News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

පක්ෂ නායක විරෝධය නොතකා ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ විසින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව හෙට (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. අද පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ. එම යෝජනාව ගෙන ඒමට බහුතරයක් වන පක්ෂ නායකයන් විරෝධය දක්වද්දී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් […]


Feb
6

මධූෂ්ට ඩුබායිහිදි නීතිමය පියවර

Generic placeholder image

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.


Feb
6

රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57000යි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57,000 කට අධික බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් ඔහු මේ බව කියා සිටියා. සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසමින්, වත්මන් රජය පනස් දහසකට ආසන්න උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණවලට කැදවීමට ඉකුත් වසරේ කටයුතු කළත් ඉන් රැකියා ලබාදී ඇත්තේ […]


Feb
6

රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

Generic placeholder image

රූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා. එම සේවකයින් අලෙවි කළමනාකරුගෙන් ආයතනයට සිදුවු පාඩුව පියවා ගන්නා ලෙස ඉල්ලා සභාපතිගේ කාර්යාලය වටලමින් එහි උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා.


Feb
6

අභිමානයෙන් සැමරුණ ගම්පහ ජාතික නිදහස් උත්සවය

Generic placeholder image

71 වැනි ජාතික නිදහස් සැමරුණ පසුගිය 4 වෙනිදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණා. ඊට සමගාමීව ගම්පහ නගර සභාව , ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පාසල එක්ව එය අද සමරා තිබුණේ මේ ආකාරයටයි.  


Feb
6

හතුරුසිංහ ඉවත් කිරීමට නීතිඥ සහය ලබා ගැනීමට බලධාරීන්ගේ සූදානමක් ?

Generic placeholder image

දිගින් දිගටම පරාජය වෙමින් විනාශයට ඇද වැටෙමින් තිබෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජය මාවතට ගෙන ඒමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසින් අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉවට් කිරීමට කටයුතු සුදානමින් පවතින බව වාර්තා වෙනවා. ඒ කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී තිබෙනුයේ සිය තනතුරෙන් ඉවත් වීමට චන්දික හතුරුසිංහ අකමැත්ත පල කිරීමත් සමගයි. චන්දික හතුරුසිංහ කණ්ඩායමට […]


Feb
6

පෙනහළු බද්ධයටත් සූදානම් – රාජිත

Generic placeholder image

ඉදිරියේදී පෙණහළු බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ඊයේ (05දා) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. “නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු අක්ෂි කාච ලක්ෂ 03 ක් බද්ධ කර තිබෙනවා. අවයව බද්ධ කිරීම් ආරම්භ […]


Feb
6

නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය විවෘත කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමේ එක් පියවරක් ලෙසින් අංක 1 කුමාරන් රත්නම් පාර කොළඹ ටික ලිපිනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ ස්ථාපිත කරන ලද නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය 2019 පෙබරවාරි මස පස්වන දින පස්වරුවේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් විවෘත කරනු ලැබුවා. ලේඛනාගාරය තුළ ශ්‍රි ලංකා පොලිසියේ ඉතිහාසය රාජ […]


Feb
6

අන්තිම අවුරුදු 02 දී මම කියපු කිසිම දෙයක් කවුරුත් ඇහුවේ නෑ – හිටපු ජනපති

Generic placeholder image

තම පාලන කාලයේ අවසන් අවුරුදු දෙකේදී තමන් පැවැසූ කිසිවක් එවක අගමැති, ඇමතිවරු හා ඇතැම් නිලධාරීන්ද ගණන් නොගත් බවත් ඒ අනුව තමන්ට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ දමිල මාධ්‍යෙව්දීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ හා පිළිතුරු 18 […]


Feb
6

ලන්ඩන් නුවර කලබලයක් ඇති වුවහොත් රජපවුල ආරක්ෂිත ස්ථානයකට

Generic placeholder image

බ්‍රෙක්සිට් ගිවිසුමෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ලන්ඩන් නුවර කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් එලිසබත් රැජින ඇතුලු රජ පවුලේ අය බකිංහැම් මාලිගයෙන් ඉවත් කරලීමේ රහස් මෙහෙයුමක් දියත් කිරීමට තීරණය වී තිබෙනවා. මාර්තු 29 වැනිදාට පෙර බ්‍රෙක්සිට් ගිවිසුම පාර්ලිමේන්තු සහාය ලබාගැනීමට තෙරේසා මේ රජය සැලසුම් කර තිබේ මේ අතර 92 හැවිරිදි වියේ පසුවන එලිසබත් රැජින පැවසුවේ බ්‍රෙක්සිට් ගිවිසුම ගැන […]


Feb
6

මධූෂ් ඇල්ලූ මෙහෙයුමේ ගෞරවය ලතීෆ්ටයි – රන්ජන්

Generic placeholder image

අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට හා ඔහුගේ කණ්ඩායමට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙනවා.


Feb
6

මාලදිවයින් ජනාධිපති යළි සිය රට බලා පිටත්වෙයි

Generic placeholder image

71 වන ජාතික දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා ඇතුලු දූත පිරිස මෙරට රාජ්‍ය සංචාරය නිමාකරමින් ඊයේ (05) රාත්‍රීයේ යළි මාලදිවයින බලා පිටත්ව ගියා. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය […]


News Articles
Latest Videos
Most Popular Post