම් කර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික නිලධාරී සංජීව ප්‍රභාත් සේනාරත්න […]
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 2015/2018 වර්ෂවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා. මඩකලපුව – පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙම හමුවට පැමිණ ඇත්තේ. එම කොමිසමට අද දිනයේ අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කළමනාකාරවරයා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව තජිකිස්ථානයේ දුෂාන් බේ නගරයේදී අද ආරම්භ වන අතර ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊට සහභාගි වීම සඳහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සමුළුව ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේදී බහුජාතික සංසදයක් ලෙස […]
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන විත් තිබෙනවා. අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවෙනවා.
ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින්, ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා. මාසයක් තුළ සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් එකගතා මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බවයි ජාතික සේවක සංගමයේ උපලේකම්, සුනිල් ද සිල්වා මහතා කියා […]
ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 4 කට අදාල විමර්ශන කඩිනමින් අවසන් කර එම ලිපිගොනු තමන් වෙත එවන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝග කර තිබෙනවා. කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් පිරිසකට සහ මුතූර් හි ‘‘ඇක්ෂන් ප්ලෑන්’’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ […]
අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්විමට තීරණය කර ඇති අතර මෙය ලිඛිතව දැනුම්දී ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පැවසුවා. විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් පසුගිය 07 වනදා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීම සදහා පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් එහිදී මතභේදකාරි තත්ත්වයක් හට ගත් බව වර්තා […]
ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කර තිබෙනවා. සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මෙලෙස පත් කරනු ලැබුවා.
ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති කරුණුවලට අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද(13) […]
මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා 8,000ක පමණ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත සඳහන් කරනවා. ඒ යටතේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 4,000ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,000ක්, සිවිල් ආරක්ෂක භටයන් 2,000ක් ආදී වශයෙන් මෙසේ ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිතයි. එමන්ම සුවිශේෂී රථවාහන සැලැස්මක්ද […]